විසූ කල රට නිවස උණුසුම ගත රඳවමිනේ
සිහිතල ලොව මා වට ඇත අත් පා මා වෙවිලන්නේ
උණුසුම සොයමින් සිටි දින හිමිදිරි යේ සුව අරණේ
ඔබ රුව දුටුවෙමි පුතුනේ ගං දිය මැද වන අරණේ
මුදවා නුඹ යුදයෙන් අප සරණක් දුන් පෙර දිනයේ
සතුටක් නුඹ සිත ගැවසුණු පුවතකි මා අද දන්නේ
කිම නුඹ අද ගංවතුරක තනියම අද හිමිදිරියේ
මුදවා ගෙන ආ සරණය කෙළෙස අද දියවන්නේ
රැක ගෙන මරු යුදයෙන් පෙර මා දරුවන් මෙහි රැකුණේ
ඒ සැනසුම දිය විය අද දැකුමෙන් නුඹ රුව පුතුනේ
ඇයි නුඹ කිම හිමිදිරියේ තනියම අද ලතවන්නේ
බස නොලැබී ලද පාපය ලැබුවෙද මා පුතනුවනේ
දැය රකිනා නිරිඳුනි කිම ඔබ නෙත් යුග අද වැසුනේ
තෙරුවන් වැඳ නෙත් බැබලූ හදවත කිම නොම සැලුණේ
අරලිය රැඳි මහ මැදුරක දිවි පෙත ඔබ බැබලෙන්නේ
මැතිඳුණි කිම සිරකර අද අප දරුවන් වන අරණේ
කුමන මා පියන් ගුණ රුව ලැබුණේ ද
කුමන බසක් නුඹ මුව හෙට රඳනේ ද
අමන පැන කුමට අප දරුවන් නොවෙ ද
කුමන පවට තිසරණ නෙත් වැසුණේ ද
(එතෙර දිවයිනකට ගොස් තම දරුවන් රැක ගත් හෙළ බසින් ගුරුළු ගෝමීන් ලියූ පොත් කියවන පහත රට සිංහල කවියකු එතෙර මෙතෙර සියළුම සිංහල බොදු ජනතාවගේ පහන් සංවෙදය පිණිස ලියූ කවියකි)
Monday, August 31, 2009
රෝගී වූ මිතුරකුට ලියූ කවියක්
තුරුණු විය පලා ගොස් සැඟව අපටත් හොරා
ගෙවී ඇති‘මුත් දවස් වසර ගණනින් සදා
මිතුරුකම් රැඳී ඇත ගල් ටැඹක අකුරු සේ
මවා අප කළ කතා මැකෙන මතකය මරා
අසනීප වී ඔබත් රෝග පුටුවක් සදා
සිටින වග දැන්වීය ඔබේ සොයුරා එදා
පැමිණි දින මේ රටට නිවාඩුව ලැබ සොඳා
මගේ හද හැඬුවේය මිතුරු සුවයක් පතා
ජීවිතේ මං පෙතේ අප සෙමෙන් දුවන විට
අට දහම අතර මැද රෝග දුක් රැඳෙනු ඇත
ඔබ තවත් දිවි මගේ ඇවිදීම නිසැකම ය
මගේ ආයුස පවා කෙටිය අද එවන්නට
(ජූලි 2009)
ගෙවී ඇති‘මුත් දවස් වසර ගණනින් සදා
මිතුරුකම් රැඳී ඇත ගල් ටැඹක අකුරු සේ
මවා අප කළ කතා මැකෙන මතකය මරා
අසනීප වී ඔබත් රෝග පුටුවක් සදා
සිටින වග දැන්වීය ඔබේ සොයුරා එදා
පැමිණි දින මේ රටට නිවාඩුව ලැබ සොඳා
මගේ හද හැඬුවේය මිතුරු සුවයක් පතා
ජීවිතේ මං පෙතේ අප සෙමෙන් දුවන විට
අට දහම අතර මැද රෝග දුක් රැඳෙනු ඇත
ඔබ තවත් දිවි මගේ ඇවිදීම නිසැකම ය
මගේ ආයුස පවා කෙටිය අද එවන්නට
(ජූලි 2009)
Sunday, August 30, 2009
මරණය සෙවනැල්ලක් වී මා වටා පැදකුණු කරයි
මරණය සෙවනැල්ලක් වී
මා වට පැදකුණු කරයි
කළු දත් විලිස්සා
මට සරදම් කරයි
නොලියු කවි පද
තණ අග පිනි වෙත
නොලැබු සෙනෙහස
කාන්දු වෙයි
හිල් වූ ජීවිත බදුනෙන්
වියැකී යන දෙනෙතින් දකිමි මම
ජීවිතයේ බොඳ වූ සිහිනය
මරණය සෙවනැල්ලක් වී
මා වටා පැදකුණු කරයි
අවසාන පැය රැගෙන මරණය එයි
පැරණි ණයකරුවකු සේ
දිවියේ නිති දහම ඔබයි
සුගත් හිමි දහම් මනසේ වපුරමින්
මම නොසැලෙමි
පිදුරුතලාගල කන්ද ලෙසින්
මරණය සෙවනැල්ලක් වී
කළු දත් විලිස්සා
මා අඹා එද්දී
මම නොසැලෙමි
පිදුරුතලාගල කන්ද ලෙසින්
(මතක දිවයින කාව්‍ය සංග‍්‍රහයෙනි)
මා වට පැදකුණු කරයි
කළු දත් විලිස්සා
මට සරදම් කරයි
නොලියු කවි පද
තණ අග පිනි වෙත
නොලැබු සෙනෙහස
කාන්දු වෙයි
හිල් වූ ජීවිත බදුනෙන්
වියැකී යන දෙනෙතින් දකිමි මම
ජීවිතයේ බොඳ වූ සිහිනය
මරණය සෙවනැල්ලක් වී
මා වටා පැදකුණු කරයි
අවසාන පැය රැගෙන මරණය එයි
පැරණි ණයකරුවකු සේ
දිවියේ නිති දහම ඔබයි
සුගත් හිමි දහම් මනසේ වපුරමින්
මම නොසැලෙමි
පිදුරුතලාගල කන්ද ලෙසින්
මරණය සෙවනැල්ලක් වී
කළු දත් විලිස්සා
මා අඹා එද්දී
මම නොසැලෙමි
පිදුරුතලාගල කන්ද ලෙසින්
(මතක දිවයින කාව්‍ය සංග‍්‍රහයෙනි)
පරාවර්තනය
නොතින් ආසා පිරුණු
තරුණ හද පෙරටු කොට
මැකෙන දිවි මං පෙතේ
විරාමය සොයමි මම
සුළඟ කෙඳිරිය නගයි
කරයි පැමිණිලි නිතර
උරණ වී අහස් කුස
ලතවේ ය අසරණව
ජනේලෙන් මා දකින
ඈත තනි සිතිජයේ
ගිරිකුළු ද වනපෙත් ද
නිවෙස් මෙන් අසරණ ය.
පයින් ගස් අතු නමා
දුකින් බර වී හඬයි
ලොව දුකින් වැලපේය
විහඟ ගී හඬ මරා
මහළු වූ අහස් කුස
දුබල නෙත් විවර කොට
විමතියෙන් බලන සඳ
කණ්ණාඩියේ මැවෙන
මහළු වත දකිමි මම.
(මතක දිවයින කාව්‍ය සංග‍්‍රහයෙනි)
තරුණ හද පෙරටු කොට
මැකෙන දිවි මං පෙතේ
විරාමය සොයමි මම
සුළඟ කෙඳිරිය නගයි
කරයි පැමිණිලි නිතර
උරණ වී අහස් කුස
ලතවේ ය අසරණව
ජනේලෙන් මා දකින
ඈත තනි සිතිජයේ
ගිරිකුළු ද වනපෙත් ද
නිවෙස් මෙන් අසරණ ය.
පයින් ගස් අතු නමා
දුකින් බර වී හඬයි
ලොව දුකින් වැලපේය
විහඟ ගී හඬ මරා
මහළු වූ අහස් කුස
දුබල නෙත් විවර කොට
විමතියෙන් බලන සඳ
කණ්ණාඩියේ මැවෙන
මහළු වත දකිමි මම.
