Monday, August 31, 2009

රෝගී වූ මිතුරකුට ලියූ කවියක්

තුරුණු විය පලා ගොස් සැඟව අපටත් හොරා
ගෙවී ඇති‘මුත් දවස් වසර ගණනින් සදා
මිතුරුකම් රැඳී ඇත ගල් ටැඹක අකුරු සේ
මවා අප කළ කතා මැකෙන මතකය මරා

අසනීප වී ඔබත් රෝග පුටුවක් සදා
සිටින වග දැන්වීය ඔබේ සොයුරා එදා
පැමිණි දින මේ රටට නිවාඩුව ලැබ සොඳා
මගේ හද හැඬුවේය මිතුරු සුවයක් පතා

ජීවිතේ මං පෙතේ අප සෙමෙන් දුවන විට
අට දහම අතර මැද රෝග දුක් රැඳෙනු ඇත
ඔබ තවත් දිවි මගේ ඇවිදීම නිසැකම ය
මගේ ආයුස පවා කෙටිය අද එවන්නට


(ජූලි 2009)

No comments:

Post a Comment