බස ලැබ නැත
හද හඬ මිස
රිද්මය එය වෙයි සුමිතුර
මා ලියනා කවි පද මැද
කඩනු කෙලෙස රිද්මය හද
ලියනා කල සුළු කවි පද
වියැකෙන කල මා ගත අද
රැඳේ රිද්ම මා හදවත
ලියනා කවි නැත මනහර
වේ ය එකවි මා හද හඬ
එහි ගැවසෙන දුක නිබඳව
නසන ඔසු ය කවි රිද්මය
නැත මා කවි ගෙනෙන දැක්ම
ඔබ ගැවසෙන කවි පියසට
හදේ රිද්ම කඩා නිබඳ
කෙලෙස ලියනු නොමැති දස්න!
සිහල බසක් නොමැති රටක
කෙලෙස සදනු දැනුම එබස
ලියනාමුත් සිහල බසින
ලියනා කවි නොමැත පළව!
නොමැත ලැබූ දැනුම සබඳ
ගැවසෙනු මිස නිබඳ මෙතෙර
රිද්ම රඳා මා හදවත
ලියනු කවි ද නොදකින ඔබ!
නොමැත ලැබූ දැකුම සබඳ
රිද්ම මිසක මා ගැවසෙන
මා විසඳන පැණ නැත ලොව
මම කවියෙකි නැණ සැර නැති
Wednesday, September 30, 2009
Monday, September 28, 2009
පරාක‍්‍රමගෙන් ඔවදනක්
බස ලැබ ඔබ ලියනා කවි
අසමි හදේ රිද්ම අතර
එහෙත් රිද්ම කඩා නිතර
ලිවිය යුතු ය ඔබේ දැක්ම
මත් දහයේ විරිත් අතර
ඔබ සිරවී සිටිනු දකිමි
එහෙත් රිද්ම කඩා නිතර
ලිවිය යුතු ය ඔබේ දැක්ම
එතෙර ඔබේ ලැබූ දැක්ම
සිහල බසට දමා දැනුම
ඇතැයි සිතේ අසනා කල
ඔබ ලියනා කවි පද මැද
මෙතෙර අපේ කවි පද හඬ
වහා තවත් ලොවකට බැඳ
ලියනු නිතර සදා නිබඳ
කඩා ඔබේ රිද්ම සබඳ
දකින දැක්ම ලබා අතට
පැණ විසඳන නුවණ ද ගෙන
සිහල බසට දි දී දැනුම
ලිවිය යුතු ය ඔබේ දැක්ම
(2009 මැයි මස 1)
අසමි හදේ රිද්ම අතර
එහෙත් රිද්ම කඩා නිතර
ලිවිය යුතු ය ඔබේ දැක්ම
මත් දහයේ විරිත් අතර
ඔබ සිරවී සිටිනු දකිමි
එහෙත් රිද්ම කඩා නිතර
ලිවිය යුතු ය ඔබේ දැක්ම
එතෙර ඔබේ ලැබූ දැක්ම
සිහල බසට දමා දැනුම
ඇතැයි සිතේ අසනා කල
ඔබ ලියනා කවි පද මැද
මෙතෙර අපේ කවි පද හඬ
වහා තවත් ලොවකට බැඳ
ලියනු නිතර සදා නිබඳ
කඩා ඔබේ රිද්ම සබඳ
දකින දැක්ම ලබා අතට
පැණ විසඳන නුවණ ද ගෙන
සිහල බසට දි දී දැනුම
ලිවිය යුතු ය ඔබේ දැක්ම
(2009 මැයි මස 1)
අවසන් ගීතය
ඉපදෙන හැම සිතුවිල්ලම
විසිරෙන මල් පියලි පමණි
පැතුම් නොමැති හදවත රැඳි
රූප මැකී යන විට රැය
රුක් අත්තන මල් පොකුරක
පැහැය ගලා යයි හනිකට
අහස ද ගැබ් බර වූ පැය
කටරොල් මල් පැහැය මකා
වැසි වට දින නිම වූ කල
අහස ද වැළපෙයි තනිව ම
දකුණු තරුව සොයා දෑස
වැළපෙන කල රැය තනිව ම
නිල් අහසක පැහැය රැඳුණු
මතක මැකී යන විට හද
ගෙවුණු ගමනෙ පිය සටහන්
වියකෙයි කාලය අත හැර
සුනිල් ගෝවින්නගේ
2008 සැප්තැම්බර් 30)
