Thursday, April 14, 2022

 

පර්ත් නුවර අවුරුදු - 2022


ගිරවුන් කෑ ගසා යන කල උදෑසන
වත්තේ මල් බලයි උන් දෙස යොමා නෙත
එරබදු මල් මතක රුව නැත මා මනස
බැංකේසියා මල් පමණකි සිනාසෙන

අහසේ පිපී ඇත්තේ මහ කළුවර ය
බෙහෙතට පවා නැත හිරු රැස් උදෑසන
අවුරුදු කොහි ද දුරු රට නැත කොහෝ හඬ
හිරු සැඟවී ගියෙ කොහිදෝ දෝ උදෑසන

කොහෝ ගැයූ ගී මාලා මැකුණු දින
කොකබරු හඬ ය වියරුව ගිය උදෑසන
අහසේ තැවරි දුක පමණකි සනාතන
එරබදු මල් කොයි ද රුව නැති උදෑසන

ඉර පායා ගණ කළුවර මැකේවි          දෝ
අවුරුදු සුවඳ ගොළු මුහුදෙන් ඇසේවි    දෝ
කොහෝ ගයන ගී මාලා ඇසේවි         දෝ
#GotaGoGamata අවුරුදු    ඇසේවි      දෝ 


(සුනිල් ගෝවින්නගේ)