Showing posts with label White Mask. Show all posts
Showing posts with label White Mask. Show all posts

Friday, August 21, 2009

සුදු වත ගත් සිවිල් සේවකයා

අසුර සැනින් පැන විසඳන
මෙරට සිවිල් සේවෙ සොඳුරු
අයෙකු වෙමි ය සුදු වෙස් ගත්
කළු වූවත් මා ගත සිත!

ප‍්‍රාන්තයක පැන විසඳමි
සුදු මිතුරන් අතරට වැද
පැන විසඳන නුවණ නැතත්
සති දෙකකින් ලැබෙයි වැටුප!

පැන විසඳමි අත් විදහා
සුදු වෙස් මුහුණක් පළඳා
තිසර නදිය සෙමින් ගලයි
එහි අසිරිය නෙතඟ ගැටෙයි

එහෙත් මෙරට පැන බොහෝ ය
ඒ විසඳන රුසිය නැති ය
පැන විසඳන නුවණ ලදොත්
උපන් බිමට යා හැක මට!

සුදු මිතුරන් සුමදුර වෙයි
සිකුරාදා මදු විත් එයි
පැන විසඳන නුවණ නැතත්
සති දෙකකින් වැටුප් ලැබෙයි

දුප්පත්කම නැති වී ගොස්
දහසක් රැඳි පියලි බැඳෙයි
එහෙත් මෙරට පැන බොහෝ ය
ඒ විසඳන රුසිය නැති ය

පැන විසඳන නුවණ ලදොත්
උපන් බිමට යා හැක මට!
පැන විසඳන නුවණ නැතත්
සති දෙකකින් වැටුප් ලැබෙයි