They linger over
on new born rainbows,
hover around the windows
in the early morning hours.
They float on the river
when the moon smiles
on full moon days.
When the birds sing
outside my window
they bring a melody
of an unborn rhythm.
When the spring flowers
are born they paint images
of an unborn verse.
When I look at the darkness
in the middle of the night
they come one by one
as I breathe like a child
scared of the darkness.
Thursday, December 10, 2009
Tuesday, December 8, 2009
කවියකුට නොයැවූ කවියක්
ගොළු මුහුද අඹා ගිය
අහස් තලයේ රැඳුණු
සැටලයිටි තැටියකින්
අප කතා මුණ ගැසේ
මාස අටකට පසුව
කියයි ඔබ තුටු වදන්
මෑත දී ලියා පළ කරන්නට
හැකි වු කවි පොතක් ගැන
සතුටු ගඟුලක පතුළ
කිමිදි මාලුවකු සේ
කියයි මට තුටු වදන්
නිම කෙරූ යුදය ගැන
ත‍්‍රස්ත වැඩ නැති ලොවක
සොඳුරු බව
කියයි ඔබ තුටු වදන්
කුඩා ළමයකු අතට
ලැබුණු තිළිණය බලා
සතුටුවන
ළමයෙක් ද
කවියෙක් ද
කිව නොහැක!
දකින්නට වරම් නැති
ඔබේ තෙදවත් උවන ගැන සිතා
සතුට පළ කළෙමි මම
නිම කෙරුව යුද්ධ ගැන
කිව නොහැක!
හැම තැනම පැතිර යන
මඩ වගුරු දකිමි මම
බෙදී ගිය ජාතියක
කතා නමි අසමි මම
පැතිර යන දුගී බව
අසමි මම
අහස් කුස සොයා යන
ලූණු ගෙඩියක මිළ ද
ගැන පුවත් අසන සඳ
බත් පතක වරමි ගැන
කියන්නට නොහැක මට
දුක් වළලු හිසේ රැඳි
මිළ මුදල් අතේ නැති
ගමී දනවිවල රැඳුණු
සරණ සොයනා දනන්
රැඳුණු දිවයින ගැන ද
දොඩන්නේ ද සබඳ අද
අසන්නට සිතෙන‘මුත්
නැත කියන්නට වදන්
මුනිවතක් රකින මට
සතුටු ගඟුලක පතුළ
කිමිදි මාලුවකු සේ
වෙසෙන කළ ඔබ එතෙර
ලියා මේ සුළු කවිය
මකන්නෙමි සිතේ දුක
මතක දිවයිනක් ගැන
(2009 දෙසැමිබර 8)
අහස් තලයේ රැඳුණු
සැටලයිටි තැටියකින්
අප කතා මුණ ගැසේ
මාස අටකට පසුව
කියයි ඔබ තුටු වදන්
මෑත දී ලියා පළ කරන්නට
හැකි වු කවි පොතක් ගැන
සතුටු ගඟුලක පතුළ
කිමිදි මාලුවකු සේ
කියයි මට තුටු වදන්
නිම කෙරූ යුදය ගැන
ත‍්‍රස්ත වැඩ නැති ලොවක
සොඳුරු බව
කියයි ඔබ තුටු වදන්
කුඩා ළමයකු අතට
ලැබුණු තිළිණය බලා
සතුටුවන
ළමයෙක් ද
කවියෙක් ද
කිව නොහැක!
දකින්නට වරම් නැති
ඔබේ තෙදවත් උවන ගැන සිතා
සතුට පළ කළෙමි මම
නිම කෙරුව යුද්ධ ගැන
කිව නොහැක!
