Sri Lankan police have rounded up hundreds of young lovers for kissing in public following complaints that the overt displays of affection caused embarrassment to others, an official said Thursday. COLOMBO (An Extract from AFP news report) -
What an honourable act by the Sri Lankan Police
Rounding up hundreds of young lovers kissing in public!
Having assisted the Government to squash
The world worst terrorist group
The Police force don't want be an idle group
And continue to act in good faith to keep the country in line.
What an honourable act by the Sri Lankan Police
Rounding up hundreds of young lovers kissing in public!
Should the young lovers feel disheartned?
Should they feel betrayed?
Should they feel unpatriotic?
Should they take a boat ride to Australia?
The young lovers should understand the Government Policy
They only trying to creat a magnificent country in Asia
And show our magic to the World
The police will act in good faith
And show our magic to the World!
Thursday, June 10, 2010
Saturday, May 22, 2010
එතර සිට කරන ඉල්ලීමකි
ලියන්නේ කවි කුමට මතක සඟවන රටට
ලැබෙන්නේ නැත සරණ ලියූමුත් කවි නිබඳ
පතන්නේ කවි බසක් නොව හදකි බස් දොඩන
සිතන්නේ ගං වතුර ඔබේ රට ගොදුර වෙන
දෙරට තොරතුරු අතර ශෝකයකි ගං වතුර
ලියන කවියක් වුව ද පාරුවක් නොවනු ඇත
බඩගින්න මැද හඬන දුක් තැවුල් මැකෙනු නැත
කවි මගින් එවන්නට නොමැත තිළිණයක් අද
දෙව් බඹුන් උරණ වී එවූ මහ වැස්සක් ද
සරණ නැති දන නෙතට නැගි කඳුළු ගංඟා ද
රට රකින නිරිඳුන්ට එවු සාප වැස්සක් ද
ලියා දන්වනු මැනවි දිනෙක කිවිසුරු සබඳ
2101 මැයි 20
ලැබෙන්නේ නැත සරණ ලියූමුත් කවි නිබඳ
පතන්නේ කවි බසක් නොව හදකි බස් දොඩන
සිතන්නේ ගං වතුර ඔබේ රට ගොදුර වෙන
දෙරට තොරතුරු අතර ශෝකයකි ගං වතුර
ලියන කවියක් වුව ද පාරුවක් නොවනු ඇත
බඩගින්න මැද හඬන දුක් තැවුල් මැකෙනු නැත
කවි මගින් එවන්නට නොමැත තිළිණයක් අද
දෙව් බඹුන් උරණ වී එවූ මහ වැස්සක් ද
සරණ නැති දන නෙතට නැගි කඳුළු ගංඟා ද
රට රකින නිරිඳුන්ට එවු සාප වැස්සක් ද
ලියා දන්වනු මැනවි දිනෙක කිවිසුරු සබඳ
2101 මැයි 20
Thursday, May 13, 2010
උද්දාමය
ඒ දිගු අවුරුදු ඔස්සේ
මම සැනසුම සොයා ගියෙමි
ආනන්දය සමු වි ය මට
උමතු බව ද සමු වි ය මට
හුදෙකලාව සමු වි ය මට
හදවත මා පහුරාලන
තනිවීමේ වේදනාව සමු වි ය මට
එනමුත් මා සෙවු සැනසුම
සමු වූයේ නැත මට නම්
වයස ගෙවී වියපත් වී
අවසානය ලං වූ කළ
ඔබ හදවත දැන ගත්තෙමි
මා දැන ගත් දැනුම තුළින්
සැනසුම පිරි උද්දාමය සමු විය මට
තනි ව විසූ යුගයට පසු
සෙනෙහස පිරි ජීවිතයේ
අරුත කුමක් විය යුතු දැ යි
දන්නෙමි මම
දැන් මා නෙත් වැසී ගියත්
සියළු පැතුම් සපුරා ගත්
නින්දක් මට නිදත හැකි ය.