(මතක දිවයින කාව්‍ය සංග‍්‍රහයෙනි)
Saturday, August 29, 2009
පියාඹමි දස දෙස
රටින් රට සැරි සරන
ගුවන් ගැබ සරා යන
කුරුල්ලකු ලෙසින් මම
පියාඹමි රටින් රට
අතැර මා ජය බිම ද
සුතනඹුන් හා නිවෙස
මතක දිවයින ගැන ද
පඬිවරුන් ලියූ පොත්
ගැන ද බස් දොඩවමින්
ගුවන් ගැබ සරා යන
කුරුල්ලෙකි මෙදින මම
විසල් තුඟු මැඳුරුවල
දිවි රකින මිතුරු කැල
බලා නෙත් අයාගෙන
රටින් රට සැරි සරමි
දකුණු කුරු දූපතේ
කුරුළු නිවසක රැඳුණු
මට මහත් අරුමයකි
මිතුරු මිතුරියන් රැඳි
තුඟු විසල් මැඳුරු රැස
ගුවන් ගැබ සරන සඳ
ගිනි පෙට්ටි රැසක් බඳු
තුඟු විසල් මැඳුරු රැස
දකින සඳ නොයෙක් විට
නැගේ පැනයක් මසිත
කිම ද මා මිතුරු කැළ
වෙසෙන්නේ මැඳුරුවල
ගුවන් ගැබ සරා යන
කුරුල්ලන් නොවන්නෙද?
කිම ද නොදනිමි තවම
උදෑසන පිටත් වී
සවස් කල යළිත් එන
ගමන් මඟ ගොසින් ඇත
නොදත්තෙමි අරුත් රැස
විසූ දින මැඳුරු මැද
ජීවිතේ අරුත් රැස
සොයන්නට ලියනු මැන
කවි පෙළක් හද ඇඳෙන
සොයා දිවි අරුත් දැන
මකා දුක හද රැඳෙන
(ලොස් ඇන්ජලීස්, 2007 අප‍්‍රියෙල් 7)
ගුවන් ගැබ සරා යන
කුරුල්ලකු ලෙසින් මම
පියාඹමි රටින් රට
අතැර මා ජය බිම ද
සුතනඹුන් හා නිවෙස
මතක දිවයින ගැන ද
පඬිවරුන් ලියූ පොත්
ගැන ද බස් දොඩවමින්
ගුවන් ගැබ සරා යන
කුරුල්ලෙකි මෙදින මම
විසල් තුඟු මැඳුරුවල
දිවි රකින මිතුරු කැල
බලා නෙත් අයාගෙන
රටින් රට සැරි සරමි
දකුණු කුරු දූපතේ
කුරුළු නිවසක රැඳුණු
මට මහත් අරුමයකි
මිතුරු මිතුරියන් රැඳි
තුඟු විසල් මැඳුරු රැස
ගුවන් ගැබ සරන සඳ
ගිනි පෙට්ටි රැසක් බඳු
තුඟු විසල් මැඳුරු රැස
දකින සඳ නොයෙක් විට
නැගේ පැනයක් මසිත
කිම ද මා මිතුරු කැළ
වෙසෙන්නේ මැඳුරුවල
ගුවන් ගැබ සරා යන
කුරුල්ලන් නොවන්නෙද?
කිම ද නොදනිමි තවම
උදෑසන පිටත් වී
සවස් කල යළිත් එන
ගමන් මඟ ගොසින් ඇත
නොදත්තෙමි අරුත් රැස
විසූ දින මැඳුරු මැද
ජීවිතේ අරුත් රැස
සොයන්නට ලියනු මැන
කවි පෙළක් හද ඇඳෙන
සොයා දිවි අරුත් දැන
මකා දුක හද රැඳෙන
(ලොස් ඇන්ජලීස්, 2007 අප‍්‍රියෙල් 7)
Friday, August 28, 2009
මයිකල් ජැක්සන්ගේ මරණය
ඔබ ගැයූ ගී මෙන්ම
අසා ඇත්තෙමි
ඔබ ගැන ද බොහෝ දේ
ජලය මෙන් මහ සයුර
කළු කොලූවකුව සිටි කාලයේ සිට
අසා ඇත්තෙමි බොහෝ දේ
ඔබ ගැන ද
සුළඟ සේ පැතිර ගිය
බාල කල රුව දුටූ විට වරක්
මාර්ක් ට්වේන් මැවූ
කළු චරිතයක් යැයි සිතිණ මට
පියාගෙන් අතවර ලබා
ළමා විය වියැකුණ ද
පිපිණ ඔබ
වසන්තේ මලක් සේ
සඳ තරණය කරන්නට නොහැකිවුව
කළ අයුරු සඳ ගමන පොළෝ මත
තිබෙනු ඇත මතකයේ
අප යළිත් මුණ ගැසෙනතුරු සසර
නැති වුව ද වෙසෙන්නට
නෙවලෑන්ඞ් වැනි මැදුර
මම ද ඉඳි කළෙමි මෙහි
කුඩා නිවසක් අපට
කුඩා කඳු ගැටය මත
නැති වුවත් එහි අගය
මා ලියූ කවි කුමට
අරුත් නැත එහි දැවටි
මගේ කවි සේ නොවේ
ඔබ ගැයූ ගී නිබඳ
සරනු ඇත ලෝ ගැබම
ඉර හඳ ද මැරෙන තුරු
කුමට තව පරි කථා
මළ පුවත ඔබ අසා
කිම ද කම්පා වූයෙ
වින්ටරේ උදෑසන
ජීවිතය තණ පතක
දිය බිඳක් බව දැන දැනම!
අසා ඇත්තෙමි
ඔබ ගැන ද බොහෝ දේ
ජලය මෙන් මහ සයුර
කළු කොලූවකුව සිටි කාලයේ සිට
අසා ඇත්තෙමි බොහෝ දේ
ඔබ ගැන ද
සුළඟ සේ පැතිර ගිය
බාල කල රුව දුටූ විට වරක්
මාර්ක් ට්වේන් මැවූ
කළු චරිතයක් යැයි සිතිණ මට
පියාගෙන් අතවර ලබා
ළමා විය වියැකුණ ද
පිපිණ ඔබ
වසන්තේ මලක් සේ
සඳ තරණය කරන්නට නොහැකිවුව
කළ අයුරු සඳ ගමන පොළෝ මත
තිබෙනු ඇත මතකයේ
අප යළිත් මුණ ගැසෙනතුරු සසර
නැති වුව ද වෙසෙන්නට
නෙවලෑන්ඞ් වැනි මැදුර
මම ද ඉඳි කළෙමි මෙහි
කුඩා නිවසක් අපට
කුඩා කඳු ගැටය මත
නැති වුවත් එහි අගය
මා ලියූ කවි කුමට
අරුත් නැත එහි දැවටි
මගේ කවි සේ නොවේ
ඔබ ගැයූ ගී නිබඳ
සරනු ඇත ලෝ ගැබම
ඉර හඳ ද මැරෙන තුරු
කුමට තව පරි කථා
මළ පුවත ඔබ අසා
කිම ද කම්පා වූයෙ
වින්ටරේ උදෑසන
ජීවිතය තණ පතක
දිය බිඳක් බව දැන දැනම!
Thursday, August 27, 2009
ආපසු ගමන
අඳුර මැකෙන විට මැදියම
මම එමි අරුණළු අතරෙන්
විහඟ හඬට කන් දෙන්නට
සතුරු මිතුරු හමුවන්නට
මැරුණු සැමරු වෙයි මතකය
නැත ලොව ගැන කිසිම වගක්
දුක් ගීයක තනුව රැඳුණු
මියුරු සුරල් මිය යන සඳ
එතෙර සසර දුක් නිවනා
තුටු ගීයක් හද රැඳේ ද?
රුදුරු වහස් බස් සඟවන
සතුරු මිතුරු හමු වේවි ද?
මගෙ ලොව හෙමි හිට දියවෙයි
සතුටු කඳුළු නෙතඟ මැවෙයි
මා හද රැඳි ගණඳුර මෙන්
අඳුර ද හෙමිහිට වියැකෙයි
(2005)
මම එමි අරුණළු අතරෙන්
විහඟ හඬට කන් දෙන්නට
සතුරු මිතුරු හමුවන්නට
මැරුණු සැමරු වෙයි මතකය
නැත ලොව ගැන කිසිම වගක්
දුක් ගීයක තනුව රැඳුණු
මියුරු සුරල් මිය යන සඳ
එතෙර සසර දුක් නිවනා
තුටු ගීයක් හද රැඳේ ද?
රුදුරු වහස් බස් සඟවන
සතුරු මිතුරු හමු වේවි ද?
මගෙ ලොව හෙමි හිට දියවෙයි
සතුටු කඳුළු නෙතඟ මැවෙයි
මා හද රැඳි ගණඳුර මෙන්
අඳුර ද හෙමිහිට වියැකෙයි
(2005)
නෙත කඳුළැලි නැත මැකුණේ
කිසි විට කවියට නො නැගුණු
ගොරහැඩි දුක් සිතුවිලි සේ
පොර කන සිතුවිලි මතකය
රුදුරු අතීතයේ ලෙන දොර
තුළින් සැණින් එළියට විත්
හිස දිගු කොට පිය ඔසවයි
සඳ එළියෙන් සිසිලස ගෙන
නෙත් දියරෙන් එය මුසු කොට
ජීවිතයේ හිසරදයට
අඳුනක් කර ගන්නෙමි මම
අවට වෙසෙන දහසක් දන
හෙළන නගන සුසුම් රළින්
එය රත් වී වියළී යයි
මිය යන්නට පණ අදිනා
අයෙකු නගන මර හඬ සේ
මා වට ඇති දස දහසක්
මුවග අදෝනා ලෙළ දෙයි
සැඩ හිරු රැස් කිරණ වැදී
ගත වියලෙන කල නිරතුරු
හිස සඟවන්නට පොර කයි
පාරේ වියැකෙන ජීවිත
ඔබ ගැන මතකය යට කොට
දුක් වළඳින අය පිළිබඳ
සිතුවිලි දහසක් මතුවෙයි
වෙරළක ඇඳි සිතුවම සේ
ඔබෙ රූපය කවි ලෝකෙන් මිය යද්දී
මා වට කළ අඳුර තුළින්
කවි දහසක් උපත ලබයි
(1976, මහරගම)
ගොරහැඩි දුක් සිතුවිලි සේ
පොර කන සිතුවිලි මතකය
රුදුරු අතීතයේ ලෙන දොර
තුළින් සැණින් එළියට විත්
හිස දිගු කොට පිය ඔසවයි
සඳ එළියෙන් සිසිලස ගෙන
නෙත් දියරෙන් එය මුසු කොට
ජීවිතයේ හිසරදයට
අඳුනක් කර ගන්නෙමි මම
අවට වෙසෙන දහසක් දන
හෙළන නගන සුසුම් රළින්
එය රත් වී වියළී යයි
මිය යන්නට පණ අදිනා
අයෙකු නගන මර හඬ සේ
මා වට ඇති දස දහසක්
මුවග අදෝනා ලෙළ දෙයි
සැඩ හිරු රැස් කිරණ වැදී
ගත වියලෙන කල නිරතුරු
හිස සඟවන්නට පොර කයි
පාරේ වියැකෙන ජීවිත
ඔබ ගැන මතකය යට කොට
දුක් වළඳින අය පිළිබඳ
සිතුවිලි දහසක් මතුවෙයි
වෙරළක ඇඳි සිතුවම සේ
ඔබෙ රූපය කවි ලෝකෙන් මිය යද්දී
මා වට කළ අඳුර තුළින්
කවි දහසක් උපත ලබයි
(1976, මහරගම)
Wednesday, August 26, 2009
ආරාධනයක්
(නීලා වික‍්‍රමසිංහ සහ කපිල හේරත් ට)
මගෙ කවියක සුවඳ රැගෙන
එන්න හනික සුළඟ ලෙසින
ගොළු මුහුදේ රළ විලසට
එන්න හනික මගේ ගමට
රජ උයනේ මල් අවදිව
සිනහ නගන දිනක එන්න
තිසර නදියෙ දිය පිඩු මත
සඳ රැළි සේ පාව එන්න
ඔබ හසරැළි මෙහි රඳන්න
එන්න මගේ නව ගම වෙත
මගේ හිතේ දුක නිවන්න
ජන කවියක් සේ ඇදෙන්න
පැරණි මතක රැගෙන එන්න
ළමා මතක කැටුව එන්න
අවුරුද්දට කොහෝ කියූ
ගීයක තනු රැගෙන එන්න
මැරුණු පෙමක සුවඳ හමන
පෙම් ගීයක් තබා එන්න
යුදට ගොසින් ගෙදර නොආ
පුතුගෙ පුවත රැගෙන එන්න
මගෙ කවියක සුවඳ රැගෙන
එන්න හනික සුළඟ ලෙසින
ගොළු මුහුදේ රළ විලසට
එන්න හනික මගේ ගමට
රජ උයනේ මල් අවදිව
සිනහ නගන දිනක එන්න
තිසර නදියෙ දිය පිඩු මත
සඳ රැළි සේ පාව එන්න
ඔබ හසරැළි මෙහි රඳන්න
එන්න මගේ නව ගම වෙත
මගේ හිතේ දුක නිවන්න
ජන කවියක් සේ ඇදෙන්න
පැරණි මතක රැගෙන එන්න
ළමා මතක කැටුව එන්න
අවුරුද්දට කොහෝ කියූ
ගීයක තනු රැගෙන එන්න
මැරුණු පෙමක සුවඳ හමන
පෙම් ගීයක් තබා එන්න
යුදට ගොසින් ගෙදර නොආ
පුතුගෙ පුවත රැගෙන එන්න
මරණය කෙටි ගමනකි
"මරණය
ඇවිදින් කලින්ම
අත වනයි
දුර ගමනක් යන්නට
සුදු කොඩි වැල්
අතරින්
පාළු සුසානයට”
ඔබ කැටුව එන්නෙමි, සොල්දාදුවා සහ විජිතය කාව්‍ය සංග‍්‍රහය, උදේනි සරත්චන්ද්‍ර
මරණය මට
දිගු ගමනක් නොවේ සබඳ
කෙටි පාරක අග ය නොරට
සුදු වැල් කොඩි කොයින් ද මට
සුදු තිසරුන් කළු වූ රට
දෙවෙන්දරා ගිය විලසට
යන්ට නොහැක සුසානයට
පණ ඇති කල ගෙවූ කාසි
ගෙන යනු ඇත කළු රියකින්
කරකතාව නිහඬ තැනකි (1)
රේල්ලූවක හඬ ඇරුණම
රැහැයියන් ද නැති දවසක
සිහින් සුළඟ ගී කියා වි
උපත විපත හෝ දක්වන
සොහොන් කොතක් නැති වූ කල
ඔබේ කවිය ඉකි බිඳමින් ගී ගයාවි
රැහැයියන් ද නැති වූ රැය
(1) කරකතාව (Karrakatta Cemetery) යනු පර්ත් නුවර ඇති ප‍්‍රසිද්ධ නමැති සුසාන භූමියකි. 1899 දී මළවුන් භූමදානය සඳහා තැන වූ මෙය, බටහිර ඔස්ටේරිලියාවෙි බොහෝ දෙනකුගේ අවසන් නින්ද ලබන ස්ථානයක් සේ ප‍්‍රසිද්ධය.

Tuesday, August 25, 2009
I don't write poems in Sinhala any more!
While you craft your metaphors
And write as you like
In Sinhala,
While you win awards
I struggle here,
Under watchful eyes.
Post-colonial poets
Look on as I polish
My words into metaphors.
At night, when your metaphors cry out
And shine in their newborn glow,
I climb cliffs of foreign imagery
And bleed for a simile.
I eat, I drink, and worship white poetry;
I don a white mask
To overcome the self-pity.
I send you postcards
With 'cool pictures' of Perth!

We the Auslankans
We the AusLankans carry
Australian passports
Mutter unknown words
Of an alien anthem.
We AusLankans,
Dream every year
To have a cheap holiday
In a tear-drop-shaped Island.
Australian passports
Mutter unknown words
Of an alien anthem.
We AusLankans,
Dream every year
To have a cheap holiday
In a tear-drop-shaped Island.
A faded memory
Sri Lanka, A far away land,
Hanging onto my fading memory
Like a memory of my childhood.
Sri Lanka sheds tears
Onto the Indian Ocean
Weeps like a young widow.
Hanging onto my fading memory
Like a memory of my childhood.
Sri Lanka sheds tears
Onto the Indian Ocean
Weeps like a young widow.
Don't speak to me of Derrida!
