Friday, September 4, 2009

ආයාචනයක්

(එතෙර දිවයිනකට ගොස් තම දරුවන් රැක ගත් හෙළ බසින් ගුරුළු ගෝමීන් ලියූ පොත් කියවන පහත රට සිංහල කවියකු එතෙර මෙතෙර සියළුම සිංහල බොදු ජනතාවගේ පහන් සංවේදය පිණිස ලියූ කවියකි)

විසූ කල රට නිවස උණුසුම ගත රඳවමිනේ
සිහිතල ලොව මා වට ඇත අත් පා මා වෙවිලන්නේ
උණුසුම සොයමින් සිටි දින හිමිදිරි යේ සුව අරණේ
ඔබ රුව දුටුවෙමි පුතුනේ ගං දිය මැද වන අරණේ

මුදවා නුඹ යුදයෙන් අප සරණක් දුන් පෙර දිනයේ
සතුටක් නුඹ සිත ගැවසුණු පුවතකි මා අද දන්නේ
කිම නුඹ අද ගංවතුරක තනියම අද හිමිදිරියේ
මුදවා ගෙන ආ සරණය කෙළෙස අද දියවන්නේ

රැක ගෙන මරු යුදයෙන් පෙර මා දරුවන් මෙහි රැකුණේ
ඒ සැනසුම දිය විය අද දැකුමෙන් නුඹ රුව පුතුනේ
ඇයි නුඹ කිම හිමිදිරියේ තනියම අද ලතවන්නේ
බස නොලැබී ලද පාපය ලැබුවෙද මා පුතනුවනේ

දැය රකිනා නිරිඳුනි කිම ඔබ නෙත් යුග අද වැසුනේ
තෙරුවන් වැඳ නෙත් බැබලූ හදවත කිම නොම සැලුණේ
අරලිය රැඳි මහ මැදුරක දිවි පෙත ඔබ බැබලෙන්නේ
මැතිඳුණි කිම සිරකර අද අප දරුවන් වන අරණේ

කුමන මා පියන් ගුණ රුව ලැබුණේ ද
කුමන බසක් නුඹ මුව හෙට රඳනේ ද
අමන පැන කුමට අප දරුවන් නොවෙ ද
කුමන පවට තිසරණ නෙත් වැසුණේ ද

(මෙම කවියට පාදක වූයේ ශ්‍රී ලංකාවේ උතුරේ,කොටි ත‍්‍රස්තයන්ගෙන් මුදා ගත් මිනිසුන්, ගැහැණුන් සහ දරුවන් ප‍්‍රජාත‍්‍රන්තවාදී ලංකාණ්ඩුව සිර කොට තබා ඇති කඳවුරක සිටින දරුවකු, ගංවතුර රැඳී ඇති සිය කූඩාරම අසල තනිවම ශෝකයෙන් රැඳී සිටිනාකාරය දුටු ඡයාරූපයක් දැකීමෙනි)

සුනිල් ගෝවින්නගේ

පසු සටහනක්
මෙසේ ලංකාණ්ඩුව, සිර ගත කොට ඇති දරුවන් සහ සෙස්සන්නට අදාළ මෙම කවිය කියවන ඇතැම් සිංහල බෞද්ධයන් උරණවන්නේ නම් නැතහොත් මා ද කොටි ත‍්‍රස්තයන්ට සහයෝගය දෙන, කොටි ආධාර ලබන්නෙකු යැයි වචන සහ ගල් මුගුරු ගසන්නට සිතක් උපදී නමි එවැන්නන්ට මෙත් පැතීම හැරුණු කොට වෙන කරන්නට දෙයක් නැත.

එහෙත් එසේ උරණවන්නන්ට කිව හැකි තවත් දෙයක් ඇත. එනමි දැනට මහා සිංහල ලේඛකයා ලෙස නමි කොට ඇති ,මා සිතන අන්දමට සිංහලය බෞද්ධයන් තුළ ජාතිවාදී හැඟීමි මතුකරන්නට සමත් වෙන, වහසි බස් පුවත්පත්වලින් ද බෙදා හරින, ගුණදාස අමරසේකර කවියා වසර ගණනාවකට පෙර මා ලියා තබන මෙම කවියට සමාන මානව ප‍්‍රතිචාරයක් දක්වා තිබීම ය. එනමි, 1971 කාලයේ දී ,ඔහු ලංන්ඩනයේ විසූ සමයේ, ජ. වි. පෙ. කැරැල්ලේ දී මිය ගිය තරුණයකු සිය මවට එවා තිබූ, ඔහු සතු අන්තිම වස්තුව වූ, මුද්ද, ඔරලෝසුව, පෑන සහ ඇදුම් පොදියක් තුරුලු කරගෙන පොලීසියක් ඉදිරිපිට වැලපෙන මවකගේ රූපයක් ලංන්ඩන් නුවර පුවත් පතක දැක කමිපා වී ලියූ කවියකි.

