නුවණ ඇතැයි සිතා සබඳ
නොසොයනු මැන මගේ නුවණ
නොමැත ඇසූ පිරූ තැන් ද
ගෙවුණු දෙපා පමණි සිරුර
සිරි ලක පැන විසඳන ලෙස
නොඅසනු මැන යළිත් මගෙන්
පැන විසඳන දැනුම සෙවූ
හිස ද හඬයි අනුවණ ලෙස
ලක් පැන මහ දිග ගව්වකි
සිරි ලක මිතුරන් දිවයන
එහි ගැවසෙන වරමක් නැති
මම කවියෙකි නැණ සැර නැති
ගඟක් සොයා නිල්ල පිරුණු
ගිය ගමනකි කවියෙකු හා
ඔහු නොදනී සිරි ලක කවි
සුදු කවියන් වඳී එතුම
සොයා බැලූ ඩැනියුබ් ගඟ
පවා එදින මහළු විලස
දුඹුරු පැහැති මඩ අරගෙන
දැනුම පවා සැඟවී මට
හිම කන්දක අණු සැඟවුණු
මාවත්වල ගිය ගමන් ද
සිහිතල බව කිව හැක මට
එය නුවණක් නොවේ සබඳ
මා වෙසෙනා මේ ජය බිම
පුරා සැදූ වලවල් නෙක
සුදු මිනිසුන් රට පටවත
කළු භූ ගත නිධි පිරි නැව්
මේ රට හැම බිම් අඟලක
උරුමය ලද කළු සොයුරන්
මැරෙනා කල ආයු නැතිව
වැළපෙමි මම දිවා රැයේ
මේ හැම පැන විසඳන්නට
නුවණ සොයා වෙහෙසෙන කල
කාලය වියැකෙයි හනිකට
දියවෙයි හැම දින හිම ලෙස
දියවෙන කළ ලද කාලය
ජය බිම වෙත රැඳිය යුතු ය
කාන්ඳු වන්නට පෙර පණ
විසඳන්නට එහි නෙක පැන
Sunday, September 20, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment