Thursday, August 13, 2009

හඬා වැලපෙන දිවයිනකින් පැමිණි විප‍්‍රවාසීන්ට ලියූ කවියකි
FOR THOSE DIASPORIC ISLANDERS WHO LEFT BEHIND A WHEEPING LAND!






හදේ දුක් තවරලා
දිවේ වදනක් රඳා
සඟවලා නොකී වදනක් මුව‘ග
හැර දමා අප නිවෙස්
රැඳී ඇත දුරු රටක
මවා මව් බිමක් දුර
හඬා වැලපෙන රටක

අපේ හද පැතුම් නෙක
සදා හදවතක සුව
මවා මව් බිම සිහින
ලබා දෙයි සහයෝග
යුද වැදෙන
උතුරු දකුනේ පිරිස්
රකින්නට මතකයේ මැවූ රට

ලබා දී ලද ඩොලර
සහ අපේ හද පැතුම
සදා විස දරු මනස
දමා ආ අපේ රට
මරන්නට එකිනෙකා
හඬා වැලපෙන රටක
මරුණු දරුවන් ගැන ම
දුක් වැදූ මවුන් ලෙස

නොසිතාම ඔවුන් දුක
සිතේ අප මවා ගත්
දමා ආ රටක් ගැන
සාමයක් පතුරන්ට
මවා සිත වෛරයක්
නොසිතාම එකිනෙකා හදේ රැඳි
දුක් පවුරු

මවන්නෙමු රටක් ගැන සිහිනයක්
දොඩන්නෙමු රටක් ගැන අප නිබඳ
යවන්නෙමු ලබා ගත් නෙක ඩොලර
තෑගි ලෙස පැතුම් හා පින් වදන් තවරලා
සදන්නට අප නිවෙස්
හඬා වැලපෙන රටක
මතකයේ දිවයිනක
රැඳුණු අප දරුවනට
එකිනෙකා මරන්නට නොම දැනම
උන් මුවග වදන් සේ

සලන්නෙමු ඇස් කඳුළු
යවන්නෙමු සදා ගත් නෙක ඩොලර
හඬා වැලපී නිබඳ දමා ආ නිවෙස් ගැන
පවත්වන්නට නිබඳ
මතකයෙන් සදා ගත් රටක් ගැන
නොදොඩා ම එකිනෙකා
මතක දිවයිනෙන් ආ

යුද බිමෙන් මුදා ගත්
අපේ දරුවන් හදේ
නැත කිසිම ශෝකයක්
නැත රැඳී මව් බසක්
මතකයේ මවා ගත් රටක් ගැන

හදේ දුක් තවරලා
දිවේ වදනක් රඳා
සඟවලා නොකී වදනක් මුව‘ග
හැර දමා අප නිවෙස්
රැඳී ඇත දුරු රටක
මවා මව් බිමක් දුර
අඬා වැලපෙන රටක

සුනිල් ගෝවින්නගේ

We have left our homes
And arrived in alien countries
With a grief in the heart
And a language in our tongue
And unspoken words in our mouth
About an imagined home land.

We have supported
Two warring parties
In the north and south
To keep a fading dream
In our heads,
And to keep our hopes
For an imagined home land.

We have given our dollars and hopes
And poisoned the minds of our kids
Left behind
To kill each other creating
A weeping land
Like their mothers
Who are crying for the dead.

And we still keep our hopes
About an imagined home land
And talk about a peace with a hatred
In our hearts towards each other.

We dream about a country
And talk about a country
Sending our dollars
Tucked with our hopes and prayers
To create our homes again
In a weeping island
Where our children kill
Not knowing each other
As they speak different words.

We have shed our tears
Sent our dollars for a cause
To maintained an imagined home land
Lamenting over our lost homes
And not talking with each other.

Our children whom we have salvaged
Have no grief in their hearts
And words in their tongues
About an imagined home land.

We have left our homes
With a grief in the heart
And a silent language in our tongue
And unspoken words in our mouth
About an imagined home land.

Sunil Govinnage

No comments:

Post a Comment