Thursday, September 24, 2009

දුඹුරු වූ නිල් නදිය

(ඩෙනිස් හැස්කල් කවියාට)

මෑතක දි කැලණි ගඟ
හරහ යන්නට බැරි ව
දුක් වෙමින් සිටි දිනක
මිතුරු කවියෙකු සමග
කළෙමු තරණය සොඳින
දුඹුරු ඩැනියුබ් නදිය

කැලණි ගඟ ලෙසින් අද
දුඹුරු වූ මේ නදිය
අසිරිමත් එකක් බව
ඇසූවෙමි කුඩා කල

මුළු ලොව ම වෙනස් වී
මහළු වන යුගයක් ය
නීල ඩැනියුබ් නදිය
දුඹුරු වී ඇත මෙදින

නිල් දියක් පෙනෙන්නට
නොමැත ඇස් මානයක
නිල් නදිය ලෙස ඇසූ
ගඟ වෙනස් වී මෙ දින

රැගෙන යන්නට පැමිණි
නීල ඩැනියුබ් මතක
මා සිටින ගම් රටට
මට නොහැක ගෙන යන්න

මහළු වූ මේ නදිය
අසිරිමත් නැත මෙ දින
කැලණි ගඟ මට හොඳා
මතකයේ රඳවන්න


(2005, බුඩාපේස්ට්, හංගේරියාව)

No comments:

Post a Comment