හැම තැනම පැතිර යන
මඩ වගුරු දකිමි මම
බෙදී ගිය ජාතියක
කතා නමි අසමි මම
පැතිර යන දුගී බව
අසමි මම
අහස් කුස සොයා යන
ලූණු ගෙඩියක මිළ ද
ගැන පුවත් අසන සඳ
බත් පතක වරමි ගැන
කියන්නට නොහැක මට
දුක් වළලු හිසේ රැඳි
මිළ මුදල් අතේ නැති
ගමී දනවිවල රැඳුණු
සරණ සොයනා දනන්
රැඳුණු දිවයින ගැන ද
දොඩන්නේ ද සබඳ අද
අසන්නට සිතෙන‘මුත්
නැත කියන්නට වදන්
මුනිවතක් රකින මට
සතුටු ගඟුලක පතුළ
කිමිදි මාලුවකු සේ
වෙසෙන කළ ඔබ එතෙර
ලියා මේ සුළු කවිය
මකන්නෙමි සිතේ දුක
මතක දිවයිනක් ගැන
(2009 දෙසැමිබර 8)
Monday, December 7, 2009
මතක සුවඳ
පර්ත් නුවර උදෑසනට
මෆින් එකකි බ්‍රෙක්ෆස්ට් එක
උණුසුම් ඇති මෆින් දිවග
ගෑවෙන කල මතුවෙයි රස
මතක මඟක සැඟ වී ගිය
තරුණ උදෑසනක මෙරට
කන කෑමකි නුපුරුදු‘මුත්
ගල් බනිස් ද ඥණ කථා
කිඹුල් බනිස් නැති මේ රට
මෆින් මගේ බ්‍රෙක්ෆස්ට් එක
නොදනී මගෙ දොස්තර අද
දියවැඩියා ගැන දොඩවන
ගතට නුහුරු නමුත් මෆින්
උදේ බඩට හීල් දාන
ගෙන එයි රසයක් දිවගට
මතක මඟක සැඟ වී ගිය
හෙමින් හෙමින්
තලූ ගසමින් කන විට
නුපුරුදු අහරක්
මතක මඟක රැුඳි රසයකි
ළමා වියට හිත ගෙන යන
පාදුක්කේ පියරතනේ
හෝඩියෙ අකුරු ද කරමින්
ඉන්නා විට තාත්තා මට
නිති ගෙන ආ ස්පංචි කේක්
සිහිවෙයි මට පර්ත් නුවර
උදෑසනට මෆින් එකක්
කන විට බ්‍රෙක්ෆස්ට් කියමින්!
(2009 ඔක්තෝමිබර)
මෆින් එකකි බ්‍රෙක්ෆස්ට් එක
උණුසුම් ඇති මෆින් දිවග
ගෑවෙන කල මතුවෙයි රස
මතක මඟක සැඟ වී ගිය
තරුණ උදෑසනක මෙරට
කන කෑමකි නුපුරුදු‘මුත්
ගල් බනිස් ද ඥණ කථා
කිඹුල් බනිස් නැති මේ රට
මෆින් මගේ බ්‍රෙක්ෆස්ට් එක
නොදනී මගෙ දොස්තර අද
දියවැඩියා ගැන දොඩවන
ගතට නුහුරු නමුත් මෆින්
උදේ බඩට හීල් දාන
ගෙන එයි රසයක් දිවගට
මතක මඟක සැඟ වී ගිය
හෙමින් හෙමින්
තලූ ගසමින් කන විට
නුපුරුදු අහරක්
මතක මඟක රැුඳි රසයකි
ළමා වියට හිත ගෙන යන
පාදුක්කේ පියරතනේ
හෝඩියෙ අකුරු ද කරමින්
ඉන්නා විට තාත්තා මට
නිති ගෙන ආ ස්පංචි කේක්
සිහිවෙයි මට පර්ත් නුවර
උදෑසනට මෆින් එකක්
කන විට බ්‍රෙක්ෆස්ට් කියමින්!
(2009 ඔක්තෝමිබර)
Friday, December 4, 2009
බිහිරි සැමියා
මා බිහිරි ව ගොස් ඇති බව
පවසයි ඔබ නිරතුරුව ම
ලියා තබයි කුඩා හසුන්
මා ගැවසෙන කාමරයක
ඔබේ මියුරු වදන් තවත්
නොඇසෙන අප නිවස ගැන ද
සැකයක් මා සිතේ තිබිණ
මෙතුවක් කල් නොදැන අරුත
මිහිරි තෙපුල් සාද කතා
අප නිවසෙන් පලා ගොස් ද
මගේ සිතේ පැනයක් විය
මෙතුවක් කල් නොදැන අරුත
ඔබේ මියුරු වදන් සැම ද
මැල වී යයි මා සවනත
සිත මා බිය වී ය නිබඳ
එකල නැගුණු ගිනි ද නිවිණ
මා බිහිරිව ගොස් ඇති බව
ලියා තැබූ පසු අද දින
නිසසල විය කැළඹුණු හද
එකල නැගුණු ගිනි ද නිවිණ
