Monday, September 28, 2009

පරාක‍්‍රමගෙන් ඔවදනක්

බස ලැබ ඔබ ලියනා කවි
අසමි හදේ රිද්ම අතර
එහෙත් රිද්ම කඩා නිතර
ලිවිය යුතු ය ඔබේ දැක්ම

මත් දහයේ විරිත් අතර
ඔබ සිරවී සිටිනු දකිමි
එහෙත් රිද්ම කඩා නිතර
ලිවිය යුතු ය ඔබේ දැක්ම

එතෙර ඔබේ ලැබූ දැක්ම
සිහල බසට දමා දැනුම
ඇතැයි සිතේ අසනා කල
ඔබ ලියනා කවි පද මැද

මෙතෙර අපේ කවි පද හඬ
වහා තවත් ලොවකට බැඳ
ලියනු නිතර සදා නිබඳ
කඩා ඔබේ රිද්ම සබඳ

දකින දැක්ම ලබා අතට
පැණ විසඳන නුවණ ද ගෙන
සිහල බසට දි දී දැනුම
ලිවිය යුතු ය ඔබේ දැක්ම

(2009 මැයි මස 1)

2 comments:

  1. නමුත් ඔබ කවි වල නම් රිද්මයත් . . දැනුමත් දෙකම කැටි වෙලා කියලයි සිතෙන්නේ . . .

    රිද්මය කැඩී යාමක් දකින්න නැති තරම් . . !

    ReplyDelete
  2. පරාක‍්‍රමට ලියූ පිළිතුරු කවිය බලන්න!

    ReplyDelete