Showing posts with label Koggala. Show all posts
Showing posts with label Koggala. Show all posts

Sunday, November 20, 2011

කොග්ගල දී

(මාටින් වික්රමසිංහ වියතා සිහි කරමින් ලියූ කවියකි)

ඔබේ රුව නැත වෙරළ
අසල මහ හෝටලය
පමණි මා නෙත ගැටෙන
වැසි රවන දහවලක
රුසියානු දනන් මැද
මම සිටිමි වෙරළ බඩ අසරණව

සැදූ ගම්පෙරලි රුව
තිබේ මා අවට අද
මැකුණු රුව පමණි මට
කිම වෙරළ නුහුරු මට

වෙරළ සොඳුරුය කදිම
වැසි වැටෙනමු‘ත් අවට
එහෙත් කිම මා තනිව
වෙරළ බඩ ඔබ නැතිව

යා යුතුය මා හනික
සොයා ඔබ වදන් පොත
නොදැන මා තතු සොයන
කවි බසක රුව සදන

කොග්ගල 2011-11-19