ලියනු මැනවි සොඳුර තුටින
කළ යුතු වැඩ දිනපතා ම
කොළයක සටහන් කරමින්
පෙර මට ලියු පෙම් බස් මෙන්
සිටිය හැටිය සදා තුටින
මෙදා සොඳුරු බිහිරි ලොවක
කියවා ඔබ අණ තුටු ලෙස
නිති පිළිපදිමින් දෙන අණ
(2007)
පවසයි ඔබ නිරතුරුව ම
ලියා තබයි කුඩා හසුන්
මා ගැවසෙන කාමරයක
ඔබේ මියුරු වදන් තවත්
නොඇසෙන අප නිවස ගැන ද
සැකයක් මා සිතේ තිබිණ
මෙතුවක් කල් නොදැන අරුත
මිහිරි තෙපුල් සාද කතා
අප නිවසෙන් පලා ගොස් ද
මගේ සිතේ පැනයක් විය
මෙතුවක් කල් නොදැන අරුත
ඔබේ මියුරු වදන් සැම ද
මැල වී යයි මා සවනත
සිත මා බිය වී ය නිබඳ
එකල නැගුණු ගිනි ද නිවිණ
මා බිහිරිව ගොස් ඇති බව
ලියා තැබූ පසු අද දින
නිසසල විය කැළඹුණු හද
එකල නැගුණු ගිනි ද නිවිණ
ලියනු මැනවි සොඳුර තුටින
කළ යුතු වැඩ දිනපතා ම
කොළයක සටහන් කරමින්
පෙර මට ලියු පෙම් බස් මෙන්
සිටිය හැටිය සදා තුටින
මෙදා සොඳුරු බිහිරි ලොවක
කියවා ඔබ අණ තුටු ලෙස
නිති පිළිපදිමින් දෙන අණ
(2007)
කළු - සුදු වූ ඉතිහාසය
පර්ත් නුවර වීදි කොනක
සුරත් තඹුරු පෙති දෙනෙතින්
බමන ගතින් දුටුවෙමි නුඹ
මහ දහවල් අහසේ හිරු
වීදි මැදින් දුවනා විට
රැ යාමේ නිදිමත විත්
වීදි කොනක යහන සදයි
කහ පාටැති හිරු සලකුණු
රැගත් නුඹේ තනි දද පෙල
හිස මත්තේ වියන් බඳියි
නුඹ නිදනා කල දහවල
රැය ගෙවිලා ආ සිහිනය
අවුරුදු හතලිස් දහසක
උරුමය ගැන කියන කතා
කුමන අරුත් කියා දේ ද?
බමන ගතින් නෑයන් නුඹ
වීදි පුරා සරනා විට
සුදු මිනිසුන් දොඩන කතා
කටු පදුරක උල් වගේ ද?
කළු - සුදු වු ඉතිහාසය
ගැන ලියවුණු අකුරු පේලි
සිර මැදුරක යදම් වැනි ද?
තිසර නදියෙ ජලය සදිසි
ඉහළට ගිය ගමනක් ලෙස
ඉතිහාසය නැවතුණු දින
බමන ගතිය නැති වේවි ද?
සුරත් තඹුරු වියකේවි ද?
සුරත් තඹුරු පෙති දෙනෙතින්
බමන ගතින් දුටුවෙමි නුඹ
මහ දහවල් අහසේ හිරු
වීදි මැදින් දුවනා විට
රැ යාමේ නිදිමත විත්
වීදි කොනක යහන සදයි
කහ පාටැති හිරු සලකුණු
රැගත් නුඹේ තනි දද පෙල
හිස මත්තේ වියන් බඳියි
නුඹ නිදනා කල දහවල
රැය ගෙවිලා ආ සිහිනය
අවුරුදු හතලිස් දහසක
උරුමය ගැන කියන කතා
කුමන අරුත් කියා දේ ද?
බමන ගතින් නෑයන් නුඹ
වීදි පුරා සරනා විට
සුදු මිනිසුන් දොඩන කතා
කටු පදුරක උල් වගේ ද?
කළු - සුදු වු ඉතිහාසය
ගැන ලියවුණු අකුරු පේලි
සිර මැදුරක යදම් වැනි ද?
තිසර නදියෙ ජලය සදිසි
ඉහළට ගිය ගමනක් ලෙස
ඉතිහාසය නැවතුණු දින
බමන ගතිය නැති වේවි ද?
සුරත් තඹුරු වියකේවි ද?
Saturday, November 14, 2009
දෙගිඩියාව
හඬ සියල්ලම නැවති මෙහොතක
හෙමින් එන්නෙමි වේදිකාවට
වේදිකාවේ දොරට පිට දී
දුරින් එන හඬ දරා ගන්නට තැත් කරන්නෙමි
ජීවිතේ මට සදා ඇත්තේ
කුමක්දැයි මම පැන අසන්නෙමි.
