තුරුණු විය පලා ගොස් සැඟව අපටත් හොරා
ගෙවී ඇති‘මුත් දවස් වසර ගණනින් සදා
මිතුරුකම් රැඳී ඇත ගල් ටැඹක අකුරු සේ
මවා අප කළ කතා මැකෙන මතකය මරා
අසනීප වී ඔබත් රෝග පුටුවක් සදා
සිටින වග දැන්වීය ඔබේ සොයුරා එදා
පැමිණි දින මේ රටට නිවාඩුව ලැබ සොඳා
මගේ හද හැඬුවේය මිතුරු සුවයක් පතා
ජීවිතේ මං පෙතේ අප සෙමෙන් දුවන විට
අට දහම අතර මැද රෝග දුක් රැඳෙනු ඇත
ඔබ තවත් දිවි මගේ ඇවිදීම නිසැකම ය
මගේ ආයුස පවා කෙටිය අද එවන්නට
(ජූලි 2009)
Showing posts with label New poems. Show all posts
Showing posts with label New poems. Show all posts
Monday, August 31, 2009
Friday, August 21, 2009
සුදු වත ගත් සිවිල් සේවකයා
අසුර සැනින් පැන විසඳන
මෙරට සිවිල් සේවෙ සොඳුරු
අයෙකු වෙමි ය සුදු වෙස් ගත්
කළු වූවත් මා ගත සිත!
ප‍්‍රාන්තයක පැන විසඳමි
සුදු මිතුරන් අතරට වැද
පැන විසඳන නුවණ නැතත්
සති දෙකකින් ලැබෙයි වැටුප!
පැන විසඳමි අත් විදහා
සුදු වෙස් මුහුණක් පළඳා
තිසර නදිය සෙමින් ගලයි
එහි අසිරිය නෙතඟ ගැටෙයි
එහෙත් මෙරට පැන බොහෝ ය
ඒ විසඳන රුසිය නැති ය
පැන විසඳන නුවණ ලදොත්
උපන් බිමට යා හැක මට!
සුදු මිතුරන් සුමදුර වෙයි
සිකුරාදා මදු විත් එයි
පැන විසඳන නුවණ නැතත්
සති දෙකකින් වැටුප් ලැබෙයි
දුප්පත්කම නැති වී ගොස්
දහසක් රැඳි පියලි බැඳෙයි
එහෙත් මෙරට පැන බොහෝ ය
ඒ විසඳන රුසිය නැති ය
පැන විසඳන නුවණ ලදොත්
උපන් බිමට යා හැක මට!
පැන විසඳන නුවණ නැතත්
සති දෙකකින් වැටුප් ලැබෙයි
මෙරට සිවිල් සේවෙ සොඳුරු
අයෙකු වෙමි ය සුදු වෙස් ගත්
කළු වූවත් මා ගත සිත!
ප‍්‍රාන්තයක පැන විසඳමි
සුදු මිතුරන් අතරට වැද
පැන විසඳන නුවණ නැතත්
සති දෙකකින් ලැබෙයි වැටුප!
පැන විසඳමි අත් විදහා
සුදු වෙස් මුහුණක් පළඳා
තිසර නදිය සෙමින් ගලයි
එහි අසිරිය නෙතඟ ගැටෙයි
එහෙත් මෙරට පැන බොහෝ ය
ඒ විසඳන රුසිය නැති ය
පැන විසඳන නුවණ ලදොත්
උපන් බිමට යා හැක මට!
සුදු මිතුරන් සුමදුර වෙයි
සිකුරාදා මදු විත් එයි
පැන විසඳන නුවණ නැතත්
සති දෙකකින් වැටුප් ලැබෙයි
දුප්පත්කම නැති වී ගොස්
දහසක් රැඳි පියලි බැඳෙයි
එහෙත් මෙරට පැන බොහෝ ය
ඒ විසඳන රුසිය නැති ය
පැන විසඳන නුවණ ලදොත්
උපන් බිමට යා හැක මට!
පැන විසඳන නුවණ නැතත්
සති දෙකකින් වැටුප් ලැබෙයි
Thursday, August 20, 2009
වන පෙත අසිරිය
මේ තුරු වන පෙත කිම අසිරිය ගෙන
වින්ටරයේ සිහිතල විඳමින් සුව
මා බිය වූවත් වින්ටර සුළඟට
වන පෙත හිනැහෙයි මා අබියස අද
මා සැම දින යන වේ මග අසබඩ
වන පෙත අසිරිය නැත හමු වී පෙර
වාහන දුම්රිය අතරේ හිර වී
ගිය දින දැක නැත වන පෙත අසිරිය!
මා මන සැනසෙයි වන පෙත දැක්මෙන්
වින්ටරය ද මට සතුරෙක් වූ දින
වන පෙත අසිරිය දසුනේ මවමින්
පැනයක් විමසයි සීතල මනසින්
ජීවිතය ද වෙද දැක නැති වන පෙත
ඇවිදින කල දැක නැත දිවි මං පෙත?
කිම මේ වන පෙත ගැන ලතවන්නේ
වන පෙත සිරි නොබලා නොම යන්නේ?