Please don’t speak to me of Derrida
I don’t understand him
I can’t deconstruct my life
After our journey across
The mute Indian Ocean.
Yes, deconstruction is an essential
As a part of my life being potential
By shedding the language of my past
Building a new place without a past:
Looking for a Sense of Place fast.
I have no status in my new place
Unlike your position in Civil Service
Other than being the Other in my service.
I see my binary oppositions
Of my First and Third World combinations
Down Under!

My dreams Down Under
In my dreams you enter the autumn rain
That gripes with age.
On the way side ageing Lilac,
Strange flowers with faded colours
Of the mute Indian Ocean we crossed.
The wind murmurs as I sigh
And the rain drops are heavy
As the tears we shed.
I am still convalescing
After the journey.
Our sorrows will settle
In a labyrinth
Of loneliness.
Through out the night
Dead memories travel
Through old windows.
Suddenly I realised
I am far away:
Down Under!
The dead memories thickens
And mixes with darkness
In this room
Like kalu dodol
I am frozen in present
Unable to melt into the future.
(May 2005, Western Australia)
That gripes with age.
On the way side ageing Lilac,
Strange flowers with faded colours
Of the mute Indian Ocean we crossed.
The wind murmurs as I sigh
And the rain drops are heavy
As the tears we shed.
I am still convalescing
After the journey.
Our sorrows will settle
In a labyrinth
Of loneliness.
Through out the night
Dead memories travel
Through old windows.
Suddenly I realised
I am far away:
Down Under!
The dead memories thickens
And mixes with darkness
In this room
Like kalu dodol
I am frozen in present
Unable to melt into the future.
(May 2005, Western Australia)
Friday, August 21, 2009
මේනකාට ලියූ කවි දෙකක්
තටු සිඳුණු කිරිල්ලියක සේ සැඟව සිටි
ඔබේ අත්තටු මැවී
ගුවන් ගැබ පියාසර කරන්නී
කිම ඇවිත් අපේ වග සොයන්නී
කන්තෝරුවෙ ලිපි ගොනු මැද මැකී තිබූ
ඔබේ වතේ මුතු හසරැළි
හදිසියේ ම මතුවී ඇත
මිදුණු මෙහෙවර ලබා තුටු සිනා මතු වීද?
ගුවන් ගැබ සැරි සරණ සඳ
ලිපි ගොනු අතරේ සිර වූ
යහලූ යෙහෙළියන් කැල සිහි වී ආවෙ ද?
ගුවන් ගැබ පියාසර කරන්නී
කාලයේ රැඳී ඇති විශ්වයම ඉදිරියට ඇදෙන කල
එක් කුඩා දිවයිනක පොළෝ තල රැඳී ඇති
ඔෆිසියේ වෙසෙමි අද නොහැකි පැන විසඳන්න
ලිපි ගොනු මැද සිරවී ඇති
යහලූ යෙහෙළියන් කැල සිහි වී
ශෝකයක් ඇති වී ද?
හදිසියේ යළි ඇවිත් කිම ද සැප දුක් සොයනු
කාලයේ රැඳී ඇති විශ්වයම ඉදිරියට ඇදෙන කල?
(1982 පෙබරවාරි 1, කොළඹ)
අවුරුදු විසි හතකට පසුව
කාලය ද සැඩ නළක් සේ දරණු
සියල්ලම ඉවත් කොට ඇති දිනක
ඔබ එවයි හදිසියේ ඉන්ටනෙට් මේලයක්
තුරුණු විය මා ලියූ මිතුරු කවියක් සමඟ
මතකයේ සැඟව ගිය තවත් එක් මතකයක්
මැවේ මා දසුන මත ලියූ බව කවි ඔබට
ගොළු මුහුද හමා ආ සිහිල් සුළඟක් ලෙසින්
කාලයේ සැඟව ගිය තුරණු විය මතකයකි
කොම්පියට තිරය මත
සිහල අකුරු ද සමග
සදයි සතුටක් සිතට
ලියු වග කවි එකල
ඔබ එදින ගුවන් ගැබ තටු ලබා
ලොව වටා නෙක දසුන් බැලූ දින
මා රැඳී සිටියෙමි ය ඔබ නොසිටි ඔෆිසියේ
ලක රැඳුණු දුප්පතුන් දුක නිවන තතු සොයා
එදන ගත දුක නිවන
දන ලැබුණුමුත් එදින
ගොදුරු සොයනා සොරුන්
හොරා ගත් ධනය විය
කෝප වී රට අතැර
සොයන්නට නෙක් දැනුම
මම ආමි දකුණු කුරු දූව වෙත
රැගෙන සුතනඹු එදින
ඔබ නොදත් තතු නොයෙක
දිවි පුවත් නැත සොඳුරු
කවියකින් කිව නොහැක
වසර විසි හතක වග
ගුවන් ගැබ පියාසර කොට එදින
දැනුම ලැබ ගත් ඔබට
තිබෙනු නිසැකය නුවණ
රටක පැන විසඳන්න
ලක අත හැර මා පිටරට
වැදී ලැබූ දැනුම පටු ය
ලක පිරි ඇති පැණ විසඳන
නුවණ කියා දෙනු යෙහෙළිය!
(2009 මැයි 9, පර්ත් , බටහිර ඔස්ටේ‍්‍රලියාව)

සුදු වත ගත් සිවිල් සේවකයා
අසුර සැනින් පැන විසඳන
මෙරට සිවිල් සේවෙ සොඳුරු
අයෙකු වෙමි ය සුදු වෙස් ගත්
කළු වූවත් මා ගත සිත!
ප‍්‍රාන්තයක පැන විසඳමි
සුදු මිතුරන් අතරට වැද
පැන විසඳන නුවණ නැතත්
සති දෙකකින් ලැබෙයි වැටුප!
පැන විසඳමි අත් විදහා
සුදු වෙස් මුහුණක් පළඳා
තිසර නදිය සෙමින් ගලයි
එහි අසිරිය නෙතඟ ගැටෙයි
එහෙත් මෙරට පැන බොහෝ ය
ඒ විසඳන රුසිය නැති ය
පැන විසඳන නුවණ ලදොත්
උපන් බිමට යා හැක මට!
සුදු මිතුරන් සුමදුර වෙයි
සිකුරාදා මදු විත් එයි
පැන විසඳන නුවණ නැතත්
සති දෙකකින් වැටුප් ලැබෙයි
දුප්පත්කම නැති වී ගොස්
දහසක් රැඳි පියලි බැඳෙයි
එහෙත් මෙරට පැන බොහෝ ය
ඒ විසඳන රුසිය නැති ය
පැන විසඳන නුවණ ලදොත්
උපන් බිමට යා හැක මට!
පැන විසඳන නුවණ නැතත්
සති දෙකකින් වැටුප් ලැබෙයි
මෙරට සිවිල් සේවෙ සොඳුරු
අයෙකු වෙමි ය සුදු වෙස් ගත්
කළු වූවත් මා ගත සිත!
ප‍්‍රාන්තයක පැන විසඳමි
සුදු මිතුරන් අතරට වැද
පැන විසඳන නුවණ නැතත්
සති දෙකකින් ලැබෙයි වැටුප!
පැන විසඳමි අත් විදහා
සුදු වෙස් මුහුණක් පළඳා
තිසර නදිය සෙමින් ගලයි
එහි අසිරිය නෙතඟ ගැටෙයි
එහෙත් මෙරට පැන බොහෝ ය
ඒ විසඳන රුසිය නැති ය
පැන විසඳන නුවණ ලදොත්
උපන් බිමට යා හැක මට!
සුදු මිතුරන් සුමදුර වෙයි
සිකුරාදා මදු විත් එයි
පැන විසඳන නුවණ නැතත්
සති දෙකකින් වැටුප් ලැබෙයි
දුප්පත්කම නැති වී ගොස්
දහසක් රැඳි පියලි බැඳෙයි
එහෙත් මෙරට පැන බොහෝ ය
ඒ විසඳන රුසිය නැති ය
පැන විසඳන නුවණ ලදොත්
උපන් බිමට යා හැක මට!