රැයේ කළුවර මගේ නෙත් වෙත ගලා එයි නිති
ඔපෙර කන්නඩි මවෙත යොමු වේ
මගේ දෙවියනි හැකි ද ඔබ හට
උරුම වූ රඟ ඉවත් කරනට
මම කැමැත්තෙමි ලැබූ රැඟුමට
නාටකය ඔබ දරඬුය මට
වෙනත් රැඟුමකි එහි රඟන්නේ
එරඟ නැත අද රුචිය මා හට
සියලු රංගන ලියා ඇත මට
නියෝගයකි ලැබුණු මා හට
ගමන කෙළවර නැත සදා තව
මා අයෙකු වේ ලොවෙහි තනි වූ
කුහකවතමය ලොවක පැතුරුණු
තණ පිටියකින් ඉවත යන ලෙස
නොහැක දිවි මග පා තබන්නට
(රුසියානු මහා කවියකු වූ බොරිස් පැස්ටනැක්ගේ කවියක අනුවාදයකි)
හෙමින් එන්නෙමි වේදිකාවට
වේදිකාවේ දොරට පිට දී
දුරින් එන හඬ දරා ගන්නට තැත් කරන්නෙමි
ජීවිතේ මට සදා ඇත්තේ
කුමක්දැයි මම පැන අසන්නෙමි.
රැයේ කළුවර මගේ නෙත් වෙත ගලා එයි නිති
ඔපෙර කන්නඩි මවෙත යොමු වේ
මගේ දෙවියනි හැකි ද ඔබ හට
උරුම වූ රඟ ඉවත් කරනට
මම කැමැත්තෙමි ලැබූ රැඟුමට
නාටකය ඔබ දරඬුය මට
වෙනත් රැඟුමකි එහි රඟන්නේ
එරඟ නැත අද රුචිය මා හට
සියලු රංගන ලියා ඇත මට
නියෝගයකි ලැබුණු මා හට
ගමන කෙළවර නැත සදා තව
මා අයෙකු වේ ලොවෙහි තනි වූ
කුහකවතමය ලොවක පැතුරුණු
තණ පිටියකින් ඉවත යන ලෙස
නොහැක දිවි මග පා තබන්නට
(රුසියානු මහා කවියකු වූ බොරිස් පැස්ටනැක්ගේ කවියක අනුවාදයකි)
Friday, November 6, 2009
මැකී ගිය මිතුරකුට ලියූ කවියක්
ඇසූ කල ඔබ එදින
මගේ දැඩි නිහඬ
ලියූවෙමි සුළු කවක්
අරුත් නැති වැකි සමග
බොහෝ වර සිතූමුත්
අසන්නට තතු ඔබේ
කාල පරතරය විය
අප වෙසෙන නගර මැද
කථා කළ‘මුත් මෙදින
ඇසූයේ වදන්ම ය
පියකු හද දවාලන
පුතු නොදත් පොත් ගැන ද
කරන්නට වැඩ පොළේ
ඇතත් නෙක වැඩ බොහොම
සිත් නොදෙන බව කියයි
දනිමි ඔබ සිත් රාව
ජීවිතය අරුමයකි උදෑසන පිණි විලස
කිම ශෝක වනු මෙදින බස් නොදී කවියනට
ලියනු මැන බොළඳ හෝ කවක් හද සනසවන
එදා මා බිඳි විලස මගේ දැඩි නිහඬ බව
(2009 ජූනි 23)
මගේ දැඩි නිහඬ
ලියූවෙමි සුළු කවක්
අරුත් නැති වැකි සමග
බොහෝ වර සිතූමුත්
අසන්නට තතු ඔබේ
කාල පරතරය විය
අප වෙසෙන නගර මැද
කථා කළ‘මුත් මෙදින
ඇසූයේ වදන්ම ය
පියකු හද දවාලන
පුතු නොදත් පොත් ගැන ද
කරන්නට වැඩ පොළේ
ඇතත් නෙක වැඩ බොහොම
සිත් නොදෙන බව කියයි
දනිමි ඔබ සිත් රාව
ජීවිතය අරුමයකි උදෑසන පිණි විලස
කිම ශෝක වනු මෙදින බස් නොදී කවියනට
ලියනු මැන බොළඳ හෝ කවක් හද සනසවන
එදා මා බිඳි විලස මගේ දැඩි නිහඬ බව
(2009 ජූනි 23)
Subscribe to:
Posts (Atom)