(ජුන්ඩලප්, බටහිර ඔස්ටේ‍්‍රලියාව)
විසිරෙන මල් පියලි පමණි
පැතුම් නොමැති හදවත රැඳි
රූප මැකී යන විට රැය
රුක් අත්තන මල් පොකුරක
පැහැය ගලා යයි හනිකට
අහස ද ගැබ් බර වූ පැය
කටරොල් මල් පැහැය මකා
වැසි වට දින නිම වූ කල
අහස ද වැළපෙයි තනිව ම
දකුණු තරුව සොයා දෑස
වැළපෙන කල රැය තනිව ම
නිල් අහසක පැහැය රැඳුණු
මතක මැකී යන විට හද
ගෙවුණු ගමනෙ පිය සටහන්
වියකෙයි කාලය අත හැර
සුනිල් ගෝවින්නගේ
2008 සැප්තැම්බර් 30)
(ජුන්ඩලප්, බටහිර ඔස්ටේ‍්‍රලියාව)
Thursday, September 24, 2009
දුඹුරු වූ නිල් නදිය
(ඩෙනිස් හැස්කල් කවියාට)
මෑතක දි කැලණි ගඟ
හරහ යන්නට බැරි ව
දුක් වෙමින් සිටි දිනක
මිතුරු කවියෙකු සමග
කළෙමු තරණය සොඳින
දුඹුරු ඩැනියුබ් නදිය
කැලණි ගඟ ලෙසින් අද
දුඹුරු වූ මේ නදිය
අසිරිමත් එකක් බව
ඇසූවෙමි කුඩා කල
මුළු ලොව ම වෙනස් වී
මහළු වන යුගයක් ය
නීල ඩැනියුබ් නදිය
දුඹුරු වී ඇත මෙදින
නිල් දියක් පෙනෙන්නට
නොමැත ඇස් මානයක
නිල් නදිය ලෙස ඇසූ
ගඟ වෙනස් වී මෙ දින
රැගෙන යන්නට පැමිණි
නීල ඩැනියුබ් මතක
මා සිටින ගම් රටට
මට නොහැක ගෙන යන්න
මහළු වූ මේ නදිය
අසිරිමත් නැත මෙ දින
කැලණි ගඟ මට හොඳා
මතකයේ රඳවන්න
(2005, බුඩාපේස්ට්, හංගේරියාව)
මෑතක දි කැලණි ගඟ
හරහ යන්නට බැරි ව
දුක් වෙමින් සිටි දිනක
මිතුරු කවියෙකු සමග
කළෙමු තරණය සොඳින
දුඹුරු ඩැනියුබ් නදිය
කැලණි ගඟ ලෙසින් අද
දුඹුරු වූ මේ නදිය
අසිරිමත් එකක් බව
ඇසූවෙමි කුඩා කල
මුළු ලොව ම වෙනස් වී
මහළු වන යුගයක් ය
නීල ඩැනියුබ් නදිය
දුඹුරු වී ඇත මෙදින
නිල් දියක් පෙනෙන්නට
නොමැත ඇස් මානයක
නිල් නදිය ලෙස ඇසූ
ගඟ වෙනස් වී මෙ දින
රැගෙන යන්නට පැමිණි
නීල ඩැනියුබ් මතක
මා සිටින ගම් රටට
මට නොහැක ගෙන යන්න
මහළු වූ මේ නදිය
අසිරිමත් නැත මෙ දින
කැලණි ගඟ මට හොඳා
මතකයේ රඳවන්න
(2005, බුඩාපේස්ට්, හංගේරියාව)
Sunday, September 20, 2009
අමරදේවයන්ට ලියූ කවියක්
ඇදෙමි මහ නිල් ගැබට ඔබේ හඬ අසන්නට
වැදෙමි තුරු ලතාවට ඔබේ වෙණ සොයන්නට
සොයමි සමුදුරු ඉවුරු ඔබේ හඬ පාව එන
කරමි සමුදුරු තරණ ඔබේ මියැසිය දෙසට
දුකෙන් ගත පෙළෙන විට
ඔසු රැගෙන එන ගීත
තනිකමේ ගිලෙන විට
අත් වැළක් වන ගීත
සසර දුක පිපී නිති
බිය වැඩෙන විට මහද
අසමි ඔබ මියුරු සර
බිය නිවා හද සැනිණ
අමර සත් සර මවන
මියුරු ගී මුව රඳන
ගඳඹ ඔබ වේ මහඟු
සසර දුක නිවෙන තුරු.
