තටු සිඳුණු කිරිල්ලියක සේ සැඟව සිටි
ඔබේ අත්තටු මැවී
ගුවන් ගැබ පියාසර කරන්නී
කිම ඇවිත් අපේ වග සොයන්නී
කන්තෝරුවෙ ලිපි ගොනු මැද මැකී තිබූ
ඔබේ වතේ මුතු හසරැළි
හදිසියේ ම මතුවී ඇත
මිදුණු මෙහෙවර ලබා තුටු සිනා මතු වීද?
ගුවන් ගැබ සැරි සරණ සඳ
ලිපි ගොනු අතරේ සිර වූ
යහලූ යෙහෙළියන් කැල සිහි වී ආවෙ ද?
ගුවන් ගැබ පියාසර කරන්නී
කාලයේ රැඳී ඇති විශ්වයම ඉදිරියට ඇදෙන කල
එක් කුඩා දිවයිනක පොළෝ තල රැඳී ඇති
ඔෆිසියේ වෙසෙමි අද නොහැකි පැන විසඳන්න
ලිපි ගොනු මැද සිරවී ඇති
යහලූ යෙහෙළියන් කැල සිහි වී
ශෝකයක් ඇති වී ද?
හදිසියේ යළි ඇවිත් කිම ද සැප දුක් සොයනු
කාලයේ රැඳී ඇති විශ්වයම ඉදිරියට ඇදෙන කල?
(1982 පෙබරවාරි 1, කොළඹ)
අවුරුදු විසි හතකට පසුව
කාලය ද සැඩ නළක් සේ දරණු
සියල්ලම ඉවත් කොට ඇති දිනක
ඔබ එවයි හදිසියේ ඉන්ටනෙට් මේලයක්
තුරුණු විය මා ලියූ මිතුරු කවියක් සමඟ
මතකයේ සැඟව ගිය තවත් එක් මතකයක්
මැවේ මා දසුන මත ලියූ බව කවි ඔබට
ගොළු මුහුද හමා ආ සිහිල් සුළඟක් ලෙසින්
කාලයේ සැඟව ගිය තුරණු විය මතකයකි
කොම්පියට තිරය මත
සිහල අකුරු ද සමග
සදයි සතුටක් සිතට
ලියු වග කවි එකල
ඔබ එදින ගුවන් ගැබ තටු ලබා
ලොව වටා නෙක දසුන් බැලූ දින
මා රැඳී සිටියෙමි ය ඔබ නොසිටි ඔෆිසියේ
ලක රැඳුණු දුප්පතුන් දුක නිවන තතු සොයා
එදන ගත දුක නිවන
දන ලැබුණුමුත් එදින
ගොදුරු සොයනා සොරුන්
හොරා ගත් ධනය විය
කෝප වී රට අතැර
සොයන්නට නෙක් දැනුම
මම ආමි දකුණු කුරු දූව වෙත
රැගෙන සුතනඹු එදින
ඔබ නොදත් තතු නොයෙක
දිවි පුවත් නැත සොඳුරු
කවියකින් කිව නොහැක
වසර විසි හතක වග
ගුවන් ගැබ පියාසර කොට එදින
දැනුම ලැබ ගත් ඔබට
තිබෙනු නිසැකය නුවණ
රටක පැන විසඳන්න
ලක අත හැර මා පිටරට
වැදී ලැබූ දැනුම පටු ය
ලක පිරි ඇති පැණ විසඳන
නුවණ කියා දෙනු යෙහෙළිය!
(2009 මැයි 9, පර්ත් , බටහිර ඔස්ටේ‍්‍රලියාව)
Showing posts with label Old poems. Show all posts
Showing posts with label Old poems. Show all posts
Friday, August 21, 2009
Thursday, August 13, 2009
කවියා
දිගන්තයේ පැතිරී ගිය
නුබ කුස පියසක් වන සඳ
තුරු වදුලක් රුක් සෙවනක්
ජීවිතයට වියන් බඳියි
පංකාවක සිසිලෙන් නොව
ගත දැවටෙන සුළං රොදින්
ජීවන සරතැස නිමවෙයි
ලොව දස අත විසිරී ඇති
සුදු කළු වූ මිනිසුන් සැම
ලේ නෑයන් වූ මා හට
මව් පිය නෑයන් කුමට ද?
බිම් අඟලක උරුමය ගැන
ලියවුණු පත් ඉරු කුමට ද?
ලොව දස අත පැතිරී ගිය
බිම් උරුමය ලද මා හට
නෙක මන්දිර අටු කොටු හැම
වට කොට වැට බඳිණු කුමට?
ඉන් නො බැඳුණු වා ගැබ රැඳි
සුළං රොදක් වන්නෙමි මම
1976, කොළඹ
නුබ කුස පියසක් වන සඳ
තුරු වදුලක් රුක් සෙවනක්
ජීවිතයට වියන් බඳියි
පංකාවක සිසිලෙන් නොව
ගත දැවටෙන සුළං රොදින්
ජීවන සරතැස නිමවෙයි
ලොව දස අත විසිරී ඇති
සුදු කළු වූ මිනිසුන් සැම
ලේ නෑයන් වූ මා හට
මව් පිය නෑයන් කුමට ද?
බිම් අඟලක උරුමය ගැන
ලියවුණු පත් ඉරු කුමට ද?
ලොව දස අත පැතිරී ගිය
බිම් උරුමය ලද මා හට
නෙක මන්දිර අටු කොටු හැම
වට කොට වැට බඳිණු කුමට?
ඉන් නො බැඳුණු වා ගැබ රැඳි
සුළං රොදක් වන්නෙමි මම
1976, කොළඹ
Subscribe to:
Posts (Atom)