මගේ මතකයට අනුව අමරසේකර කවියා දින පොතේ ලියූ නමින් ලියූ එම කවිය අවසාන කරන්නේ මෙසේ ය:

"මම කවියෙකි
හදැති සසල
ලොසත සියලු දුක වළඳන
එ දුක ලෙවට කියනු විනා
නොමැත මසතු අන් යුතුකම"

7 comments:

  1. ඡායාරූපයක් නිසා සිතට දැනෙන හැඟීම් කවියට නැගීම වරදක් නො වේ. නමුත් විශාල වශයෙන් සිංහල දෙමළ මුස්ලිම් ආදී ජාති භේදයකින් තොර ව මිනිසුන් ඝාතනය කළ ත්‍රස්තවාදී සංවිධානයකට සමාජමය වශයෙන් අනුකම්පාව දිනා දීම සඳහා එම කලා නිර්මාණය දායක වේ නම් එය වරදක් නො වේ ද?
    ජවිපෙ තරුණයන් කැරලි ගැසුවේ අද මෙන් ම බටහිරයන් විසින් එකල ද අප සිරිලක තරුණයින් ගේ මනස වෙත කාවැද්දූ පුහු සමාජවාදයක් නිසා නොවේ ද?

    ReplyDelete
  2. හිතවත!

    ඔබ කවුරුන් දැයි මම නොදනිමි!

    ඔබ මා ලියූ පසු සටහන කියවූයේ නමී, මා එම කවිය ලියා ඇත්තේ ත‍්‍රස්තවාදීන් සහයෝගය දීම සඳහා නොවන බව වටහා ගත යුතු ය.

    ත‍්‍රස්තවාදයටත්, ප‍්‍රභාකරන් කළ සියලු ම ක‍්‍රියාවන් ද මම තරයේ හෙළා දකිමි.

    මා ලියූ කවියෙන් කියා පෑමට මා උත්සාහ කළේ ත‍්‍රස්තවාදී මත නොදන්නා කුඩා දරුවන් සිර කර සිටීම ගැන නූතන නිරිඳකුට කළ ආයාචනයක් පමණි!

    සියලු සත්වයෝ නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!

    ReplyDelete
  3. හිතවත!

    "ජවිපෙ තරුණයන් කැරලි ගැසුවේ අද මෙන් ම බටහිරයන් විසින් එකල ද අප සිරිලක තරුණයින් ගේ මනස වෙත කාවැද්දූ පුහු සමාජවාදයක් නිසා නොවේ ද?" යන ඔබ ඇසූ වැදගත් පැනයට පිළිතුරු අවශ්‍ය නමි 71 සිංහල තරුණ මනස අළලා නිර්මාන ලියූ ගුණදාස අමරසේකරගේ "කථා පහ" කෙටි කථා සංග‍්‍රහය මුලින් ම කියවන්න!

    ReplyDelete
  4. Your report is very interesting indeed.
    I invite You to see my site http://www.pillandia.blogspot.com
    containing a rich collection of photos of political borders from all the world.
    My gallery of my handicrafts is http://www.pilland.blogspot.com
    Best wishes from an Estonian living ii Italy!

    ReplyDelete
  5. බහිෂ්කර,
    ජවිපෙ තරුණයන් කැරලි ගැසුවේ අද මෙන් ම බටහිරයන් විසින් එකල ද අප සිරිලක තරුණයින් ගේ මනස වෙත කාවැද්දූ පුහු සමාජවාදයක් නිසා නොවේ ද?

    ඔබේ දැනුමේ මහිමය! එසේ සිතන කළ මැණික් ෆාම් කඳවුරේ දරුවන් ගැන ලිව් කවියකට වෙනත් අහවල් දේ සිතන ඒක පුදුමයක්ද නොවේ, ඒ වෙනත් දේ ඒ ඒ තැන්වල කියන්න මෙතැනට එය අදාල නැත.

    ජේ.වී.පී ඒකට ඒ සිද්ධිය පවරා අත සේවීම ඔබේ නොදැනුවත්කම පෙන්නුම් කරන්නෙකි. ඒකළ තිබු ආණ්ඩුව ගත් පියවරත් මුනිවත රුකීමසේම පසුව ගත් පියවර නිසා ගින්නට පිදුරු දැම්මාක්සේ ඇති වු තත්වයට වග කීව යුත්තේ ජේ.වී.පී ඒක හෝ සමාජවාදයද?

    සමාජවාදය ගැන ඔබේ නොදැනුවත්කම තවත් පෙන්වන නිරුවත බටහිරයින් ගැන දෙසීමය. දෙයක්ට කියන්න පෙර පොඩ්ඩක්වත් දැන හිටියොත් නරකද හලෝ? එකක්ට එකක් පැඳිමක් තිබ්බත් දෙකම එකක් නොවෙයි,බහියෝ.

    ReplyDelete
  6. මේ කවියෙන් කෙනෙකුට කිසිදු හැඟිමක් නොදැනේ නම් එහි වැරද්ද ජේ.වී.පී ඒකටයැයි අරයාටයි මෙයාටයි කියා ඇඟිල්ල දිගු නොකර තවත් ඇඟිලි කිහිපයක්ද තමාට(තමාගේ සමාජයට) නිරිඳුන් වහන්සේ ඇතුළු මැති මැතිවරුන්ට, නලින්ලාට අමරසේකරලාට එල්ල වෙන බව සැබෑවි.

    සුනිල්, අගනා කවියක්! කියන්නට දෙයක් නැති තරම්! අනර්ඝයි එතරම්ම.

    ReplyDelete
  7. මේක තමයි, අද අපිට ගහලා තියන හෙනේ. මෑදහත් දමිලයන්,LTTE එකේ තුවක්කුවට බයේ ඈස කට පියා ගෙන හිටිය වගේ, අද අපිට මනුස්සකම ගෑන කතාකරන්න ඉස්සෙල්ලා කොලුවගෙ ජාතකය බලන්න වෙලා.

    ReplyDelete