Friday, June 29, 2012

තවත් පැනයක්

යම් ද නොයමි ද පැනය ඇත සිත
යන මඟක් ගැන නොදත්මුත් අද
යා යුතුව ඇත තබා මේ හැම
දසුන නෙත් ගත් සොඳුරු වුව අද


හස නදී ඇත සිනා රැළි දී
පැරණි මිතුරකු ලෙසින් අසල ම
නොවේ සතුරකු වින්ටරය මැද
දසුන නෙත් ගත් සොඳුරු මිතුරෙකි


නොමැතිවුව සුතනඹු ද අසලක
වෙසේ මා හා සොඳුරු රූපක
සිතේ දුක් නැත පාව ගොස් ඇත
සොඳුරු දසුනක රැළි සිනා මැද


සැදෑ යාමේ දිවි uෙඟ් මා
පා තබා යා යුතුය හනිකට
තබා රූපක සොඳුරු දසුන ද
හැර දමා සිත ඒ හැම රූපක

ඇති නමුත් මෙහි නෙක මිනිස් කැල
වේද වදනක් හදේ බස් රැඳි
හස නදී දුන් සිනා රැළි මැද
නිදා ගත යුතු සමය එළඹිණ