පිරුණු හඳ පර්ත් පුර
රවයි මා දෙස බලා
මහා රිය වේ මඟක
රියක් පැද වූ දිනක
රැ යමේ මා තනිව
රැවූමු‘ත් ඔහු මදෙස
හඳ හාමි පර්ත් පුර
පිපුණු සිරි දැක තුටින්
උදම් වූ සිත් ඇති ව
රියේ වේගය කඩා
ඇමතුවෙමි පුරුදු ලෙස
හඳ හාමි ලෙස හැඳින
හඳ හාමි නැත කතා
රවයි මා දෙස බලා
නොදන්නා අයෙකු සේ
කෝපයක් ගෙන උවන
අඹයි මා සැහැසි ලෙස
දඩයමේ යන විලස
වේගයෙන් ගිය ද මම
අඹා එයි සැහැසි ලෙස
පිරුණු හඳ පර්ත් පුර
රවයි මා දෙස නිබඳ
මිතුරු බස් දොඩන්නට
නැවතීමි රථය මම
මට පුරුදු කතා බස් දෙඩූවෙමි
දොඩා හඳ හාමි යැයි
උරණ වූ මුත් එතුම
සක් ඳෙවිඳු පෙර දවස
ඇඳී බව ඔහු රුව ද
සදාකාලික හඳක
මට පුරුදු කතා බස් කීවෙමි ය
හඳ හාමි යැයි දොඩා
උරණ වූ පර්ත් හඳ
රවා සිය රළු උවන
පැවසී ය වහසි බස්
මිතුරු බස් නොදොඩාම
මේට් නුඹ දැන ගනුව!
උඹට හුරු හඳ නොවේ
ඔසී හඳ වෙමි ය මම
එපා මට නුඹ කියන
තෙවන ලෝකේ කතා
ඔසී හඳ වෙමි ය මම
වෙමිය හඳ පර්ත් පුර
නුඹේ ගම නොවේ මෙය
ඔසී වුව නුඹ හදින
නුඹේ හඳ නොවේ මම!
එසේ කී ඔසී හඳ
සැඟවීය මා අතැර
පිරුණු හඳ වී අහස
මනරම් වු පර්ත් පුර
Friday, August 14, 2009
Subscribe to:
Post Comments (Atom)
සඳ සඳ වගේ
ReplyDeleteඔබ ඔබ වගේ
නුහුරැද පර්ත් අහසේ
තුන්වන ලෝකයේ
බැබළුන සඳේ
සඳ සිසිල සේ
නැග අඹරගේ
නැත දිස් වුයේ
වෙනසක් සිතේ
සිත සිතමය සඳේ
වූ විට ඝණ රැයේ
මග තොට වුවද
තනිකම නැතේ
සඳ සඳ වගේ
ඔබ ඔබ වගේ