Wednesday, September 30, 2009

පරාක‍්‍රමට පිළිතුරක්

බස ලැබ නැත
හද හඬ මිස
රිද්මය එය වෙයි සුමිතුර
මා ලියනා කවි පද මැද

කඩනු කෙලෙස රිද්මය හද
ලියනා කල සුළු කවි පද
වියැකෙන කල මා ගත අද
රැඳේ රිද්ම මා හදවත

ලියනා කවි නැත මනහර
වේ ය එකවි මා හද හඬ
එහි ගැවසෙන දුක නිබඳව
නසන ඔසු ය කවි රිද්මය

නැත මා කවි ගෙනෙන දැක්ම
ඔබ ගැවසෙන කවි පියසට
හදේ රිද්ම කඩා නිබඳ
කෙලෙස ලියනු නොමැති දස්න!

සිහල බසක් නොමැති රටක
කෙලෙස සදනු දැනුම එබස
ලියනාමුත් සිහල බසින
ලියනා කවි නොමැත පළව!

නොමැත ලැබූ දැනුම සබඳ
ගැවසෙනු මිස නිබඳ මෙතෙර
රිද්ම රඳා මා හදවත
ලියනු කවි ද නොදකින ඔබ!

නොමැත ලැබූ දැකුම සබඳ
රිද්ම මිසක මා ගැවසෙන
මා විසඳන පැණ නැත ලොව
මම කවියෙකි නැණ සැර නැති

Monday, September 28, 2009

පරාක‍්‍රමගෙන් ඔවදනක්

බස ලැබ ඔබ ලියනා කවි
අසමි හදේ රිද්ම අතර
එහෙත් රිද්ම කඩා නිතර
ලිවිය යුතු ය ඔබේ දැක්ම

මත් දහයේ විරිත් අතර
ඔබ සිරවී සිටිනු දකිමි
එහෙත් රිද්ම කඩා නිතර
ලිවිය යුතු ය ඔබේ දැක්ම

එතෙර ඔබේ ලැබූ දැක්ම
සිහල බසට දමා දැනුම
ඇතැයි සිතේ අසනා කල
ඔබ ලියනා කවි පද මැද

මෙතෙර අපේ කවි පද හඬ
වහා තවත් ලොවකට බැඳ
ලියනු නිතර සදා නිබඳ
කඩා ඔබේ රිද්ම සබඳ

දකින දැක්ම ලබා අතට
පැණ විසඳන නුවණ ද ගෙන
සිහල බසට දි දී දැනුම
ලිවිය යුතු ය ඔබේ දැක්ම

(2009 මැයි මස 1)

අවසන් ගීතය

ඉපදෙන හැම සිතුවිල්ලම
විසිරෙන මල් පියලි පමණි
පැතුම් නොමැති හදවත රැඳි
රූප මැකී යන විට රැය

රුක් අත්තන මල් පොකුරක
පැහැය ගලා යයි හනිකට
අහස ද ගැබ් බර වූ පැය
කටරොල් මල් පැහැය මකා

වැසි වට දින නිම වූ කල
අහස ද වැළපෙයි තනිව ම
දකුණු තරුව සොයා දෑස
වැළපෙන කල රැය තනිව ම

නිල් අහසක පැහැය රැඳුණු
මතක මැකී යන විට හද
ගෙවුණු ගමනෙ පිය සටහන්
වියකෙයි කාලය අත හැර

සුනිල් ගෝවින්නගේ

2008 සැප්තැම්බර් 30)

(ජුන්ඩලප්, බටහිර ඔස්ටේ‍්‍රලියාව)

Thursday, September 24, 2009

දුඹුරු වූ නිල් නදිය

(ඩෙනිස් හැස්කල් කවියාට)

මෑතක දි කැලණි ගඟ
හරහ යන්නට බැරි ව
දුක් වෙමින් සිටි දිනක
මිතුරු කවියෙකු සමග
කළෙමු තරණය සොඳින
දුඹුරු ඩැනියුබ් නදිය