(1976)
(මෙය බි‍්‍රතාන්‍ය ජාතික දර්ශන වාදියකු වූ බර්ට‍්‍රන්ඞ් රසල් සිය ආත්ම චරිතාපදානයට ඇතුලත් කළ කවියක පරිවර්තනයකි)
මම සැනසුම සොයා ගියෙමි
ආනන්දය සමු වි ය මට
උමතු බව ද සමු වි ය මට
හුදෙකලාව සමු වි ය මට
හදවත මා පහුරාලන
තනිවීමේ වේදනාව සමු වි ය මට
එනමුත් මා සෙවු සැනසුම
සමු වූයේ නැත මට නම්
වයස ගෙවී වියපත් වී
අවසානය ලං වූ කළ
ඔබ හදවත දැන ගත්තෙමි
මා දැන ගත් දැනුම තුළින්
සැනසුම පිරි උද්දාමය සමු විය මට
තනි ව විසූ යුගයට පසු
සෙනෙහස පිරි ජීවිතයේ
අරුත කුමක් විය යුතු දැ යි
දන්නෙමි මම
දැන් මා නෙත් වැසී ගියත්
සියළු පැතුම් සපුරා ගත්
නින්දක් මට නිදත හැකි ය.
(1976)
(මෙය බි‍්‍රතාන්‍ය ජාතික දර්ශන වාදියකු වූ බර්ට‍්‍රන්ඞ් රසල් සිය ආත්ම චරිතාපදානයට ඇතුලත් කළ කවියක පරිවර්තනයකි)
Saturday, May 8, 2010
රැයේ ගෙදර එන දරුවෙකුට
රැය මැරෙන විට හෙටට
සොරෙකු ගෙට එන විලස
ඔබ ගෙදර එයි ඇඳට
දරුවෙකු ව පෙර විලස
නිදි නැතිව රිදෙන ඇඟ
තවන කල ඇසෙයි මට
ඔබ කහින හඬ නිබඳ
රැහියියන් නැති රැයක
මගේ සිත දුවයි පෙර
කුඩා කල රෝගි වූ දිනක් වෙත
ඔබේ මව මෙන් මා ද
නිදි නොලද දින වූහ
ළමා විය ගලා ගොස්
ගසක් සේ වැඩුණු සඳ
ඔබ සැදුණු සැටි බලා
සතුටු වූ දින බොහො ය
කල ගෙවී පිය සෙනෙහ
අමතක ව වැඩුණ ඔබ
වැඩිහිටි ව කහින විට
දරුවෙක් ය මේ රැය ද
සොරෙකු ගෙට එන විලස
ඔබ ගෙදර එයි ඇඳට
දරුවෙකු ව පෙර විලස
නිදි නැතිව රිදෙන ඇඟ
තවන කල ඇසෙයි මට
ඔබ කහින හඬ නිබඳ
රැහියියන් නැති රැයක
මගේ සිත දුවයි පෙර
කුඩා කල රෝගි වූ දිනක් වෙත
ඔබේ මව මෙන් මා ද
නිදි නොලද දින වූහ
ළමා විය ගලා ගොස්
ගසක් සේ වැඩුණු සඳ
ඔබ සැදුණු සැටි බලා
සතුටු වූ දින බොහො ය
කල ගෙවී පිය සෙනෙහ
අමතක ව වැඩුණ ඔබ
වැඩිහිටි ව කහින විට
දරුවෙක් ය මේ රැය ද
Thursday, May 6, 2010
සොහොයුරාට ලියූ කවියක්
කියයි ඔබ වේදනා - ගත ඉරුණු වේදනා
සසර දුක කැටුව එන - ගත දවන වේදනා
කුඩා කල සිට දුකින් - කල් මැරුණු ජීවිතය
දුක දරා ගත ඉරුණු - සඟව ගත් ජීවිතය
බාල විය පිය සෙනෙහ - සැඟව ගිය දින එදින
ඔබ බියව හැඩූ සැටි -රැඳී ඇත මතකයේ
සෙල් ලිපියෙ අකුරු සේ
ලියන්නට අප පුවත් - වෙනස් කොට අපේ වත
යා නොහැක අතීතය - වැසුණු මං පෙතකි අද
ඔබේ ගත දුක නිවන - සෙනෙහසක වදන් මිස
ලියන්නට නොහැක මට - ගයන්නට දුක් ගීය
(2010 මැයි 04)
සසර දුක කැටුව එන - ගත දවන වේදනා
කුඩා කල සිට දුකින් - කල් මැරුණු ජීවිතය
දුක දරා ගත ඉරුණු - සඟව ගත් ජීවිතය
බාල විය පිය සෙනෙහ - සැඟව ගිය දින එදින
ඔබ බියව හැඩූ සැටි -රැඳී ඇත මතකයේ
සෙල් ලිපියෙ අකුරු සේ
ලියන්නට අප පුවත් - වෙනස් කොට අපේ වත
යා නොහැක අතීතය - වැසුණු මං පෙතකි අද
ඔබේ ගත දුක නිවන - සෙනෙහසක වදන් මිස
ලියන්නට නොහැක මට - ගයන්නට දුක් ගීය
(2010 මැයි 04)
Monday, May 3, 2010
අකුණු කෙටූ රාත‍්‍රියක්
ආකාසය කුකබරකු සේ නැත වැලපෙන්නේ
බේබද්දකු සේ වහසි බස් දොඩයි.
