Wednesday, September 30, 2009

පරාක‍්‍රමට පිළිතුරක්

බස ලැබ නැත
හද හඬ මිස
රිද්මය එය වෙයි සුමිතුර
මා ලියනා කවි පද මැද

කඩනු කෙලෙස රිද්මය හද
ලියනා කල සුළු කවි පද
වියැකෙන කල මා ගත අද
රැඳේ රිද්ම මා හදවත

ලියනා කවි නැත මනහර
වේ ය එකවි මා හද හඬ
එහි ගැවසෙන දුක නිබඳව
නසන ඔසු ය කවි රිද්මය

නැත මා කවි ගෙනෙන දැක්ම
ඔබ ගැවසෙන කවි පියසට
හදේ රිද්ම කඩා නිබඳ
කෙලෙස ලියනු නොමැති දස්න!

සිහල බසක් නොමැති රටක
කෙලෙස සදනු දැනුම එබස
ලියනාමුත් සිහල බසින
ලියනා කවි නොමැත පළව!

නොමැත ලැබූ දැනුම සබඳ
ගැවසෙනු මිස නිබඳ මෙතෙර
රිද්ම රඳා මා හදවත
ලියනු කවි ද නොදකින ඔබ!

නොමැත ලැබූ දැකුම සබඳ
රිද්ම මිසක මා ගැවසෙන
මා විසඳන පැණ නැත ලොව
මම කවියෙකි නැණ සැර නැති

4 comments:

  1. wow . . . oya thiyenne . . . ! niyamayi . . .

    ReplyDelete
  2. රිද්ම අනුව ලියැවෙන කවි
    හද ගැහෙනා රිද්මය බඳු
    රිද්මයකට නැලැවෙන සිත්
    පමණිය එහි රසය විඳිනු

    දුරු රට ගව් දහසක් දුර
    විසුවද කිවියර ඔබ කවි
    අපට රසය පිරි මී වද
    සයිබර් නබෝ ගැබ සුසැදුණු

    මව් රට, දුරු රට කොතැනේ
    විසිරී සිටියද වත්මන
    හඳුනමු ඔබ කවි රිද්මය
    දශක ගණන් හද පිනැවූ

    දුරු වන්නට සිත ලතැවුල්
    සුව වන්නට පිරිපත නෙක
    පතමි බැතින කතරක සිට
    මගෙ ආයු ද ගෙන වොරැඳෙනු!

    ReplyDelete
  3. පරාක්‍රමට පිළිතුරක්

    හදවත හඩ යයි අකලට
    නොම හැර පිය ආ පසු මග
    වෙද හද සළ පත ලෙස රුක
    පතිතව ඇත මහ මෙර අද

    ReplyDelete
  4. කිම සුමිතුර සැඩ නළ මෙන
    වදනක් වහසිව ගොතනුව!

    පතිතවු ලෙස එම මහමෙර
    වියැකෙනු ඇත හැම දෙය ලොව!

    අටලෝ දහම ද මනු ලොව
    නොදනිමි නැණ නැත හඳුනන!

    ReplyDelete