Thursday, April 4, 2013

ලොව කම්පා වූ දිනයක්


අහස හඬා කම්පා වී
මා වෙනුවෙන් වැලපෙන කල
මුළු ලෝකය දොස් පවරයි
ගුගුරා දුක් හඬ පතුරා

මා වෙනුවෙන් දස දහසක්
නගන හෙළන සුසුම් විලස
සුළං හමා වා ගැබ කැළඹෙයි දුක් වී

ඔබගේ රැහැණින් මුදවා ලූ කල
සෙළවෙමි, කැරකෙමි
සුළඟට හසු ව වරා මලක් සේ
පා වී යන්නෙමි, පා වී යන්නෙමි.
ඊයම් බරු නැති මා සිරුර ද ගෙන
සක්වළ ඉමට ම පා වී යන්නෙමි

යළි ඉපදුනහොත් ඔබ ගේ සෙනෙහස
යළි මට ලැබෙතියි සිතමින් බිය වී
සරණක් නැතුවම පා වී යන්නෙමි
සක්වල ඉමට ම පා වී යන්නෙමි.

(1974)

මතක පිළිරැව් කාව්‍ය සංග‍්‍රහයෙනි

1 comment:

  1. වරක් කියෙව්වා,
    මං හිතුව මේ බිරිඳ ගැනද කියන්නෙ කියල.
    එහෙමත් නොවෙයි,
    එහෙනම් මේ කා ගැනද?.....\

    ම්හ්..

    ආයි ඇවිල්ල කියවල බලන්න ඕනේ.

    ReplyDelete