කැලණි ගඟ ලෙසින් අද
දුඹුරු වූ මේ නදිය
අසිරිමත් එකක් බව
ඇසූවෙමි කුඩා කල

මුළු ලොව ම වෙනස් වී
මහළු වන යුගයක් ය
නීල ඩැනියුබ් නදිය
දුඹුරු වී ඇත මෙදින

නිල් දියක් පෙනෙන්නට
නොමැත ඇස් මානයක
නිල් නදිය ලෙස ඇසූ
ගඟ වෙනස් වී මෙ දින

රැගෙන යන්නට පැමිණි
නීල ඩැනියුබ් මතක
මා සිටින ගම් රටට
මට නොහැක ගෙන යන්න

මහළු වූ මේ නදිය
අසිරිමත් නැත මෙ දින
කැලණි ගඟ මට හොඳා
මතකයේ රඳවන්න


(2005, බුඩාපේස්ට්, හංගේරියාව)

Sunday, September 20, 2009

අමරදේවයන්ට ලියූ කවියක්

ඇදෙමි මහ නිල් ගැබට ඔබේ හඬ අසන්නට
වැදෙමි තුරු ලතාවට ඔබේ වෙණ සොයන්නට
සොයමි සමුදුරු ඉවුරු ඔබේ හඬ පාව එන
කරමි සමුදුරු තරණ ඔබේ මියැසිය දෙසට

දුකෙන් ගත පෙළෙන විට
ඔසු රැගෙන එන ගීත
තනිකමේ ගිලෙන විට
අත් වැළක් වන ගීත

සසර දුක පිපී නිති
බිය වැඩෙන විට මහද
අසමි ඔබ මියුරු සර
බිය නිවා හද සැනිණ

අමර සත් සර මවන
මියුරු ගී මුව රඳන
ගඳඹ ඔබ වේ මහඟු
සසර දුක නිවෙන තුරු.

(2006, දෙසැම්බර් 5, පර්ත්, ඔස්ටේ‍්‍රලියාව)

(මතක පිළිරැවි කාව්‍ය සංග‍්‍රහයෙනි. ගොඩගේ ප‍්‍රකාශනයක්)




අසන්න සුනිල් එදිරිසිංහ ගායකයාගේ හඬින්:

http://http://www.sinhalajukebox.org/cgi-bin/songs.cgi?action=ShowTracks&start=200&artist=A012&compose=

භාග්‍යයවත් බුද්ධිමතා

ෂක් ඩෙරීඩා ගැන ද
තවත් පඬිවරුන් ගැන
මා කියූ දේ ඇසූ
ඔහු දෙඩූ බස් එදින
මවිතයක් වීය මට

මා සිතා සිටි විලස
ඔවුන් ඔබ රටේ ඇති
ත‍්‍රස්තයන් නොවන්නෙ ද?

අසයි ඔහු නොයෙක් පැන!

ෂක් ඩෙරීඩා ගැන ද
මයික් ෆූකෝ ගැන ද
කියා දුන්නෙමි ඔහුට
මගේ තුනි දැනුම මැන

මා කියූ බස් අසා
ඔහු වහා මවිත විය.
ප‍්‍රති වදන් ලැබිණ මට
හදිසියේ ඇද හැලෙන
අසිනි වැස්සක් විලස

"ඔබ සිතන්නේ කිම ද?
තබා ඔබ දෙපා බිම
සිටිය යුතු වේ නිබඳ
සිතට ගනු මැන සබඳ

දර්ශනේ කිම අරුත?
පණ නොමැත සාහිත්‍ය පොත අතර
මේ රටේ වෙසෙන ඔබ
ඔස් වදන් දොඩන‘යුරු
ගැන සොයා බැලිය යුතු

පිහිට වනු ඇත ඔබට
කළමනාකරණය ද
කළ මැනවි උපාධිය
පිහිට වෙනු ඇත ඔබට”

මෑතක දි ලබා ගත්
නිල රියේ යතුර මට
හිස උඩින් පෙන් වීය
මම පයින් ඇවිද්දෙමි
දුම්රියෙන් ගෙදර යන්නට
හනික!

