Sunday, June 23, 2013

එතෙර සිට සැප දුක විමසූ කිවිඳියට ලියූ දෙවන කවිය

මව් බිම ද අහිමිවුණු කවියකු ය වෙන      මහළු
සසර දුක දස අතට ලැබුණු මිනිසෙකි      මහළු
ලියන්නට නොයෙක් තතු හිමි නමුත් මට මහළු
ලියන බස් නොවේ අද ලියන්නට මට      මහළු

සියලූ සම්පත් ද ලැබ ඉසුරු අත ගැවසුණ ද
එසම්පත් මට කුමට රටක් නැති වූ කලට
පැරණි මතකය පමණි නොමැති කල හෙට දවස
ලැබූ දන සේ මෙදින නුවණ නැත ලොව දකින

ලියන්නට නෙක පුවත් ගැවසුණ ද මා මනස
නොමැත ලියවෙන බසක් මැරෙන සේ කල දවස
වෙතත් නෙක මිතුරු කැල මා ලියන කවි දකින
ඔවුන් නොදනී මැරෙන මගේ රූපක මනස

1 comment:

  1. කවියට පෙම් බඳින නිසාම ආවෙ. ඇත්තටම මනසේ මැවෙන රූපක කවුරු නම් දකීද? ඒවා වදන් වලට කවදා පෙරලන්න හැකිද? ඔබ වැනි ප්‍රවීනයෙක් ගේ සටහන් කියවන්න ලැබීමත් වාසනාවක්.

    ReplyDelete