(2006, දෙසැම්බර් 5, පර්ත්, ඔස්ටේ‍්‍රලියාව)
(මතක පිළිරැවි කාව්‍ය සංග‍්‍රහයෙනි. ගොඩගේ ප‍්‍රකාශනයක්)
අසන්න සුනිල් එදිරිසිංහ ගායකයාගේ හඬින්:
http://http://www.sinhalajukebox.org/cgi-bin/songs.cgi?action=ShowTracks&start=200&artist=A012&compose=
වැදෙමි තුරු ලතාවට ඔබේ වෙණ සොයන්නට
සොයමි සමුදුරු ඉවුරු ඔබේ හඬ පාව එන
කරමි සමුදුරු තරණ ඔබේ මියැසිය දෙසට
දුකෙන් ගත පෙළෙන විට
ඔසු රැගෙන එන ගීත
තනිකමේ ගිලෙන විට
අත් වැළක් වන ගීත
සසර දුක පිපී නිති
බිය වැඩෙන විට මහද
අසමි ඔබ මියුරු සර
බිය නිවා හද සැනිණ
අමර සත් සර මවන
මියුරු ගී මුව රඳන
ගඳඹ ඔබ වේ මහඟු
සසර දුක නිවෙන තුරු.
(2006, දෙසැම්බර් 5, පර්ත්, ඔස්ටේ‍්‍රලියාව)
(මතක පිළිරැවි කාව්‍ය සංග‍්‍රහයෙනි. ගොඩගේ ප‍්‍රකාශනයක්)
අසන්න සුනිල් එදිරිසිංහ ගායකයාගේ හඬින්:
http://http://www.sinhalajukebox.org/cgi-bin/songs.cgi?action=ShowTracks&start=200&artist=A012&compose=
භාග්‍යයවත් බුද්ධිමතා
ෂක් ඩෙරීඩා ගැන ද
තවත් පඬිවරුන් ගැන
මා කියූ දේ ඇසූ
ඔහු දෙඩූ බස් එදින
මවිතයක් වීය මට
මා සිතා සිටි විලස
ඔවුන් ඔබ රටේ ඇති
ත‍්‍රස්තයන් නොවන්නෙ ද?
අසයි ඔහු නොයෙක් පැන!
ෂක් ඩෙරීඩා ගැන ද
මයික් ෆූකෝ ගැන ද
කියා දුන්නෙමි ඔහුට
මගේ තුනි දැනුම මැන
මා කියූ බස් අසා
ඔහු වහා මවිත විය.
ප‍්‍රති වදන් ලැබිණ මට
හදිසියේ ඇද හැලෙන
අසිනි වැස්සක් විලස
"ඔබ සිතන්නේ කිම ද?
තබා ඔබ දෙපා බිම
සිටිය යුතු වේ නිබඳ
සිතට ගනු මැන සබඳ
දර්ශනේ කිම අරුත?
පණ නොමැත සාහිත්‍ය පොත අතර
මේ රටේ වෙසෙන ඔබ
ඔස් වදන් දොඩන‘යුරු
ගැන සොයා බැලිය යුතු
පිහිට වනු ඇත ඔබට
කළමනාකරණය ද
කළ මැනවි උපාධිය
පිහිට වෙනු ඇත ඔබට”
මෑතක දි ලබා ගත්
නිල රියේ යතුර මට
හිස උඩින් පෙන් වීය
මම පයින් ඇවිද්දෙමි
දුම්රියෙන් ගෙදර යන්නට
හනික!
තවත් පඬිවරුන් ගැන
මා කියූ දේ ඇසූ
ඔහු දෙඩූ බස් එදින
මවිතයක් වීය මට
මා සිතා සිටි විලස
ඔවුන් ඔබ රටේ ඇති
ත‍්‍රස්තයන් නොවන්නෙ ද?
අසයි ඔහු නොයෙක් පැන!
ෂක් ඩෙරීඩා ගැන ද
මයික් ෆූකෝ ගැන ද
කියා දුන්නෙමි ඔහුට
මගේ තුනි දැනුම මැන
මා කියූ බස් අසා
ඔහු වහා මවිත විය.
ප‍්‍රති වදන් ලැබිණ මට
හදිසියේ ඇද හැලෙන
අසිනි වැස්සක් විලස
"ඔබ සිතන්නේ කිම ද?
තබා ඔබ දෙපා බිම
සිටිය යුතු වේ නිබඳ
සිතට ගනු මැන සබඳ
දර්ශනේ කිම අරුත?