රිදී ඊතල ගත් අකුණු සේනාපති
මා සටනට කැඳවන සතුරෙකි.
බිය වී තනි යහනේ වැතිරී සැඟ වී
මපියාණන් වෙසෙන සොහොනට සිත යවා
අන්ධකාරයට තුරුළු වෙමි.
කැළණී ගඟ සිහින පාරුවකි
සිරිපා නගින බැතිමතුන්ගේ
තුන්කවි අහස් කුසින් කිදා බසියි.
කිරි පැණි සිහිනෙන් කෑ රසක් පමණි.
මැදියමේ අවදිවන මා
හිරු ඉපදෙන තුරු
සිතුවිලි මඟක අඳුර කපමින්
සක්මන් කරමි.
බේබද්දකු සේ වහසි බස් දොඩයි.
රිදී ඊතල ගත් අකුණු සේනාපති
මා සටනට කැඳවන සතුරෙකි.
බිය වී තනි යහනේ වැතිරී සැඟ වී
මපියාණන් වෙසෙන සොහොනට සිත යවා
අන්ධකාරයට තුරුළු වෙමි.
කැළණී ගඟ සිහින පාරුවකි
සිරිපා නගින බැතිමතුන්ගේ
තුන්කවි අහස් කුසින් කිදා බසියි.
කිරි පැණි සිහිනෙන් කෑ රසක් පමණි.
මැදියමේ අවදිවන මා
හිරු ඉපදෙන තුරු
සිතුවිලි මඟක අඳුර කපමින්
සක්මන් කරමි.
Friday, April 30, 2010
නූපන් කවි
පායා නව දේදුන්නක්
විසිතුරු සිත්තමක් විලස
හිමිදිරියේ උදැසනම
මගෙ නිවසේ කවුළු වටා
සියොතුන් සරණා සඳ
සඳ හිනැහෙයි
පුර පෝදින
ගඟ පැද යයි සියොතුන් කැල
කාමරයේ ඈත එපිට
ගී ගයනා සියොතුන් කැල
මිහිරි තනු ද ගෙන එයි මට
නූපන් රිද්මයක් තුලින්
මල් පිබිදුණු වසන්තයේ
තවමත් නූපන් කවිවල
මගේ පැතුම් සිතුවම් වෙයි
මැදියම් රැය ගණඳුර මැද
සිර වූ කල
මගේ පැතුම් එයි එකිනෙක
අඳුරු රැයේ සෝක තැවුල්
විඳිනෙමි මම
බාල බොළඳ දරුවකු සේ
විසිතුරු සිත්තමක් විලස
හිමිදිරියේ උදැසනම
මගෙ නිවසේ කවුළු වටා
සියොතුන් සරණා සඳ
සඳ හිනැහෙයි
පුර පෝදින
ගඟ පැද යයි සියොතුන් කැල
කාමරයේ ඈත එපිට
ගී ගයනා සියොතුන් කැල
මිහිරි තනු ද ගෙන එයි මට
නූපන් රිද්මයක් තුලින්
මල් පිබිදුණු වසන්තයේ
තවමත් නූපන් කවිවල
මගේ පැතුම් සිතුවම් වෙයි
මැදියම් රැය ගණඳුර මැද
සිර වූ කල
මගේ පැතුම් එයි එකිනෙක
අඳුරු රැයේ සෝක තැවුල්
විඳිනෙමි මම
බාල බොළඳ දරුවකු සේ
Subscribe to:
Posts (Atom)