ශ්‍රී ලංකාවට නොදැන් වූ සිතුවිල්ලක්

නුවණ ඇතැයි සිතා සබඳ
නොසොයනු මැන මගේ නුවණ
නොමැත ඇසූ පිරූ තැන් ද
ගෙවුණු දෙපා පමණි සිරුර

සිරි ලක පැන විසඳන ලෙස
නොඅසනු මැන යළිත් මගෙන්
පැන විසඳන දැනුම සෙවූ
හිස ද හඬයි අනුවණ ලෙස

ලක් පැන මහ දිග ගව්වකි
සිරි ලක මිතුරන් දිවයන
එහි ගැවසෙන වරමක් නැති
මම කවියෙකි නැණ සැර නැති

ගඟක් සොයා නිල්ල පිරුණු
ගිය ගමනකි කවියෙකු හා
ඔහු නොදනී සිරි ලක කවි
සුදු කවියන් වඳී එතුම

සොයා බැලූ ඩැනියුබ් ගඟ
පවා එදින මහළු විලස
දුඹුරු පැහැති මඩ අරගෙන
දැනුම පවා සැඟවී මට

හිම කන්දක අණු සැඟවුණු
මාවත්වල ගිය ගමන් ද
සිහිතල බව කිව හැක මට
එය නුවණක් නොවේ සබඳ

මා වෙසෙනා මේ ජය බිම
පුරා සැදූ වලවල් නෙක
සුදු මිනිසුන් රට පටවත
කළු භූ ගත නිධි පිරි නැව්

මේ රට හැම බිම් අඟලක
උරුමය ලද කළු සොයුරන්
මැරෙනා කල ආයු නැතිව
වැළපෙමි මම දිවා රැයේ

මේ හැම පැන විසඳන්නට
නුවණ සොයා වෙහෙසෙන කල
කාලය වියැකෙයි හනිකට
දියවෙයි හැම දින හිම ලෙස

දියවෙන කළ ලද කාලය
ජය බිම වෙත රැඳිය යුතු ය
කාන්ඳු වන්නට පෙර පණ
විසඳන්නට එහි නෙක පැන

Friday, September 4, 2009

ආයාචනයක්

(එතෙර දිවයිනකට ගොස් තම දරුවන් රැක ගත් හෙළ බසින් ගුරුළු ගෝමීන් ලියූ පොත් කියවන පහත රට සිංහල කවියකු එතෙර මෙතෙර සියළුම සිංහල බොදු ජනතාවගේ පහන් සංවේදය පිණිස ලියූ කවියකි)

විසූ කල රට නිවස උණුසුම ගත රඳවමිනේ
සිහිතල ලොව මා වට ඇත අත් පා මා වෙවිලන්නේ
උණුසුම සොයමින් සිටි දින හිමිදිරි යේ සුව අරණේ
ඔබ රුව දුටුවෙමි පුතුනේ ගං දිය මැද වන අරණේ

මුදවා නුඹ යුදයෙන් අප සරණක් දුන් පෙර දිනයේ
සතුටක් නුඹ සිත ගැවසුණු පුවතකි මා අද දන්නේ
කිම නුඹ අද ගංවතුරක තනියම අද හිමිදිරියේ
මුදවා ගෙන ආ සරණය කෙළෙස අද දියවන්නේ

රැක ගෙන මරු යුදයෙන් පෙර මා දරුවන් මෙහි රැකුණේ
ඒ සැනසුම දිය විය අද දැකුමෙන් නුඹ රුව පුතුනේ
ඇයි නුඹ කිම හිමිදිරියේ තනියම අද ලතවන්නේ
බස නොලැබී ලද පාපය ලැබුවෙද මා පුතනුවනේ

දැය රකිනා නිරිඳුනි කිම ඔබ නෙත් යුග අද වැසුනේ
තෙරුවන් වැඳ නෙත් බැබලූ හදවත කිම නොම සැලුණේ
අරලිය රැඳි මහ මැදුරක දිවි පෙත ඔබ බැබලෙන්නේ
මැතිඳුණි කිම සිරකර අද අප දරුවන් වන අරණේ

කුමන මා පියන් ගුණ රුව ලැබුණේ ද
කුමන බසක් නුඹ මුව හෙට රඳනේ ද
අමන පැන කුමට අප දරුවන් නොවෙ ද
කුමන පවට තිසරණ නෙත් වැසුණේ ද

(මෙම කවියට පාදක වූයේ ශ්‍රී ලංකාවේ උතුරේ,කොටි ත‍්‍රස්තයන්ගෙන් මුදා ගත් මිනිසුන්, ගැහැණුන් සහ දරුවන් ප‍්‍රජාත‍්‍රන්තවාදී ලංකාණ්ඩුව සිර කොට තබා ඇති කඳවුරක සිටින දරුවකු, ගංවතුර රැඳී ඇති සිය කූඩාරම අසල තනිවම ශෝකයෙන් රැඳී සිටිනාකාරය දුටු ඡයාරූපයක් දැකීමෙනි)

