Thursday, April 27, 2023


 AUTUMN IN JOONDALUP

ජුන්ඩලප් හි සරත් ඍතුව

හිරුගෙ රැස් අතර මැද දවස් වියැකෙන අතර

ගස් කොළං සූරමින් නිහඬ ලෙස 

හෙලා තුරු පත් සැවොම

සරත් ඍතුවේ දවස් නටන්නට පටන් ගෙන


අහස සේලය සදයි අළු පැහැති

ලොව ම සූදානම්ය යාච්ඤා කරන්නට

ලොව ට දැන් අහිමි වූ නිරුවත් ව කෙසඟ වූ

පෙර දවස හරිත පැහැ තුරු ලතා ගෙනෙන්නට


සරත් ඍතු දිනපතා රාත්‍රිය පුරවද්දි

සීත සුළගක් හමයි කෙඳිරියක් නගා ගෙන

වසන්තයෙ සුවඳ මට දැනෙන තුරු

මුළු ලොව ම යයි නිහඬ නින්දක ට


නිහඬ සැන්දෑ සමය වැසී යයි

සරත් ඍතු සෙවනැලි ද සැඟව සිටිනා අතර

සොබාදමෙ කටුක බව

මෙනෙහි කරනට මෙදින බල කරයි 


සරත් දින මගේ හද, ආත්මය හොරා කෑව ද නිතර

සරත් ඍතු දිනපතා වේගයෙන් සරසද්දි

සොබාදහමේ පැහැය කලා කෘතියක් ලෙසින

කාලගුණ වෙනස්කම් වැළද ගත යුතුය මා