Friday, November 6, 2009

මැකී ගිය මිතුරකුට ලියූ කවියක්

ඇසූ කල ඔබ එදින
මගේ දැඩි නිහඬ
ලියූවෙමි සුළු කවක්
අරුත් නැති වැකි සමග

බොහෝ වර සිතූමුත්
අසන්නට තතු ඔබේ
කාල පරතරය විය
අප වෙසෙන නගර මැද

කථා කළ‘මුත් මෙදින
ඇසූයේ වදන්ම ය
පියකු හද දවාලන
පුතු නොදත් පොත් ගැන ද

කරන්නට වැඩ පොළේ
ඇතත් නෙක වැඩ බොහොම
සිත් නොදෙන බව කියයි
දනිමි ඔබ සිත් රාව

ජීවිතය අරුමයකි උදෑසන පිණි විලස
කිම ශෝක වනු මෙදින බස් නොදී කවියනට
ලියනු මැන බොළඳ හෝ කවක් හද සනසවන
එදා මා බිඳි විලස මගේ දැඩි නිහඬ බව


(2009 ජූනි 23)

1 comment:

  1. 1.ඇසූ කල ඔබ එදින
    මගේ දැඩි නිහඬ [බව ගැන]
    ලියූවෙමි සුළු කවක්
    අරුත් නැති වැකි සමග

    මට රිද්මය ගැටළුවක් වන තැන් මම ම හදා ගනිමි. රිද්මය නැති වූ කළ මා සිත ද සසල වෙන්නට පටන් ගෙන ඇත.

    2.ලියනු මැන බොළඳ හෝ කවක් හද සනසවන
    එදා මා බිඳි විලස මගේ දැඩි නිහඬ බව

    මගේ සිත මේ කවියෙන් ඔකඳ වුනා යැයි උද්දාම වෙමි /නොවෙමි එක විට එයයි අද කාලයේ තර්කය.
    ‍හිතට බල කර කවි ලියන්නට සිදුව ඇති අරුමය සොයමි.

    කවි නොලියවේ සබඳ
    කිමද කාරණා සොයමි මම අද!

    ReplyDelete