Tuesday, July 3, 2012

කෝපය ඇවිලූ වහසි බස් කොයි ද


කෝපය ඇවිලූ වහසි බස් කොයි ද
කාලයෙ සැඟවී මැකී ගියාදෝ
නිහැඬියාව ඇත මේ ගෙයි සැඟ වී
කිසිවකු අත මම නොදකිමි වරදක්

රුදුරු ජලය ගැලූ සොරොව්ව වී දෝ
මුදු දිය පහරක් යළි මතු වේදෝ
මම කවියෙක් වෙමි රට ගම නැති වූ
කිම විමසනු මා තතු රළු ලෙස අද?

කාලයෙ දිය වූ අප සෙනෙහස යළි
දළු දා ලියලා මතු වේ දෝ හෙට?
මොල් ගසක මෙන් දළු ලියලන තුරු
මම යමි සරණෙට කවි පද සොයමින්