Sunday, August 30, 2009

පරාවර්තනය

නොතින් ආසා පිරුණු
තරුණ හද පෙරටු කොට
මැකෙන දිවි මං පෙතේ
විරාමය සොයමි මම

සුළඟ කෙඳිරිය නගයි
කරයි පැමිණිලි නිතර
උරණ වී අහස් කුස
ලතවේ ය අසරණව

ජනේලෙන් මා දකින
ඈත තනි සිතිජයේ
ගිරිකුළු ද වනපෙත් ද
නිවෙස් මෙන් අසරණ ය.

පයින් ගස් අතු නමා
දුකින් බර වී හඬයි
ලොව දුකින් වැලපේය
විහඟ ගී හඬ මරා

මහළු වූ අහස් කුස
දුබල නෙත් විවර කොට
විමතියෙන් බලන සඳ
කණ්ණාඩියේ මැවෙන
මහළු වත දකිමි මම.

(මතක දිවයින කාව්‍ය සංග‍්‍රහයෙනි)

No comments:

Post a Comment