පැන විසඳන නුවණ නැතත්
සති දෙකකින් වැටුප් ලැබෙයි
Thursday, August 20, 2009
වන පෙත අසිරිය
මේ තුරු වන පෙත කිම අසිරිය ගෙන
වින්ටරයේ සිහිතල විඳමින් සුව
මා බිය වූවත් වින්ටර සුළඟට
වන පෙත හිනැහෙයි මා අබියස අද
මා සැම දින යන වේ මග අසබඩ
වන පෙත අසිරිය නැත හමු වී පෙර
වාහන දුම්රිය අතරේ හිර වී
ගිය දින දැක නැත වන පෙත අසිරිය!
මා මන සැනසෙයි වන පෙත දැක්මෙන්
වින්ටරය ද මට සතුරෙක් වූ දින
වන පෙත අසිරිය දසුනේ මවමින්
පැනයක් විමසයි සීතල මනසින්
ජීවිතය ද වෙද දැක නැති වන පෙත
ඇවිදින කල දැක නැත දිවි මං පෙත?
කිම මේ වන පෙත ගැන ලතවන්නේ
වන පෙත සිරි නොබලා නොම යන්නේ?
(ජුන්ඩලප්, බටහිර ඔස්ටේ‍්‍රලියාව)
වින්ටරයේ සිහිතල විඳමින් සුව
මා බිය වූවත් වින්ටර සුළඟට
වන පෙත හිනැහෙයි මා අබියස අද
මා සැම දින යන වේ මග අසබඩ
වන පෙත අසිරිය නැත හමු වී පෙර
වාහන දුම්රිය අතරේ හිර වී
ගිය දින දැක නැත වන පෙත අසිරිය!
මා මන සැනසෙයි වන පෙත දැක්මෙන්
වින්ටරය ද මට සතුරෙක් වූ දින
වන පෙත අසිරිය දසුනේ මවමින්
පැනයක් විමසයි සීතල මනසින්
ජීවිතය ද වෙද දැක නැති වන පෙත
ඇවිදින කල දැක නැත දිවි මං පෙත?
කිම මේ වන පෙත ගැන ලතවන්නේ
වන පෙත සිරි නොබලා නොම යන්නේ?
(ජුන්ඩලප්, බටහිර ඔස්ටේ‍්‍රලියාව)
Monday, August 17, 2009
උදෑසන නොලියූ කවියක්
ලියන්නට හදන විට නොලියු පෙර කවි සිතක්
දුම්රිය ද හඬ නගා යයි විදුලි රැහැන් යට
ඉර ඇදී සිනාසෙන ලකුණු ඇතිමුත් අවට
වින්ටරේ සීතලය බැඳී ඇත මා අවට
බෙලෙක් සංගීත හඬ දුම්රියේ හඬ මකයි
මා නොදත් පොත් අතැති දනෝ මා වට සිටිත්
කමිසයේ සාක්කුව ඇත පෑන ලියන්නට
ලබා කොල අත පෑන මම සොයමි කවි මනස
බෙලෙක් සංගීත හඬ දුම්රියේ හඬ මකයි
මා නොදත් පොත් අතැති දනෝ මා වට සිටිත්
කමිසයේ සාක්කුවෙ ඇත පෑන ලියන්නට
පෑන ගෙන මම සොයමි නැති ව ගිය කවි මනස
සිත ලබන විට මතක දිවයිනක ජය හඬක්
නැති වු මව් බිම ගැනය සිත හඬන්නේ අදත්
යා යුතුව ඇති නමුත් කරන්නට සේවයක්
නොමැත ගෙන යන්ට තව දැනුම රැඳ වූ හිසක්
දුම්රියේ දනන් මා වෙත හෙළන සුදු බැලූම්
ගැන පමණි ලියන්නට තිබෙන්නේ මට අදත්
මහළු වූ කුදු ගැසුණු තෙවන ලොව මිනිසෙක් ය
ජීවිතේ සැඳෑ විය මැකෙන තව දවසක් ය
(2009 ජූනි 30)
දුම්රිය ද හඬ නගා යයි විදුලි රැහැන් යට
ඉර ඇදී සිනාසෙන ලකුණු ඇතිමුත් අවට
වින්ටරේ සීතලය බැඳී ඇත මා අවට
බෙලෙක් සංගීත හඬ දුම්රියේ හඬ මකයි
මා නොදත් පොත් අතැති දනෝ මා වට සිටිත්
කමිසයේ සාක්කුව ඇත පෑන ලියන්නට
ලබා කොල අත පෑන මම සොයමි කවි මනස
බෙලෙක් සංගීත හඬ දුම්රියේ හඬ මකයි
මා නොදත් පොත් අතැති දනෝ මා වට සිටිත්
කමිසයේ සාක්කුවෙ ඇත පෑන ලියන්නට
පෑන ගෙන මම සොයමි නැති ව ගිය කවි මනස
සිත ලබන විට මතක දිවයිනක ජය හඬක්
නැති වු මව් බිම ගැනය සිත හඬන්නේ අදත්
යා යුතුව ඇති නමුත් කරන්නට සේවයක්
නොමැත ගෙන යන්ට තව දැනුම රැඳ වූ හිසක්
දුම්රියේ දනන් මා වෙත හෙළන සුදු බැලූම්
ගැන පමණි ලියන්නට තිබෙන්නේ මට අදත්
මහළු වූ කුදු ගැසුණු තෙවන ලොව මිනිසෙක් ය
ජීවිතේ සැඳෑ විය මැකෙන තව දවසක් ය
(2009 ජූනි 30)
පිටකොටුව - 2007 දෙසැම්බර්
නැත පෙර ලෙස ඇත මහළුව
සඟවා යුගයක් නැති වුණු
බෝ ගස යට අරුම අතර
බුදු හඬ සුළඟට මුසු වෙත
කුණු කඳු පිපි කානු අතර
ගැවසෙති යාචක දහසක්
රටක දුකක් මට පවසා
පොඩි දරුවෙකු සිඟා වදියි
සිඟමන් නැති රටක වෙසෙන
තව මිනිසෙකි කඳුළු රඳන
හදක රැඳුණු දුක මකමින්
අබිසරු ලිය ඉඟි පාවේ
විසිතුරු බඩු රට සනසන
වේ ය නිබඳ ඩොලර්වලට
ගෙන යන දුක් මුහුණු පමණි
සිත රැඳි මා මතක අතර
සඟවා යුගයක් නැති වුණු
බෝ ගස යට අරුම අතර
බුදු හඬ සුළඟට මුසු වෙත
කුණු කඳු පිපි කානු අතර
ගැවසෙති යාචක දහසක්
රටක දුකක් මට පවසා
පොඩි දරුවෙකු සිඟා වදියි
සිඟමන් නැති රටක වෙසෙන
තව මිනිසෙකි කඳුළු රඳන
හදක රැඳුණු දුක මකමින්
අබිසරු ලිය ඉඟි පාවේ
විසිතුරු බඩු රට සනසන
වේ ය නිබඳ ඩොලර්වලට
ගෙන යන දුක් මුහුණු පමණි
සිත රැඳි මා මතක අතර
Saturday, August 15, 2009
නිව් නෝසියාවේ ගෙවූ රැයක්
ගලින් සැදූ පල්ලි සොඳුරු නින්ද නැතිව ලොව විමසයි
සීතල සළු වියැකී ගොස් අහස සොඳුරු කවියක් වෙයි
කාලය භාවනා කරයි නිහැඬියාව පියඹා එයි
ලොව බැති පිරි යතිවරයෙකි සාමය මා හද පැතිරෙයි
පර්ත් නුවර දුහුවිලි නැති මේ නගරය ගමක් වැනි ය1
නාඳුනනා මිනිසුන් වුව මිතුරන් වෙයි මහ අරුමය
කරුණා ගුණ පිරි යතිවරු වැනි පූජක රැඳි නුවර ය
සිත නිකසල වෙයි නිරතුරු හදවත තැවරෙයි සාමය
ගොළු මුහුදෙන් එතෙර රැඳුණු මා වෙසෙනා නිවස දුරය
එහෙත් තවත් නිවසක් වෙයි පල්ලි අසල කුඩා කුටිය
දුක දැවටී හඬනා සිත සමනය වන ලකුණු ඇතිය
මුනිවරයෙකු ලෙස මා සිත පළිඟු මිණක් වෙයි අරුමය
රටක් නොමැති මිනිසකු හට ගමක් සදයි මේ නගරය
නැති වූ සම්පත් හදමින් මන පිනවයි මේ නගරය
තනි වූ සිත තවා නිබඳ නැති වූ බස් සැදු නගරය
සදා යළිත් මිය ගිය කවි මතු කරවයි කුළුණු ගුණ ය
(1) නිව් නෝසියාව - පර්ත් නුවරින් කිලෝ මීටර 132 උතුරෙන් පිහිටා ඇති නිව් නෝසියාව, 1846 දී ස්පාඤ්ඤයේ සිට පැමිණි බෙනඩික්ටීන් නිකායට අයත් පූජකවරුන් දෙදෙනකු විසින් ආරම්භ කළ කුඩා පූජා නගරයකි. එහි දැනට පදිංචි පූජකවරුන් වරුන් අරඹා ඇති අධ්‍යාපන නිකේතනය හා අදාළ කටයුතු නිසා දැන් නිව් නෝසියාව සංචාරක නගරයක් ලෙස ද ප‍්‍රසිද්ධ ය.

