Saturday, October 8, 2011

මගේ මරණය අරුමයක් වෙද

මගේ මරණය අරුමයක් වෙද
උපන් දින සිට දැනුණු සිහිතල
මගේ පිටු පස රැඳුණු සෙවනැලි
අතර සැඟවුණු සොඳුරු සුමිතුර

තුරුණු විය මට සතුරු වූ ඔහු
කිම ද සුමිතුරු වී මෙදා සොඳ
මගේ ගෙය වට රැඳුණු සෙවනැලි
අතර සැඟවුණු සොඳුරු සුමිතුර

මෙගම මැද රැඳි සොඳුරු කෙත් වතු
වසන්තය මට පුදන වන මල්
රැගෙන යන ඔහු නොවේ සතුරකු
ජීවිතේ නෙක සුවඳ මට දුන්
සබඳ ඔහු විය සොඳුරු පියකරු

මගේ කවියක රැඳුණු රූපක
අතර සැඟවුණු සොඳුරු සුමිතුර
කියා දී මට දිවියෙ උරුමය
සබඳ ඔහුමය සොඳුරු පියකරු

No comments:

Post a Comment