Thursday, August 20, 2009

වන පෙත අසිරිය

මේ තුරු වන පෙත කිම අසිරිය ගෙන
වින්ටරයේ සිහිතල විඳමින් සුව

මා බිය වූවත් වින්ටර සුළඟට
වන පෙත හිනැහෙයි මා අබියස අද

මා සැම දින යන වේ මග අසබඩ
වන පෙත අසිරිය නැත හමු වී පෙර

වාහන දුම්රිය අතරේ හිර වී
ගිය දින දැක නැත වන පෙත අසිරිය!

මා මන සැනසෙයි වන පෙත දැක්මෙන්
වින්ටරය ද මට සතුරෙක් වූ දින

වන පෙත අසිරිය දසුනේ මවමින්
පැනයක් විමසයි සීතල මනසින්

ජීවිතය ද වෙද දැක නැති වන පෙත
ඇවිදින කල දැක නැත දිවි මං පෙත?

කිම මේ වන පෙත ගැන ලතවන්නේ
වන පෙත සිරි නොබලා නොම යන්නේ?

(ජුන්ඩලප්, බටහිර ඔස්ටේ‍්‍රලියාව)

1 comment:

  1. Dear Mr. Sunil G,

    I am surprising seeing your comment in my humble blog.

    http://chullaganithaya.blogspot.com/2009/08/blog-post.html#comments

    Many thanks for this note , i appreciate a lot.

    :)

    I am a poet of mathematics but not literal. My curious was enlightened on rhyme becaouse i was reading your poetry and found the relationships of sounds and its mathematical formulation as i modelled, want to continue this analysis. Only problem is i am not awear of traditional rhyming rules [wirith] in sinhalese or indian poetry, can you give some ideas on that pls?

    coz it will save lot of time to read the entire rack of books , hope you can write here a simple line that i can start with.

    in any case this is a golden opportunity for me to exchange few thoughts with a very senior intellectual and a great poet!

    thank you very much

    this comment seem to be a personal letter though once i know your email i will correspond through.

    ganithaya

    August 20, 2009 9:49 PM

    ReplyDelete