එතෙර කවියා සහ මෙතෙර ලෝකය
(මතක දිවයිනේ රැඳුණු තරුණ කවියකුටය)
තරුණ නුඹත් කවියෙකු වී ලෝකය ගැන කවි ලියනව
තනි යායක් නො වූ ලොවක තොරතුරු ගැන මට කියනව
සේකර මහ කවියා ගැනත් මහ ලොකු නෙක පැන නඟනව
කොම්පියුටර මැද හිරවුණු බිත්ති අතර නුඹ වෙසෙනව
ඒ වුනාට බිත්ති මැදින් පියඹා නුඹ කවි ලියනව
පියා ගැනත් ඉඳල හිටල මහ ලොකු පැනයක් නගනව
ඒ වුනාට ජීවිතයම කවියක් බව මට කියනව
ලොවේ වෙසෙන කවියන් වෙත අසුර සැණින් කවි යවනව
මගේ පුතා මිනිසෙකු වී ලෝකයෙ කවි නැහැ කියනව
තනි යායක් වූ ලෝකෙක සතුටු ඉපිළි මැද වෙසෙනව
සේකර මහ කවිය නොදැන බෙලෙක් හඬට වශී වෙනව
සොඳුරු ලොවක හෝටලයක කුස්සිය මැද ගිනි තපිනව
මතක රටේ වෙසෙන නුඹත් ලෝකය ගැන කවි ලියනව
එතෙර රටේ වෙසෙන මාත් මගේ දුකට කවි හදනව
මා මැරුණම කවි ලියනා අය ගැන සිත දුක තවනව
ලෝකය මහ තනි යායක් ඒ වුනාට දුක රැඳෙනව

Friday, August 14, 2009
දෙබසක්
උඩු සිත:
කිම ද ලියන්නේ සිහල කවි තවත්
කවුරුද කියවන්නේ ඒ සුළු කවි
මතක දිවයිනක මතකය කැටි කොට
නැත කිසි අසිරිය දුබලය හෙළ බස
යටි සිත:
කිම ද දොඩන්නේ කුරිරු වු බස් නුඹ
මව් බස කෙලෙස ද අමතක වන්නේ
ඒ බස හද බස නොවේ ද කිව මැන
දෙදහස් පන්සිය වසරක උරුමය
තිබේය මා හද රැඳි ඒ කවි බස
උඩු සිත:
නුඹ හද බස ගැන දොඩවනු කිම අද
සුදු බස නොවැ නුඹ ගත සරසන්නේ
ඒ බස දොරගුළු ඇත මහ ලොවකට
හැකිළී ගිය ගෝලය සැණකෙළියකි
යටි සිත:
සුදු බස ගත රැඳෙනා බව සැබවකි
එහෙත් හදේ ඇත මව් බස රූපය
ප‍්‍රථම පේ‍්‍රමයේ සිතුවම ලෙස මන
කෙළෙස ද අත් හරිනේ මා හද බස
උඩු සිත:
සිහල බසින් ලියු නුඹගේ කවි පොත්
ඩොලර ගෙනාවෙ ද කිතු ගොස් දුන්නෙ ද
සුදු වත ගෙන නුඹ ලියු සුළු කවි පොත
නිරතුරු කිතු ගොස ගෙන ආවා නොවැ
නුඹේ නමත් දැන් එතර ද පැතිරෙත
නුඹේ ගමත් දැන් එතර ද පැතිරෙත
ලියනු සබඳ අත හැර නුඹ හද බස
පළඳා සුදු මුහුණක් කළු උවනත
යටි සිත:
සුදු වෙස් මුහුණකි මා පළඳින්නේ
සුදු කවි නැත මා හද බස දන්නේ
ලියනා සුදු කවි නැත හද දන්නේ
මා මන හද බස විරිත් රකින්නේ
නැත ඩොලරය දුක් පහ කරලන්නේ
හෙළ කවියෙනි සිත දුක් දුරලන්නේ
ගත රැුඳෙනා දුක් මට අඟවන්නේ
සිත රැඳෙනා දුක් මට දන්වන්නේ
සසරේ ලතැවිලි තැවරී නිරතුරු
දුක් වී ගැහෙනා විට මා හදවත
හද බසම ය සිත සහන සදන්නේ
දුක් ලතැවිලි හැම පහ කරලන්නේ
මාර්තු - අප‍්‍රියෙල් 2009
ජුන්ඩලප්, බටහිර ඔස්ටේ‍්‍රලියාව
කිම ද ලියන්නේ සිහල කවි තවත්
කවුරුද කියවන්නේ ඒ සුළු කවි
මතක දිවයිනක මතකය කැටි කොට
නැත කිසි අසිරිය දුබලය හෙළ බස
යටි සිත:
කිම ද දොඩන්නේ කුරිරු වු බස් නුඹ
මව් බස කෙලෙස ද අමතක වන්නේ
ඒ බස හද බස නොවේ ද කිව මැන
දෙදහස් පන්සිය වසරක උරුමය
තිබේය මා හද රැඳි ඒ කවි බස
උඩු සිත:
නුඹ හද බස ගැන දොඩවනු කිම අද
සුදු බස නොවැ නුඹ ගත සරසන්නේ
ඒ බස දොරගුළු ඇත මහ ලොවකට
හැකිළී ගිය ගෝලය සැණකෙළියකි
යටි සිත:
සුදු බස ගත රැඳෙනා බව සැබවකි
එහෙත් හදේ ඇත මව් බස රූපය
ප‍්‍රථම පේ‍්‍රමයේ සිතුවම ලෙස මන
කෙළෙස ද අත් හරිනේ මා හද බස
උඩු සිත:
සිහල බසින් ලියු නුඹගේ කවි පොත්
ඩොලර ගෙනාවෙ ද කිතු ගොස් දුන්නෙ ද
සුදු වත ගෙන නුඹ ලියු සුළු කවි පොත
නිරතුරු කිතු ගොස ගෙන ආවා නොවැ
නුඹේ නමත් දැන් එතර ද පැතිරෙත
නුඹේ ගමත් දැන් එතර ද පැතිරෙත
ලියනු සබඳ අත හැර නුඹ හද බස
පළඳා සුදු මුහුණක් කළු උවනත
යටි සිත:
සුදු වෙස් මුහුණකි මා පළඳින්නේ
සුදු කවි නැත මා හද බස දන්නේ
ලියනා සුදු කවි නැත හද දන්නේ
මා මන හද බස විරිත් රකින්නේ
නැත ඩොලරය දුක් පහ කරලන්නේ
හෙළ කවියෙනි සිත දුක් දුරලන්නේ
ගත රැුඳෙනා දුක් මට අඟවන්නේ
සිත රැඳෙනා දුක් මට දන්වන්නේ
සසරේ ලතැවිලි තැවරී නිරතුරු
දුක් වී ගැහෙනා විට මා හදවත
හද බසම ය සිත සහන සදන්නේ
දුක් ලතැවිලි හැම පහ කරලන්නේ
මාර්තු - අප‍්‍රියෙල් 2009
ජුන්ඩලප්, බටහිර ඔස්ටේ‍්‍රලියාව
පර්ත් නුවර ජන කවි
ඉරත් හවස පැනල ගිහින් ලෝකයෙ කලූවර බැඳෙනව
හඳත් තරුත් නැහැ වැඩ අද අගුවට වී නිදි කිරනව
මගේ පාළු කැපූ අයත් නැහැ අද උන් දුර වෙසෙනව
තනිකම නම් හතුරෙකු සේ මේ ගෙයි එළියත් නිවනව
අඳුර අනේ ළමයකු සේ බිය වී ඉකි බිඳ අඬනව
මට තනිවට පාළු කැපූ පොත් සේරම සුසුම් ලනව
තනිකම නම් රකුසකු සේ පය තබමින් ගෙට ඇදෙනව
මගේ හිතේ දුක් නිවෙන්න සිංහල කවියක් ගොතනව
මගෙ ඇඟපත හිරිවට්ටන සීතල සුළඟක් ඇදෙනව
බඬේ ගින්න නැති කරන්න බත් කඳුළක් ගෙයි ඉදෙනව
තනිකම එළවන කවියක් පිරිත් වගේ හිතට එනව
මගෙ පාළුව නැති කරන්න සිංහල කවියක් ගොතනව

පර්ත් ගමට සඳ පායා
පිරුණු හඳ පර්ත් පුර
රවයි මා දෙස බලා
මහා රිය වේ මඟක
රියක් පැද වූ දිනක
රැ යමේ මා තනිව
රැවූමු‘ත් ඔහු මදෙස
හඳ හාමි පර්ත් පුර
පිපුණු සිරි දැක තුටින්
උදම් වූ සිත් ඇති ව
රියේ වේගය කඩා
ඇමතුවෙමි පුරුදු ලෙස
හඳ හාමි ලෙස හැඳින
හඳ හාමි නැත කතා
රවයි මා දෙස බලා
නොදන්නා අයෙකු සේ
කෝපයක් ගෙන උවන
අඹයි මා සැහැසි ලෙස
දඩයමේ යන විලස
වේගයෙන් ගිය ද මම
අඹා එයි සැහැසි ලෙස
පිරුණු හඳ පර්ත් පුර
රවයි මා දෙස නිබඳ
මිතුරු බස් දොඩන්නට
නැවතීමි රථය මම
මට පුරුදු කතා බස් දෙඩූවෙමි
දොඩා හඳ හාමි යැයි
උරණ වූ මුත් එතුම
සක් ඳෙවිඳු පෙර දවස
ඇඳී බව ඔහු රුව ද
සදාකාලික හඳක
මට පුරුදු කතා බස් කීවෙමි ය
හඳ හාමි යැයි දොඩා
උරණ වූ පර්ත් හඳ
රවා සිය රළු උවන
පැවසී ය වහසි බස්
මිතුරු බස් නොදොඩාම
මේට් නුඹ දැන ගනුව!
