පර්ත් නුවර අවුරුදු - 2022
ගිරවුන් කෑ ගසා යන කල උදෑසන
වත්තේ මල් බලයි උන් දෙස යොමා නෙත
එරබදු මල් මතක රුව නැත මා මනස
බැංකේසියා මල් පමණකි සිනාසෙන
අහසේ පිපී ඇත්තේ මහ කළුවර ය
බෙහෙතට පවා නැත හිරු රැස් උදෑසන
අවුරුදු කොහි ද දුරු රට නැත කොහෝ හඬ
හිරු සැඟවී ගියෙ කොහිදෝ දෝ උදෑසන
කොහෝ ගැයූ ගී මාලා මැකුණු දින
කොකබරු හඬ ය වියරුව ගිය උදෑසන
අහසේ තැවරි දුක පමණකි සනාතන
එරබදු මල් කොයි ද රුව නැති උදෑසන
ඉර පායා ගණ කළුවර මැකේවි දෝ
අවුරුදු සුවඳ ගොළු මුහුදෙන් ඇසේවි දෝ
කොහෝ ගයන ගී මාලා ඇසේවි දෝ
#GotaGoGamata අවුරුදු ඇසේවි දෝ
(සුනිල් ගෝවින්නගේ)