Friday, August 28, 2009

මයිකල් ජැක්සන්ගේ මරණය

ඔබ ගැයූ ගී මෙන්ම
අසා ඇත්තෙමි
ඔබ ගැන ද බොහෝ දේ
ජලය මෙන් මහ සයුර

කළු කොලූවකුව සිටි කාලයේ සිට
අසා ඇත්තෙමි බොහෝ දේ
ඔබ ගැන ද
සුළඟ සේ පැතිර ගිය

බාල කල රුව දුටූ විට වරක්
මාර්ක් ට්වේන් මැවූ
කළු චරිතයක් යැයි සිතිණ මට

පියාගෙන් අතවර ලබා
ළමා විය වියැකුණ ද
පිපිණ ඔබ
වසන්තේ මලක් සේ

සඳ තරණය කරන්නට නොහැකිවුව
කළ අයුරු සඳ ගමන පොළෝ මත
තිබෙනු ඇත මතකයේ
අප යළිත් මුණ ගැසෙනතුරු සසර

නැති වුව ද වෙසෙන්නට
නෙවලෑන්ඞ් වැනි මැදුර
මම ද ඉඳි කළෙමි මෙහි
කුඩා නිවසක් අපට
කුඩා කඳු ගැටය මත
නැති වුවත් එහි අගය

මා ලියූ කවි කුමට
අරුත් නැත එහි දැවටි

මගේ කවි සේ නොවේ
ඔබ ගැයූ ගී නිබඳ
සරනු ඇත ලෝ ගැබම
ඉර හඳ ද මැරෙන තුරු
කුමට තව පරි කථා

මළ පුවත ඔබ අසා
කිම ද කම්පා වූයෙ
වින්ටරේ උදෑසන
ජීවිතය තණ පතක
දිය බිඳක් බව දැන දැනම!

No comments:

Post a Comment