උඹට හුරු හඳ නොවේ
ඔසී හඳ වෙමි ය මම
එපා මට නුඹ කියන
තෙවන ලෝකේ කතා
ඔසී හඳ වෙමි ය මම
වෙමිය හඳ පර්ත් පුර
නුඹේ ගම නොවේ මෙය
ඔසී වුව නුඹ හදින
නුඹේ හඳ නොවේ මම!
එසේ කී ඔසී හඳ
සැඟවීය මා අතැර
පිරුණු හඳ වී අහස
මනරම් වු පර්ත් පුර
රවයි මා දෙස බලා
මහා රිය වේ මඟක
රියක් පැද වූ දිනක
රැ යමේ මා තනිව
රැවූමු‘ත් ඔහු මදෙස
හඳ හාමි පර්ත් පුර
පිපුණු සිරි දැක තුටින්
උදම් වූ සිත් ඇති ව
රියේ වේගය කඩා
ඇමතුවෙමි පුරුදු ලෙස
හඳ හාමි ලෙස හැඳින
හඳ හාමි නැත කතා
රවයි මා දෙස බලා
නොදන්නා අයෙකු සේ
කෝපයක් ගෙන උවන
අඹයි මා සැහැසි ලෙස
දඩයමේ යන විලස
වේගයෙන් ගිය ද මම
අඹා එයි සැහැසි ලෙස
පිරුණු හඳ පර්ත් පුර
රවයි මා දෙස නිබඳ
මිතුරු බස් දොඩන්නට
නැවතීමි රථය මම
මට පුරුදු කතා බස් දෙඩූවෙමි
දොඩා හඳ හාමි යැයි
උරණ වූ මුත් එතුම
සක් ඳෙවිඳු පෙර දවස
ඇඳී බව ඔහු රුව ද
සදාකාලික හඳක
මට පුරුදු කතා බස් කීවෙමි ය
හඳ හාමි යැයි දොඩා
උරණ වූ පර්ත් හඳ
රවා සිය රළු උවන
පැවසී ය වහසි බස්
මිතුරු බස් නොදොඩාම
මේට් නුඹ දැන ගනුව!
උඹට හුරු හඳ නොවේ
ඔසී හඳ වෙමි ය මම
එපා මට නුඹ කියන
තෙවන ලෝකේ කතා
ඔසී හඳ වෙමි ය මම
වෙමිය හඳ පර්ත් පුර
නුඹේ ගම නොවේ මෙය
ඔසී වුව නුඹ හදින
නුඹේ හඳ නොවේ මම!
එසේ කී ඔසී හඳ
සැඟවීය මා අතැර
පිරුණු හඳ වී අහස
මනරම් වු පර්ත් පුර
Thursday, August 13, 2009
A deprived generation strikes back
by Ajith Samaranayake
The season of peace on earth and goodwill to all men and the extinguishing year bring back old friends traversing the continents and crossing frontiers. From Perth, Australia comes Sunil Govinnage and from Hawaii Wimal Dissanayake.
And where does Sunil take us for lunch but to the Hilton sitting in easy proximity to Lake House where in the placid waters of the pond by the restaurant swans, black and white lazily amble under a thin drizzle. So here is a microcosm of the urban Sri Lankan condition. Expatriate academic and expatriate writer take journalist friend for lunch to five-star hotel to munch over old times, a vanished world.
Living in Australia for 16 years Sunil Govinnage is much preoccupied with what he terms 'the diasporic condition'. It is a situation common to most Sri Lankans, whether Sinhala or Tamil, who have uprooted themselves either voluntarily or under compulsion, to transplant themselves uneasily and unsteadily in alien soil sometimes hostile or resistant to them.
Whether it is communal conflict, a sense of uneasiness at social change, ambitions for their children or other reasons which drive people to foreign climes the fact remains that there is a large and sprawling Sri Lankan diaspora spread across the global village.
Some of them might be comfortable in their adopted homes, others uneasy, yet others desperately nostalgic for their forsaken motherland but the diasporic condition is the badge of our times uprooting people from a country splintered and riven by multiple differences.
Most of these people will never return home except for brief jet-propelled excursions where too they will live within a small foreign cocoon. To their children Sri Lanka will be a distant and dim memory, a strange country, a foreign people, an exotic land.
In his poem 'To our daughter who is on the move' Govinnage writes.
You write from Toronto, Warner Troyer's country now I have to call it Ondaatje's country!
"I got the message you left last night, I was at ice hockey with my friend.
The leafs won 4-0!"
What to me is ice hockey? Who to me are leafs?
For me leaves are for falling, like life; like your fondness for us.
Although the diasporic parents and elders may be troubled by the uncertain fondness of their offspring, the children will have few such doubts and anxieties. They are the true citizens of the global village with only dim memories of their original homes and all the world as their home, a far cry from the lost lament of an earlier time of the Indian poet Dom Moraes for example who cried 'Never at home' in his autobiography.
Moraes and Govinnage belong to a generation old enough to remember other and sunnier times and feel a nostalgic twinge for what they have foresaken. The brief return home has awakened the (Sinhala) Muse in Govinnage who shows me a poem he had written at Singapore Airport on his way back. Earlier he had written:
My Sinhala poems sleep in a back room
Lamenting their exile
Like children forbidden from play.
Home and exile, Sinhala and English, coupled or juxtaposed, are then the dilemmas and the anxieties of the more sensitive of the diaspora.
Govinnage for example talks nostalgically about his school days at Isipathana Vidyalaya, of the homes he had known in Kalutara and Kiribathgoda and meeting Wimal Dissanayake kindles old memories of literary life in the late 1970s, in hindsight a golden afternoon, of newspaper columns and radio discussions, of the long corridors of the SLBC, of departed friends such as the incomparable Dayasena Gunasinghe, poet, journalist and good companion.
Wimal Dissanayake himself is a busy academic gravitating between Hawaii and Hong Kong, Sri Lanka's original media guru, an acknowledged authority on the Asian Cinema and a much sought-after guest lecturer on the seminar circuit.
