Thursday, April 15, 2010

මට අවුරුදු නැත!

හිරු සඳු මැකුණු යුගයක් අද එළඹ ඇත
දුක සැප සොයන මිතුරකු බෙහෙතකට නැත
දෙසවන වැකෙන බස් සීතල හද බිඳින
මියගිය සෙබළු මෙනි අවුරුදු සිරිත් නැත

නැත අස්වැසිලි හද කුකබර වියරු හඬ
මතකයෙ මැරී ඇත කොවුලන් නැගූ හඬ
එරබඳු මල් කොයි ද විහඟුන් නඟයි හඬ
සබඳනි ඇසු ද මා හද අද හැඬූ හඬ

ඇත මා මතකයේ ගුත්තිල කවේ පද
එනමුත් මියරු සර නෑසේ සවන් බැඳ
ගුත්තිල ඇදුරු නැත මූසිල පමණි අද
උන් වෙණ වුවත් නො ඇසෙයි නිහඬයි මහද

6 comments:

  1. එලිසමය තියන මාර ආත්ල් කවියක්

    ReplyDelete
  2. නාඳුනනා අහසක් යට තනිව ඇත..
    තනිවුනු හදක දුක් ගී සවනට ඇසෙත...
    ගව් සිය ගනන් ඇතින් හිටියත් අපට...
    සිත බැඳි මිතුදමින් සෙනෙහස විඳිනු හැක..

    අවුරුදු සිරිය නොගැටෙන මුත් නෙත් මානේ..
    අපෙ මව්බිමේ අවුරුදු ඇත සිත් මානේ...
    තනිවී සිටින මුත් නොරටක මේ වසරේ..
    ඊළඟ වසරෙ සැනසේවා අප අතරේ..

    ReplyDelete
  3. හිරු සඳු මැරී ඇතිමුත් කැන්ගරු දේසේ
    නැහැ කිසි අඩුත් ඉන් අපෙ සිංහල දේසේ
    අවුරුදු සිරින් වෙස්ගෙන දස අත මානේ
    මහතුනි කිමද නුඹ තාමත් පරදේසේ?

    කොවුලිඳු තවම නද දෙනවා නුඹේ නමින්
    තෙලෙහි කැවුම් පුබුදිනවා නුඹ වෙනුවෙන්
    ඔංචිලි වරම් සුගැයෙන්නෙත් නුඹෙ තනුවෙන්
    මහතුනි වඩිනු මැන සියරට හනික තොසින්!

    ReplyDelete
  4. හිරු සඳු මැරී ඇතිමුත් කැන්ගරු දේසේ
    නැහැ කිසි අඩුත් ඉන් අපෙ සිංහල දේසේ
    අවුරුදු සිරින් වෙස්ගෙන දස අත මානේ
    මහතුනි කිමද නුඹ තාමත් පරදේසේ?

    කොවුලිඳු තවම නද දෙනවා නුඹේ නමින්
    තෙලෙහි කැවුම් පුබුදිනවා නුඹ වෙනුවෙන්
    ඔංචිලි වරම් සුගැයෙන්නෙත් නුඹෙ තනුවෙන්
    මහතුනි වඩිනු මැන සියරට හනික තොසින්!
    asanka niroshan

    ReplyDelete
  5. හිරු සඳු මැරී ඇතිමුත් කැන්ගරු දේසේ
    නැහැ කිසි අඩුත් ඉන් අපෙ සිංහල දේසේ
    අවුරුදු සිරින් වෙස්ගෙන දස අත මානේ
    මහතුනි කිමද නුඹ තාමත් පරදේසේ?

    කොවුලිඳු තවම නද දෙනවා නුඹේ නමින්
    තෙලෙහි කැවුම් පුබුදිනවා නුඹ වෙනුවෙන්
    ඔංචිලි වරම් සුගැයෙන්නෙත් නුඹෙ තනුවෙන්
    මහතුනි වඩිනු මැන සියරට හනික තොසින්!

    ReplyDelete