රැය මැරෙන විට හෙටට
සොරෙකු ගෙට එන විලස
ඔබ ගෙදර එයි ඇඳට
දරුවෙකු ව පෙර විලස
නිදි නැතිව රිදෙන ඇඟ
තවන කල ඇසෙයි මට
ඔබ කහින හඬ නිබඳ
රැහියියන් නැති රැයක
මගේ සිත දුවයි පෙර
කුඩා කල රෝගි වූ දිනක් වෙත
ඔබේ මව මෙන් මා ද
නිදි නොලද දින වූහ
ළමා විය ගලා ගොස්
ගසක් සේ වැඩුණු සඳ
ඔබ සැදුණු සැටි බලා
සතුටු වූ දින බොහො ය
කල ගෙවී පිය සෙනෙහ
අමතක ව වැඩුණ ඔබ
වැඩිහිටි ව කහින විට
දරුවෙක් ය මේ රැය ද
Saturday, May 8, 2010
Subscribe to:
Post Comments (Atom)
උසස් කවි කියන්නෙ මෙ වාගෙ දේකට ඒත් අපෙ අලුත් පරපුරෙ කවි මෙන්න මෙහෙමයි....
ReplyDeleteපායන කලට සාගරේ
ජල අඩුනොවී ඇති ලෙසේ
මා හදේ පිරි ආදරේ
බාදා නිසා නෑ අඩු උනේ
රැය මැරෙන විට හෙටට
ReplyDeleteසොරෙකු ගෙට එන විලස
ඔබ ගෙදර එයි ඇඳට
දරුවෙකු ව පෙර විලස
සමීප හිතිවිලි අපටත්. තුති.