Saturday, November 14, 2009

දෙගිඩියාව

හඬ සියල්ලම නැවති මෙහොතක
හෙමින් එන්නෙමි වේදිකාවට
වේදිකාවේ දොරට පිට දී
දුරින් එන හඬ දරා ගන්නට තැත් කරන්නෙමි
ජීවිතේ මට සදා ඇත්තේ
කුමක්දැයි මම පැන අසන්නෙමි.

රැයේ කළුවර මගේ නෙත් වෙත ගලා එයි නිති
ඔපෙර කන්නඩි මවෙත යොමු වේ
මගේ දෙවියනි හැකි ද ඔබ හට
උරුම වූ රඟ ඉවත් කරනට

මම කැමැත්තෙමි ලැබූ රැඟුමට
නාටකය ඔබ දරඬුය මට
වෙනත් රැඟුමකි එහි රඟන්නේ
එරඟ නැත අද රුචිය මා හට

සියලු රංගන ලියා ඇත මට
නියෝගයකි ලැබුණු මා හට
ගමන කෙළවර නැත සදා තව
මා අයෙකු වේ ලොවෙහි තනි වූ

කුහකවතමය ලොවක පැතුරුණු
තණ පිටියකින් ඉවත යන ලෙස
නොහැක දිවි මග පා තබන්නට


(රුසියානු මහා කවියකු වූ බොරිස් පැස්ටනැක්ගේ කවියක අනුවාදයකි)

Friday, November 6, 2009

මැකී ගිය මිතුරකුට ලියූ කවියක්

ඇසූ කල ඔබ එදින
මගේ දැඩි නිහඬ
ලියූවෙමි සුළු කවක්
අරුත් නැති වැකි සමග

බොහෝ වර සිතූමුත්
අසන්නට තතු ඔබේ
කාල පරතරය විය
අප වෙසෙන නගර මැද

කථා කළ‘මුත් මෙදින
ඇසූයේ වදන්ම ය
පියකු හද දවාලන
පුතු නොදත් පොත් ගැන ද

කරන්නට වැඩ පොළේ
ඇතත් නෙක වැඩ බොහොම
සිත් නොදෙන බව කියයි
දනිමි ඔබ සිත් රාව

ජීවිතය අරුමයකි උදෑසන පිණි විලස
කිම ශෝක වනු මෙදින බස් නොදී කවියනට
ලියනු මැන බොළඳ හෝ කවක් හද සනසවන
එදා මා බිඳි විලස මගේ දැඩි නිහඬ බව


(2009 ජූනි 23)