ලියන්නට හදන විට නොලියු පෙර කවි සිතක්
දුම්රිය ද හඬ නගා යයි විදුලි රැහැන් යට
ඉර ඇදී සිනාසෙන ලකුණු ඇතිමුත් අවට
වින්ටරේ සීතලය බැඳී ඇත මා අවට
බෙලෙක් සංගීත හඬ දුම්රියේ හඬ මකයි
මා නොදත් පොත් අතැති දනෝ මා වට සිටිත්
කමිසයේ සාක්කුව ඇත පෑන ලියන්නට
ලබා කොල අත පෑන මම සොයමි කවි මනස
බෙලෙක් සංගීත හඬ දුම්රියේ හඬ මකයි
මා නොදත් පොත් අතැති දනෝ මා වට සිටිත්
කමිසයේ සාක්කුවෙ ඇත පෑන ලියන්නට
පෑන ගෙන මම සොයමි නැති ව ගිය කවි මනස
සිත ලබන විට මතක දිවයිනක ජය හඬක්
නැති වු මව් බිම ගැනය සිත හඬන්නේ අදත්
යා යුතුව ඇති නමුත් කරන්නට සේවයක්
නොමැත ගෙන යන්ට තව දැනුම රැඳ වූ හිසක්
දුම්රියේ දනන් මා වෙත හෙළන සුදු බැලූම්
ගැන පමණි ලියන්නට තිබෙන්නේ මට අදත්
මහළු වූ කුදු ගැසුණු තෙවන ලොව මිනිසෙක් ය
ජීවිතේ සැඳෑ විය මැකෙන තව දවසක් ය
(2009 ජූනි 30)
Monday, August 17, 2009
Subscribe to:
Post Comments (Atom)
මේ මම සුනිල් අය්යගේ කියවූ ලස්සනම කවියක්.මුලු කවියම නිහඬ චිත්‍රපටියක් වගේ. අන්තිම කවිය ගොඩාක් ම හිතට දැනෙන කවියක්.තමන්ගේ කියා රටක් සහ මිනිසුන්ද සිටින් නමුත් සුදු මිනිසුන් අතර තනිවෙන්න වූ විට දැනෙන හැඟීම එම කවිය තුල රඳවලා. ඒක හුඟක් නිරායාසයෙන් විඳගන්න පුලුවන් කවියක්.
ReplyDelete