විසූ කල රට නිවස උණුසුම ගත රඳවමිනේ
සිහිතල ලොව මා වට ඇත අත් පා මා වෙවිලන්නේ
උණුසුම සොයමින් සිටි දින හිමිදිරි යේ සුව අරණේ
ඔබ රුව දුටුවෙමි පුතුනේ ගං දිය මැද වන අරණේ
මුදවා නුඹ යුදයෙන් අප සරණක් දුන් පෙර දිනයේ
සතුටක් නුඹ සිත ගැවසුණු පුවතකි මා අද දන්නේ
කිම නුඹ අද ගංවතුරක තනියම අද හිමිදිරියේ
මුදවා ගෙන ආ සරණය කෙළෙස අද දියවන්නේ
රැක ගෙන මරු යුදයෙන් පෙර මා දරුවන් මෙහි රැකුණේ
ඒ සැනසුම දිය විය අද දැකුමෙන් නුඹ රුව පුතුනේ
ඇයි නුඹ කිම හිමිදිරියේ තනියම අද ලතවන්නේ
බස නොලැබී ලද පාපය ලැබුවෙද මා පුතනුවනේ
දැය රකිනා නිරිඳුනි කිම ඔබ නෙත් යුග අද වැසුනේ
තෙරුවන් වැඳ නෙත් බැබලූ හදවත කිම නොම සැලුණේ
අරලිය රැඳි මහ මැදුරක දිවි පෙත ඔබ බැබලෙන්නේ
මැතිඳුණි කිම සිරකර අද අප දරුවන් වන අරණේ
කුමන මා පියන් ගුණ රුව ලැබුණේ ද
කුමන බසක් නුඹ මුව හෙට රඳනේ ද
අමන පැන කුමට අප දරුවන් නොවෙ ද
කුමන පවට තිසරණ නෙත් වැසුණේ ද
(එතෙර දිවයිනකට ගොස් තම දරුවන් රැක ගත් හෙළ බසින් ගුරුළු ගෝමීන් ලියූ පොත් කියවන පහත රට සිංහල කවියකු එතෙර මෙතෙර සියළුම සිංහල බොදු ජනතාවගේ පහන් සංවෙදය පිණිස ලියූ කවියකි)
Monday, August 31, 2009
Subscribe to:
Post Comments (Atom)
A story of a bitter truth in Sri Lanka. I love this poem but it hurts.
ReplyDeleteඅනුෂ්ක මල්ලී,
ReplyDeleteප‍්‍රතිචාරයට ස්තුතියි .
මට කුමක් නමි කිව හැකි ද
1971 කැරැල්ල සමයේ ලංඩනයේ විසූ ගුණදාස අමරසේකර කවියා දින පොතේ ලියූ කවිය ,මගේ මතකය පරිදි නිම කරන්නේ මෙසේ ය:
"මම කවියෙකි හදැති සසළ
ලෝ සත හැම දුක වළඳන
එදුක ලොවට කියනු විනා
නොමැත මසිත අන් යුතුකම"
එදා එසේ කියූ ප‍්‍රබුද්දයන් මෙදින නිහඬව සිටින්නේ මෙකී දරුවන් ත‍්‍රසතයන් සේ හඳුන්වන නිසා ද?