මරණය සෙවනැල්ලක් වී
මා වට පැදකුණු කරයි
කළු දත් විලිස්සා
මට සරදම් කරයි
නොලියු කවි පද
තණ අග පිනි වෙත
නොලැබු සෙනෙහස
කාන්දු වෙයි
හිල් වූ ජීවිත බදුනෙන්
වියැකී යන දෙනෙතින් දකිමි මම
ජීවිතයේ බොඳ වූ සිහිනය
මරණය සෙවනැල්ලක් වී
මා වටා පැදකුණු කරයි
අවසාන පැය රැගෙන මරණය එයි
පැරණි ණයකරුවකු සේ
දිවියේ නිති දහම ඔබයි
සුගත් හිමි දහම් මනසේ වපුරමින්
මම නොසැලෙමි
පිදුරුතලාගල කන්ද ලෙසින්
මරණය සෙවනැල්ලක් වී
කළු දත් විලිස්සා
මා අඹා එද්දී
මම නොසැලෙමි
පිදුරුතලාගල කන්ද ලෙසින්
(මතක දිවයින කාව්‍ය සංග‍්‍රහයෙනි)
Sunday, August 30, 2009
Subscribe to:
Post Comments (Atom)
සැලෙන්නට අවැසි නැත
ReplyDeleteදිරිය හදක් ඔබට ඇත
සසර සක තුල නැවෙත
ඉපදෙනු ඇත නුඹ මෙදියත
මහා කවියකු විලස
උතුම මිනිසෙකු ලෙසට.......