මව් බිම ද අහිමිවුණු කවියකු ය වෙන මහළු
සසර දුක දස අතට ලැබුණු මිනිසෙකි මහළු
ලියන්නට නොයෙක් තතු හිමි නමුත් මට මහළු
ලියන බස් නොවේ අද ලියන්නට මට මහළු
සියලූ සම්පත් ද ලැබ ඉසුරු අත ගැවසුණ ද
එසම්පත් මට කුමට රටක් නැති වූ කලට
පැරණි මතකය පමණි නොමැති කල හෙට දවස
ලැබූ දන සේ මෙදින නුවණ නැත ලොව දකින
ලියන්නට නෙක පුවත් ගැවසුණ ද මා මනස
නොමැත ලියවෙන බසක් මැරෙන සේ කල දවස
වෙතත් නෙක මිතුරු කැල මා ලියන කවි දකින
ඔවුන් නොදනී මැරෙන මගේ රූපක මනස
Sunday, June 23, 2013
Friday, June 21, 2013
එතෙර සිට සැප දුක විමසූ කිවිඳියට ලියූ කවිය
මිනිසත් කම ද මිය ගිය දුරු රටක සිට
විමසනු කිම ද මා තතු කවියට වැද
ඇත ලොව නොයෙක් විසිතුරු දේ කිවිඳියට
කිම හදවතින් විමසන්නේ දුක සැප ද?
සොඳුරු දසුන් තිබුන ද මේ සොඳුරු රට
කවි සිත පෙළේ නිරතුරු කිවිඳිය මෙරට
මව් බස අතැරි කවියෙකු දුක සැපට ලොබ
දුක් සැප සොයා වෙහෙසෙනු කිම එතෙර සිට?
ඇතිමුත් රුවැති හස නදියේ රැළි අතර
සුදු පැහැයෙන් බැබලෙන රූපක නොයෙක
විසි පස් වසර පසු විය මේ රටට වැද
මා ලියු සිහල කවි විය දිය වී ගඟට
මිය ගිය කවි අතර රූපක සොය යන
මම වෙමි මහළු කවියා දුක් සැප අතර
Subscribe to:
Posts (Atom)