All three of us are conscious of belonging to a privileged class not only because we are eating at the Hilton off Sunil's Australian money but because we belong to the English speaking Brahmin caste which has for good or ill had such a profound influence on post-Independence Sri Lanka.
However we assuage our guilt by thinking that although we speak and write in English we are not wholly alienated from the mainstream of society, that indeed we speak and read Sinhala, that we have led our lives interpreting for the English readership the works of literature, drama and cinema being produced in Sinhala. But is this life of the literary middle-man satisfactory? Have we fallen between two stools?
Such a sense of self-doubt and anxiety can become acute particularly when we are faced with what looks like the triumph of popular culture. True, there are serious literary, dramatic and cinematic works still emerging but these are being increasingly swamped by the trivia of television and radio and the tabloid sections of the popular press which are holding the emerging semi-literate lower middle class young produced by a half-baked education in a steady thraldom.
Have we then betrayed this emerging generation? All three of us could remember a time when there was serious intellectual and literary discussion in the press and over the airwaves, the days of Sarachchandra, Regi Siriwardena, A.J. Gunawardena, of 'Vivechana Saha Vimarshana' on radio presented by Tilaka Sudharman de Silva and even the later time in the 1980s of stormy literary seminars at the Public Library with Prof. Sucharitha Gamlath at the centre.
But now the storm has receded and an uneasy lull has settled on the land. It is broken only by the babble of an ill-digested post-modernism among the more literary young. This itself is quite a phenomenon of our times.
It is almost as if the Sinhala-educated generation has wrought its revenge on the bi-lingual brahmins by resorting to the gobbledegook of post-modernist theory, post-modernism is not the easiest of pabulum to digest and this is compounded when the young admit that they have learnt English by themselves, through their own efforts, without aid from teachers or elders in order to read this new literature.
So this is a different kind of 'kaduwa,' deprived of an education in English by the organised system the young are striking back in the language of the French structuralists, linguists and post-modernists, and what is more they have no sense of piety or reverence for the old Brahmins. They are in a fierce iconoclastic mood.
Again the nagging doubt; have we betrayed them now that they no longer need us? In a mood of nostalgia, euphoria and half melancholia our long lunch comes to an end.
The drizzle has ceased. The swans continue their serenade. The exiles will return to their chosen exile.
Note: extracts from Sunil Govinnage's poems are from 'White Masks: an anthology of new Australian poetry.

කවියා
දිගන්තයේ පැතිරී ගිය
නුබ කුස පියසක් වන සඳ
තුරු වදුලක් රුක් සෙවනක්
ජීවිතයට වියන් බඳියි
පංකාවක සිසිලෙන් නොව
ගත දැවටෙන සුළං රොදින්
ජීවන සරතැස නිමවෙයි
ලොව දස අත විසිරී ඇති
සුදු කළු වූ මිනිසුන් සැම
ලේ නෑයන් වූ මා හට
මව් පිය නෑයන් කුමට ද?
බිම් අඟලක උරුමය ගැන
ලියවුණු පත් ඉරු කුමට ද?
ලොව දස අත පැතිරී ගිය
බිම් උරුමය ලද මා හට
නෙක මන්දිර අටු කොටු හැම
වට කොට වැට බඳිණු කුමට?
ඉන් නො බැඳුණු වා ගැබ රැඳි
සුළං රොදක් වන්නෙමි මම
1976, කොළඹ
නුබ කුස පියසක් වන සඳ
තුරු වදුලක් රුක් සෙවනක්
ජීවිතයට වියන් බඳියි
පංකාවක සිසිලෙන් නොව
ගත දැවටෙන සුළං රොදින්
ජීවන සරතැස නිමවෙයි
ලොව දස අත විසිරී ඇති
සුදු කළු වූ මිනිසුන් සැම
ලේ නෑයන් වූ මා හට
මව් පිය නෑයන් කුමට ද?
බිම් අඟලක උරුමය ගැන
ලියවුණු පත් ඉරු කුමට ද?
ලොව දස අත පැතිරී ගිය
බිම් උරුමය ලද මා හට
නෙක මන්දිර අටු කොටු හැම
වට කොට වැට බඳිණු කුමට?
ඉන් නො බැඳුණු වා ගැබ රැඳි
සුළං රොදක් වන්නෙමි මම
1976, කොළඹ
හඬා වැලපෙන දිවයිනකින් පැමිණි විප‍්‍රවාසීන්ට ලියූ කවියකි
FOR THOSE DIASPORIC ISLANDERS WHO LEFT BEHIND A WHEEPING LAND!
හදේ දුක් තවරලා දිවේ වදනක් රඳා සඟවලා නොකී වදනක් මුව‘ග හැර දමා අප නිවෙස් රැඳී ඇත දුරු රටක මවා මව් බිමක් දුර හඬා වැලපෙන රටක අපේ හද පැතුම් නෙක සදා හදවතක සුව මවා මව් බිම සිහින ලබා දෙයි සහයෝග යුද වැදෙන උතුරු දකුනේ පිරිස් රකින්නට මතකයේ මැවූ රට ලබා දී ලද ඩොලර සහ අපේ හද පැතුම සදා විස දරු මනස දමා ආ අපේ රට මරන්නට එකිනෙකා හඬා වැලපෙන රටක මරුණු දරුවන් ගැන ම දුක් වැදූ මවුන් ලෙස නොසිතාම ඔවුන් දුක සිතේ අප මවා ගත් දමා ආ රටක් ගැන සාමයක් පතුරන්ට මවා සිත වෛරයක් නොසිතාම එකිනෙකා හදේ රැඳි දුක් පවුරු මවන්නෙමු රටක් ගැන සිහිනයක් දොඩන්නෙමු රටක් ගැන අප නිබඳ යවන්නෙමු ලබා ගත් නෙක ඩොලර තෑගි ලෙස පැතුම් හා පින් වදන් තවරලා සදන්නට අප නිවෙස් හඬා වැලපෙන රටක මතකයේ දිවයිනක රැඳුණු අප දරුවනට එකිනෙකා මරන්නට නොම දැනම උන් මුවග වදන් සේ සලන්නෙමු ඇස් කඳුළු යවන්නෙමු සදා ගත් නෙක ඩොලර හඬා වැලපී නිබඳ දමා ආ නිවෙස් ගැන පවත්වන්නට නිබඳ මතකයෙන් සදා ගත් රටක් ගැන නොදොඩා ම එකිනෙකා මතක දිවයිනෙන් ආ යුද බිමෙන් මුදා ගත් අපේ දරුවන් හදේ නැත කිසිම ශෝකයක් නැත රැඳී මව් බසක් මතකයේ මවා ගත් රටක් ගැන හදේ දුක් තවරලා දිවේ වදනක් රඳා සඟවලා නොකී වදනක් මුව‘ග හැර දමා අප නිවෙස් රැඳී ඇත දුරු රටක මවා මව් බිමක් දුර අඬා වැලපෙන රටක සුනිල් ගෝවින්නගේ | We have left our homes And arrived in alien countries With a grief in the heart And a language in our tongue And unspoken words in our mouth About an imagined home land. We have supported Two warring parties In the north and south To keep a fading dream In our heads, And to keep our hopes For an imagined home land. We have given our dollars and hopes And poisoned the minds of our kids Left behind To kill each other creating A weeping land Like their mothers Who are crying for the dead. And we still keep our hopes About an imagined home land And talk about a peace with a hatred In our hearts towards each other. We dream about a country And talk about a country Sending our dollars Tucked with our hopes and prayers To create our homes again In a weeping island Where our children kill Not knowing each other As they speak different words. We have shed our tears Sent our dollars for a cause To maintained an imagined home land Lamenting over our lost homes And not talking with each other. Our children whom we have salvaged Have no grief in their hearts And words in their tongues About an imagined home land. We have left our homes With a grief in the heart And a silent language in our tongue And unspoken words in our mouth About an imagined home land. Sunil Govinnage |
සුනිල් ගෝවින්නගේ පද්‍ය නිර්මාණ අඩවිය අද ඇරඹිණ
පර්ත් ග්‍රාමවාසී සුනිල් ගෝවින්නගේ ගේ පද්‍ය නිර්මාණ හුදී ජන රස විඳුම සඳහා ඉදිරිපත් කිරීමේ අරමුණින් මෙම බ්ලොග් අඩවිය අද (13/08/2009) දින ආරම්භ කෙරිණ.
Subscribe to:
Posts (Atom)