සුනිල් ගෝවින්නගේ

පසු සටහනක්
මෙසේ ලංකාණ්ඩුව, සිර ගත කොට ඇති දරුවන් සහ සෙස්සන්නට අදාළ මෙම කවිය කියවන ඇතැම් සිංහල බෞද්ධයන් උරණවන්නේ නම් නැතහොත් මා ද කොටි ත‍්‍රස්තයන්ට සහයෝගය දෙන, කොටි ආධාර ලබන්නෙකු යැයි වචන සහ ගල් මුගුරු ගසන්නට සිතක් උපදී නමි එවැන්නන්ට මෙත් පැතීම හැරුණු කොට වෙන කරන්නට දෙයක් නැත.

එහෙත් එසේ උරණවන්නන්ට කිව හැකි තවත් දෙයක් ඇත. එනමි දැනට මහා සිංහල ලේඛකයා ලෙස නමි කොට ඇති ,මා සිතන අන්දමට සිංහලය බෞද්ධයන් තුළ ජාතිවාදී හැඟීමි මතුකරන්නට සමත් වෙන, වහසි බස් පුවත්පත්වලින් ද බෙදා හරින, ගුණදාස අමරසේකර කවියා වසර ගණනාවකට පෙර මා ලියා තබන මෙම කවියට සමාන මානව ප‍්‍රතිචාරයක් දක්වා තිබීම ය. එනමි, 1971 කාලයේ දී ,ඔහු ලංන්ඩනයේ විසූ සමයේ, ජ. වි. පෙ. කැරැල්ලේ දී මිය ගිය තරුණයකු සිය මවට එවා තිබූ, ඔහු සතු අන්තිම වස්තුව වූ, මුද්ද, ඔරලෝසුව, පෑන සහ ඇදුම් පොදියක් තුරුලු කරගෙන පොලීසියක් ඉදිරිපිට වැලපෙන මවකගේ රූපයක් ලංන්ඩන් නුවර පුවත් පතක දැක කමිපා වී ලියූ කවියකි.

මගේ මතකයට අනුව අමරසේකර කවියා දින පොතේ ලියූ නමින් ලියූ එම කවිය අවසාන කරන්නේ මෙසේ ය:

"මම කවියෙකි
හදැති සසල
ලොසත සියලු දුක වළඳන
එ දුක ලෙවට කියනු විනා
නොමැත මසතු අන් යුතුකම"

A REQUEST

[On seeing a photograph and a news item of a helpless young boy, standing by his flooded dwelling in a Camp for Internally Displaced Persons in Northern Sri Lanka).

I live in a cosy home abroad
Yet the cold breeze enfolds and makes me shiver
Whence embracing the warmth in the early morning
I picture you, dear son, amidst the flood waters of the wild camp

We did release you but the other day, rescuing you from a cruel war
This fable of your joy is now to me mere news.
Why are you so alone this early morning amidst the floods?
What today has caused the relief of freedom to dissolve?

I secured my children from the evil of war and offered them shelter under freedom
But that relief was shattered today, when I saw the image of you, dear son.
Why do you lament this early morning in your seclusion?
Was your sin that you disinherited my Language?

Lord, saviour of the land - why are your eyes locked tight today?
Why does the glow in your eyes as you embraced the Triple Gem
Not stir your conscience?
Your other way of life glitters in a huge mansion surrounded by Frangipani trees
But, why are our dear children imprisoned in a forest encampment?

What parentage and appearance have you inherited?
What mother tongue would you keep in years to come?
Absurd, to query your son-ship of our soil!
What karmic sins shut the eyes of the Triple Gem?

SUNIL GOVINNAGE
(A Sinhala Buddhist poet now living in Australia)

Thursday, September 3, 2009

My Unrhythmic Poetry

Don’t publish my Sinhala poems
They are full of flaws
And meaningless lines
Unlike your rhythmic poetry

Don’t publish my poems
I have no Opera House to visit
And no Pacific Ocean to feed
My unborn metaphors

I have no places to glitter
Captured by Captain Cook
And share with Sinhala readers
To boast and publish as poetry

Don’t publish my Sinhala poems
They are full of flaws
And meaningless lines
Unlike your rhythmic poetry

My poems are like
Expression Of Interests for jobs
That we both have applied
And failed in two cities!


(3 September 2009)

Perth, Western Australia