Sunday, December 16, 2012

සංතාපය


(නිජ බිමට ගොස් පෙරළා කවියකුගේ සිතුවිල්ලකි)

පැමිණියෙමි යළි මෙරට
හැර දමා උපන් බිම
නිජ බිමක මතක ගෙන
කවියකින් කිව නොහැකි

සෝක තැවුලිය පිරුණු
මතක රැස් පොර වදින
හදක් කිම මා සමඟ
පැමිණ මා ජය බිමට

පාරවල් සැදී රට
දියණුවන බව කියන
උගත් මිතුරෝ ද වෙත්
මට ද උපදෙස් දෙඩුව

රටක අසිරිය දොඩන
කට-අවුට් පිරි රටක
මතක කිම හද පෙළා
මහළු කවියකුගෙ මන

ඇසූවෙමි දුක් පුවත්
ගම් දනව් සැරූ කල
මදු විතක් ගත් මිතුරු
මහා කවියකු නොදුටු

මිතුරු-මිතුරියන් කැල
කව් බසට පෙම් බඳින
වෙසෙත් සතුටින් එරට
නොදැක මා හද ශෝක

මා යළිත් යා යුතු ද
නිජ බිමට හද පෙළෙන
කියනු මැන කවියකින්
ගොළු මුහුද එතෙර මට

No comments:

Post a Comment