Wednesday, October 17, 2012

නිම නොවූ කවියක්

Tn jekshl= ke; ug ;j yuq ù
yuqjkq ke;s hehs isf;a fuosk ug
fï ÿre k.rh fid÷re fkdfõ ±hs
fkdlshñ lsis osk fodia mjrd යළි
Tn yuq jQ k.rh jQ neúkS

Tn fk;a wyfia meyeh r|k l,
wu;l fkdlrñ kS, hqjka hq.
úyÕ=ka kÕkd l, Wofha y~
ug isys .ekafjhs Tn .ehq .S mo

jika;fha jk u,a msfmkd l,
u;lh osj tkq ksileh ud uk
Tn ke;suq;a wm yuq jQ k.rfh
u;l iqj| ug ±fka fid÷re f,i

 

Tuesday, July 3, 2012

කෝපය ඇවිලූ වහසි බස් කොයි ද


කෝපය ඇවිලූ වහසි බස් කොයි ද
කාලයෙ සැඟවී මැකී ගියාදෝ
නිහැඬියාව ඇත මේ ගෙයි සැඟ වී
කිසිවකු අත මම නොදකිමි වරදක්

රුදුරු ජලය ගැලූ සොරොව්ව වී දෝ
මුදු දිය පහරක් යළි මතු වේදෝ
මම කවියෙක් වෙමි රට ගම නැති වූ
කිම විමසනු මා තතු රළු ලෙස අද?

කාලයෙ දිය වූ අප සෙනෙහස යළි
දළු දා ලියලා මතු වේ දෝ හෙට?
මොල් ගසක මෙන් දළු ලියලන තුරු
මම යමි සරණෙට කවි පද සොයමින්

Friday, June 29, 2012

තවත් පැනයක්

යම් ද නොයමි ද පැනය ඇත සිත
යන මඟක් ගැන නොදත්මුත් අද
යා යුතුව ඇත තබා මේ හැම
දසුන නෙත් ගත් සොඳුරු වුව අද


හස නදී ඇත සිනා රැළි දී
පැරණි මිතුරකු ලෙසින් අසල ම
නොවේ සතුරකු වින්ටරය මැද
දසුන නෙත් ගත් සොඳුරු මිතුරෙකි


නොමැතිවුව සුතනඹු ද අසලක
වෙසේ මා හා සොඳුරු රූපක
සිතේ දුක් නැත පාව ගොස් ඇත
සොඳුරු දසුනක රැළි සිනා මැද


සැදෑ යාමේ දිවි uෙඟ් මා
පා තබා යා යුතුය හනිකට
තබා රූපක සොඳුරු දසුන ද
හැර දමා සිත ඒ හැම රූපක

ඇති නමුත් මෙහි නෙක මිනිස් කැල
වේද වදනක් හදේ බස් රැඳි
හස නදී දුන් සිනා රැළි මැද
නිදා ගත යුතු සමය එළඹිණ


Thursday, April 19, 2012

පැනයක්

කාලය ඇත මරණට සිත තුටු ලෙස
කිසිවක් නැත සිත කිඳා බසින්නට
ඇති’මුත් මිනිසුන් අපමණ මා වට
මිතුරන් වෙද මා සිත ගැන දොඩනට?

බිඳි වර පට මෙන් කාලය ගිලිහෙත
කිසිවක් නැත සිත කිඳා බසින්නට
ඇති’මුත් ආසා කඳු මුදුනක් ලෙස
නැත යන්නට ආසා මා සිත අද

පැන ඇත අපමණ ගැන සිත යන්නට
එනමුත් නැත සිත විසඳන පැණ නෙක
ගිළිහෙන කාලය පමණය මා වට
එනමුත් ලතැවෙන සිත නැත මා හද

කිම කාලය ගැන මා ලතවන්නේ
සතුටු සිනා නොවැ ළඟ ගැවසෙන්නේ
ගිළිහෙන කාලය ගැන සිත නොයවා
සතුටු සිනා මැද ඇයි නොගිලෙන්නේ

(2012 අප‍්‍රියෙල් 19)

Tuesday, March 20, 2012

විශාද කවි - 1

හැකි’මුත් රැය අඳුර මකන
බලය උදේ හිරු එළියට
නැත මට කිසි බලයත් අද
මා වට ඇති අඳුර මකන

දවස් ගෙවී දින වියැකෙයි
උදයට එයි හිරු අවදිව
මා කිම අද අඳුරක් මැද
දිලෙනා කල හිරු අහසේ?

ගිලෙනා කල දිවි පතුලේ
ජීවිතයේ මඩ තැවරී
කවි පහුරක් සොයමින් මම
පිහිනමි ඉහළට ජලයේ
සොයමික් නැති වූ දිවයින

නැති වූ මිතුරන් සමුවේ
සමු ගන්නා විට අවරට
එනමුත් වත හසරැළි නැත
දියවේ සයුරක නිහඬව

ලිය යුතු කවි පද ඇති’මුත්
නිම නැති මෙහෙවර ලෙස අද
ගිලෙනා කල දිවි පතුලේ
ලියනා බස දියවේ සයුරක නිහඬව

(2012 පෙබරවාරි)

Sunday, November 20, 2011

කොග්ගල දී

(මාටින් වික්රමසිංහ වියතා සිහි කරමින් ලියූ කවියකි)

ඔබේ රුව නැත වෙරළ
අසල මහ හෝටලය
පමණි මා නෙත ගැටෙන
වැසි රවන දහවලක
රුසියානු දනන් මැද
මම සිටිමි වෙරළ බඩ අසරණව

සැදූ ගම්පෙරලි රුව
තිබේ මා අවට අද
මැකුණු රුව පමණි මට
කිම වෙරළ නුහුරු මට

වෙරළ සොඳුරුය කදිම
වැසි වැටෙනමු‘ත් අවට
එහෙත් කිම මා තනිව
වෙරළ බඩ ඔබ නැතිව

යා යුතුය මා හනික
සොයා ඔබ වදන් පොත
නොදැන මා තතු සොයන
කවි බසක රුව සදන

කොග්ගල 2011-11-19

Saturday, October 8, 2011

මගේ මරණය අරුමයක් වෙද

මගේ මරණය අරුමයක් වෙද
උපන් දින සිට දැනුණු සිහිතල
මගේ පිටු පස රැඳුණු සෙවනැලි
අතර සැඟවුණු සොඳුරු සුමිතුර

තුරුණු විය මට සතුරු වූ ඔහු
කිම ද සුමිතුරු වී මෙදා සොඳ
මගේ ගෙය වට රැඳුණු සෙවනැලි
අතර සැඟවුණු සොඳුරු සුමිතුර

මෙගම මැද රැඳි සොඳුරු කෙත් වතු
වසන්තය මට පුදන වන මල්
රැගෙන යන ඔහු නොවේ සතුරකු
ජීවිතේ නෙක සුවඳ මට දුන්
සබඳ ඔහු විය සොඳුරු පියකරු

මගේ කවියක රැඳුණු රූපක
අතර සැඟවුණු සොඳුරු සුමිතුර
කියා දී මට දිවියෙ උරුමය
සබඳ ඔහුමය සොඳුරු පියකරු