පණ නොමැත සාහිත්‍ය පොත අතර
මේ රටේ වෙසෙන ඔබ
ඔස් වදන් දොඩන‘යුරු
ගැන සොයා බැලිය යුතු
පිහිට වනු ඇත ඔබට
කළමනාකරණය ද
කළ මැනවි උපාධිය
පිහිට වෙනු ඇත ඔබට”
මෑතක දි ලබා ගත්
නිල රියේ යතුර මට
හිස උඩින් පෙන් වීය
මම පයින් ඇවිද්දෙමි
දුම්රියෙන් ගෙදර යන්නට
හනික!
ශ්‍රී ලංකාවට නොදැන් වූ සිතුවිල්ලක්
නුවණ ඇතැයි සිතා සබඳ
නොසොයනු මැන මගේ නුවණ
නොමැත ඇසූ පිරූ තැන් ද
ගෙවුණු දෙපා පමණි සිරුර
සිරි ලක පැන විසඳන ලෙස
නොඅසනු මැන යළිත් මගෙන්
පැන විසඳන දැනුම සෙවූ
හිස ද හඬයි අනුවණ ලෙස
ලක් පැන මහ දිග ගව්වකි
සිරි ලක මිතුරන් දිවයන
එහි ගැවසෙන වරමක් නැති
මම කවියෙකි නැණ සැර නැති
ගඟක් සොයා නිල්ල පිරුණු
ගිය ගමනකි කවියෙකු හා
ඔහු නොදනී සිරි ලක කවි
සුදු කවියන් වඳී එතුම
සොයා බැලූ ඩැනියුබ් ගඟ
පවා එදින මහළු විලස
දුඹුරු පැහැති මඩ අරගෙන
දැනුම පවා සැඟවී මට
හිම කන්දක අණු සැඟවුණු
මාවත්වල ගිය ගමන් ද
සිහිතල බව කිව හැක මට
එය නුවණක් නොවේ සබඳ
මා වෙසෙනා මේ ජය බිම
පුරා සැදූ වලවල් නෙක
සුදු මිනිසුන් රට පටවත
කළු භූ ගත නිධි පිරි නැව්
මේ රට හැම බිම් අඟලක
උරුමය ලද කළු සොයුරන්
මැරෙනා කල ආයු නැතිව
වැළපෙමි මම දිවා රැයේ
මේ හැම පැන විසඳන්නට
නුවණ සොයා වෙහෙසෙන කල
කාලය වියැකෙයි හනිකට
දියවෙයි හැම දින හිම ලෙස
දියවෙන කළ ලද කාලය
ජය බිම වෙත රැඳිය යුතු ය
කාන්ඳු වන්නට පෙර පණ
විසඳන්නට එහි නෙක පැන
නොසොයනු මැන මගේ නුවණ
නොමැත ඇසූ පිරූ තැන් ද
ගෙවුණු දෙපා පමණි සිරුර
සිරි ලක පැන විසඳන ලෙස
නොඅසනු මැන යළිත් මගෙන්
පැන විසඳන දැනුම සෙවූ
හිස ද හඬයි අනුවණ ලෙස
ලක් පැන මහ දිග ගව්වකි
සිරි ලක මිතුරන් දිවයන
එහි ගැවසෙන වරමක් නැති
මම කවියෙකි නැණ සැර නැති
ගඟක් සොයා නිල්ල පිරුණු
ගිය ගමනකි කවියෙකු හා
ඔහු නොදනී සිරි ලක කවි
සුදු කවියන් වඳී එතුම
සොයා බැලූ ඩැනියුබ් ගඟ
පවා එදින මහළු විලස
දුඹුරු පැහැති මඩ අරගෙන
දැනුම පවා සැඟවී මට
හිම කන්දක අණු සැඟවුණු
මාවත්වල ගිය ගමන් ද
සිහිතල බව කිව හැක මට
එය නුවණක් නොවේ සබඳ
මා වෙසෙනා මේ ජය බිම
පුරා සැදූ වලවල් නෙක
සුදු මිනිසුන් රට පටවත
කළු භූ ගත නිධි පිරි නැව්
මේ රට හැම බිම් අඟලක
උරුමය ලද කළු සොයුරන්
මැරෙනා කල ආයු නැතිව
වැළපෙමි මම දිවා රැයේ
මේ හැම පැන විසඳන්නට
නුවණ සොයා වෙහෙසෙන කල
කාලය වියැකෙයි හනිකට
දියවෙයි හැම දින හිම ලෙස
දියවෙන කළ ලද කාලය
ජය බිම වෙත රැඳිය යුතු ය
කාන්ඳු වන්නට පෙර පණ
විසඳන්නට එහි නෙක පැන
Subscribe to:
Posts (Atom)
