(මතක දිවයිනේ රැඳුණු තරුණ කවියකුටය)
තරුණ නුඹත් කවියෙකු වී ලෝකය ගැන කවි ලියනව
තනි යායක් නො වූ ලොවක තොරතුරු ගැන මට කියනව
සේකර මහ කවියා ගැනත් මහ ලොකු නෙක පැන නඟනව
කොම්පියුටර මැද හිරවුණු බිත්ති අතර නුඹ වෙසෙනව
ඒ වුනාට බිත්ති මැදින් පියඹා නුඹ කවි ලියනව
පියා ගැනත් ඉඳල හිටල මහ ලොකු පැනයක් නගනව
ඒ වුනාට ජීවිතයම කවියක් බව මට කියනව
ලොවේ වෙසෙන කවියන් වෙත අසුර සැණින් කවි යවනව
මගේ පුතා මිනිසෙකු වී ලෝකයෙ කවි නැහැ කියනව
තනි යායක් වූ ලෝකෙක සතුටු ඉපිළි මැද වෙසෙනව
සේකර මහ කවිය නොදැන බෙලෙක් හඬට වශී වෙනව
සොඳුරු ලොවක හෝටලයක කුස්සිය මැද ගිනි තපිනව
මතක රටේ වෙසෙන නුඹත් ලෝකය ගැන කවි ලියනව
එතෙර රටේ වෙසෙන මාත් මගේ දුකට කවි හදනව
මා මැරුණම කවි ලියනා අය ගැන සිත දුක තවනව
ලෝකය මහ තනි යායක් ඒ වුනාට දුක රැඳෙනව
Saturday, August 15, 2009
Subscribe to:
Post Comments (Atom)
මේ කවිය ලියැවෙන්නට කුමන හේතුවක් අනුභූතියක් කාරණා වුව ද මට මේ කවිය ඇතුලේ දැනෙන්නේ ඉච්ඡාභංගත්වයේ සීමා මායිම් පැන යන්න වෙර දරන චිත්ත සංග්‍රාමයක්.
ReplyDeleteබෙලෙක් හඩට වශීවෙන සේකරයන් නොහඳුන අලුත් පරම්පරාව ගැන සානුකම්පිත බැල්ම මගේ හිතත් තවනවා.
ඔබට ජය කිවිද!