Tuesday, March 26, 2013

A RESPONSE TO AN EMAIL FROM RUSSIA


 
A person named Larisa writes
Claiming to be from Russian Federation!
No place or city and an address
But reminding me of ‘Lara’
The romantic lover of Dr Zhivago,
Looking for “a serious relationship”
With a “good man” from Australia!

I wonder how s/he thought that I’m a good man after all!
Who cannot have any further “serious relationship?”
As I’m being owned,
Used
And registered with a family!
And there is of course a woman involved
For over thirty years!

I’m still trying to develop that “serious relationship”
With my "family"
With failed poetry, prose with flawed metaphors…!

My love poems are yet to bloom
Perhaps they may blossom in spring
But the autumn has already arrived
And the leaves of my life are falling,
Faintly,
Flowing all over
Fading away.

This person wanted me to write and reply today!
And promised that s/he will write more.
What more a person who has no address could tell me
About serious relationships
Even when SHE is not responding
To my failed love poems
And flawed metaphors!

If this person wrote informing me that
S/he would send a correct version of Pasternak’s
Definition of Poetry
I would have replied
Stating my plight
And current position:

That I am an old Frogie
Waiting for my Princess to kiss me
To find my human form!

Monday, March 18, 2013

දැඩි නිහැඬියාවට පිළිතුරක්


(පැරණි මිතුරකුට ලියූ කවියකි)

දිගු පණිවිඩයකි
සත් සමුදුරු හරහා
ලෝක බැංකුවේ අත්සන සහිතව
ලදිමි විදුලි අස්නක් සැප විමසන
නිහැඬියාව ඔබ බිලි ගෙන දෝ අද?
"කිම දැඩි ලෙස අද නිහඬව ඉන්නේ?"

දුරු රට හිඳ ඔබ විමසයි තොරතුරු
ලෝක බැංකුවේ ඉහළට ගිය ඔබ
විමසයි මා තතු තෙවන ලෝකයේ
තතු සොයනා ලෙස!

මතක දිවයිනේ අප සිටි පෙර දින
දෙඩූ කතා බස් මතක සිහිනයකි!
දුප්පත්කම හෙළුවෙන් සිටිය ද පෙර
සොඳුරු කතා මැද සිටියෙමු සතුටින්
විමසා ලොව නෙක සාහිත සූරින්
වීය කතා බහ අපමණ අප‘තර

තුරෙඟකු සේ කාලය දිව ගිය කල
සොඳුරු කතා බහ සැඩ සුළඟක් සේ
ලොව මැද දිය විය.

සොඳුරු දිවි සොයා පැමිණි දකුණු රට
නැති විය මව් බස
මා වට බියකරු සුදු සෙවනැලි මැද
හෙළ බස දිය විය මිතුරන් වියැකිණ
දරුවන් නැති විය!

සිහල කවින්හට පළ කෙරුමට පොත්
මහ දිවයින තුළ නැත ඉඩ කිසි විට
මා කය හා නෙත් යුග ඇත ඇඳිරිය
වියැකෙයි මා හද හෙළ බස දින දින
නොහැක සිතා ගැනුමටවත් ඉඳ හිට
අරුත කුමක්දැයි ‘ගුත්තිල’ කවිවල

නිහැඬියාව හද රඳවා ගනිමින්
දුම්රියෙ යනෙනා‘තර පුරවර වෙත
හෙළ කවි පද වැල් කුරුටු ගාන සඳ
බාදා වේ මට මා අසළම රැුඳි
සුදු මිනිසුන්ගේ කතා බහට නිති

තුරුණු වියේ දුටු දිලී සැඟව ගිය
අතීතයේ මළසොඳුරු කතා මිස
නැත උන් ආසා පුවත් අසන්නට
මා හදවත හා වියැකෙන සිරුර ද
ඉරි තලා ගොසින් ඇත
ගලා දිවෙයි හැම අඟලක රුධිරය

තෙවන ලෝකයේ කවියකු ලෙස මම
සංකාවෙන් පෙළෙනා කල ඔබේ තතු අසා
සතුටු ඉපළි මැද සැනසුම ලැබුවෙමි

පසු ගිය දින ඔබ භාරත දේසේ දකුණු පළාතේ
ගිය තොරතුරු ගැන ලියූ වදන් දැක
බිය විය හිතවත!

තෙවන ලෝකයේ දුගියන් නොදකින
ඔබ ගැන මා තුළ බියක් පහළ විය!

ලෝක බැංකුවේ ඉනිමඟ නැගි ඔබ
නොදකින අසරණ මිනිසකු වන මා
කුමක් කියන්න ද?
කුමක් ලියන්න ද?

නිහැඬියාව තුළ
ගොළුවෙකු ලෙස
මා හදවත සඟවා
කුමක් කියන්න ද?
කුමක් ලියන්න ද?