(ජුන්ඩලප්, බටහිර ඔස්ටේ‍්‍රලියාව)
වින්ටරයේ සිහිතල විඳමින් සුව
මා බිය වූවත් වින්ටර සුළඟට
වන පෙත හිනැහෙයි මා අබියස අද
මා සැම දින යන වේ මග අසබඩ
වන පෙත අසිරිය නැත හමු වී පෙර
වාහන දුම්රිය අතරේ හිර වී
ගිය දින දැක නැත වන පෙත අසිරිය!
මා මන සැනසෙයි වන පෙත දැක්මෙන්
වින්ටරය ද මට සතුරෙක් වූ දින
වන පෙත අසිරිය දසුනේ මවමින්
පැනයක් විමසයි සීතල මනසින්
ජීවිතය ද වෙද දැක නැති වන පෙත
ඇවිදින කල දැක නැත දිවි මං පෙත?
කිම මේ වන පෙත ගැන ලතවන්නේ
වන පෙත සිරි නොබලා නොම යන්නේ?
(ජුන්ඩලප්, බටහිර ඔස්ටේ‍්‍රලියාව)
Friday, August 14, 2009
පර්ත් ගමට සඳ පායා
පිරුණු හඳ පර්ත් පුර
රවයි මා දෙස බලා
මහා රිය වේ මඟක
රියක් පැද වූ දිනක
රැ යමේ මා තනිව
රැවූමු‘ත් ඔහු මදෙස
හඳ හාමි පර්ත් පුර
පිපුණු සිරි දැක තුටින්
උදම් වූ සිත් ඇති ව
රියේ වේගය කඩා
ඇමතුවෙමි පුරුදු ලෙස
හඳ හාමි ලෙස හැඳින
හඳ හාමි නැත කතා
රවයි මා දෙස බලා
නොදන්නා අයෙකු සේ
කෝපයක් ගෙන උවන
අඹයි මා සැහැසි ලෙස
දඩයමේ යන විලස
වේගයෙන් ගිය ද මම
අඹා එයි සැහැසි ලෙස
පිරුණු හඳ පර්ත් පුර
රවයි මා දෙස නිබඳ
මිතුරු බස් දොඩන්නට
නැවතීමි රථය මම
මට පුරුදු කතා බස් දෙඩූවෙමි
දොඩා හඳ හාමි යැයි
උරණ වූ මුත් එතුම
සක් ඳෙවිඳු පෙර දවස
ඇඳී බව ඔහු රුව ද
සදාකාලික හඳක
මට පුරුදු කතා බස් කීවෙමි ය
හඳ හාමි යැයි දොඩා
උරණ වූ පර්ත් හඳ
රවා සිය රළු උවන
පැවසී ය වහසි බස්
මිතුරු බස් නොදොඩාම
මේට් නුඹ දැන ගනුව!
උඹට හුරු හඳ නොවේ
ඔසී හඳ වෙමි ය මම
එපා මට නුඹ කියන
තෙවන ලෝකේ කතා
ඔසී හඳ වෙමි ය මම
වෙමිය හඳ පර්ත් පුර
නුඹේ ගම නොවේ මෙය
ඔසී වුව නුඹ හදින
නුඹේ හඳ නොවේ මම!
එසේ කී ඔසී හඳ
සැඟවීය මා අතැර
පිරුණු හඳ වී අහස
මනරම් වු පර්ත් පුර
රවයි මා දෙස බලා
මහා රිය වේ මඟක
රියක් පැද වූ දිනක
රැ යමේ මා තනිව
රැවූමු‘ත් ඔහු මදෙස
හඳ හාමි පර්ත් පුර
පිපුණු සිරි දැක තුටින්
උදම් වූ සිත් ඇති ව
රියේ වේගය කඩා
ඇමතුවෙමි පුරුදු ලෙස
හඳ හාමි ලෙස හැඳින
හඳ හාමි නැත කතා
රවයි මා දෙස බලා
නොදන්නා අයෙකු සේ
කෝපයක් ගෙන උවන
අඹයි මා සැහැසි ලෙස
දඩයමේ යන විලස
වේගයෙන් ගිය ද මම
අඹා එයි සැහැසි ලෙස
පිරුණු හඳ පර්ත් පුර
රවයි මා දෙස නිබඳ
මිතුරු බස් දොඩන්නට
නැවතීමි රථය මම
මට පුරුදු කතා බස් දෙඩූවෙමි
දොඩා හඳ හාමි යැයි
උරණ වූ මුත් එතුම
සක් ඳෙවිඳු පෙර දවස
ඇඳී බව ඔහු රුව ද
සදාකාලික හඳක
මට පුරුදු කතා බස් කීවෙමි ය
හඳ හාමි යැයි දොඩා
උරණ වූ පර්ත් හඳ
රවා සිය රළු උවන
පැවසී ය වහසි බස්
මිතුරු බස් නොදොඩාම
මේට් නුඹ දැන ගනුව!
උඹට හුරු හඳ නොවේ
ඔසී හඳ වෙමි ය මම
එපා මට නුඹ කියන
තෙවන ලෝකේ කතා
ඔසී හඳ වෙමි ය මම
වෙමිය හඳ පර්ත් පුර
නුඹේ ගම නොවේ මෙය
ඔසී වුව නුඹ හදින
නුඹේ හඳ නොවේ මම!
එසේ කී ඔසී හඳ
සැඟවීය මා අතැර
පිරුණු හඳ වී අහස
මනරම් වු පර්ත් පුර
Subscribe to:
Posts (Atom)
