දේදුන්නේ පැහසර බඳු
ටිකිරි ළමා උවනේ පිරි
සිනහ තවම මතක පොතේ
ඇඳී ඇතැයි නොදත් දුවේ
යුද ගිණි වැද බිය වූ දින
එතර ව අප ගොළු මුහුද ද
ගෙන ආවෙමු සොඳුරු රටට
සොරුන් නැතැයි සිතා එදින
මැකී උවන ටිකිරි සිනා
වැඩිණ නුඹ ද සොඳුරු රටේ
මරු කතරක මලක් ලෙසින
සුවඳ දිදී දසත හදේ
ආකාසයේ වූ හ ගිජු ලිහිණියෝ
සැරි සරමින් සොරුන් ලෙසින්
දැහැගෙන යන්නට දරුණු නියවලින්
ගොදුරක් කොට නුඹ
පොළොවේ වූ හ වග වලස්සු
සැරි සරමින් සොඳුරු රටේ
දැහැගෙන යන්නට දරුණු නියවලින්
ගොදුරක් කොට නුඹ
රැකගෙන සිටියෙමු
පොළොවේ වූ රුදු වග වලසුන්ගෙන්
ආකාසේ වූ රුදු ගිජු ලිහිණින්ගෙන්
සොඳුරු රටේ බිය වී අප හැම කල
තුරුණු වියට පත් පිපුණු මලක් වී
සුවඳ දි දී සිටි නුඹ ගැන ගිජු වී
සොරකම් කළ දන ගැන කිම අද පැමිණිලි
සොරා ගත් පරපුරේ අයකු වී ය නුඹ
සොඳුරු රටේ දන ගැන ඇත පැමිණිලි
එහෙත් කිම ද පල නැති විය දියණිය
රැකගෙන ආ නුඹ ටිකිරි සිනා මැද
මතක වතක් වූ මා පිය දියණිය
(ඔස්ටේ‍්‍රලියානු ලේඛක පාලිත ගනේවත්ත ගේ ඇවිත් නොරටක නව කතාව කියවා පහළ වූ සිතුවිල්ලකි)
Thursday, April 22, 2010
Subscribe to:
Post Comments (Atom)
අපිත් එක්ක මේ කවිය බෙදා ගත්තට ඔබට ස්තුතියි
ReplyDelete